අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බැඳුම්කර වංචා සියල්ලම අයකරගන්න යයි.මෙන්න සියලුම විස්තරය දැනගන්න

2008 වසරේ සිට මහබැංකු බැඳුම්කර වංචා සිදු වී ඇති බවත්” එමගින් අර්ථසාධක සේවා අරමුදලට අති විශාල හානියක් සිදු වී ඇති බවත් බැඳුම්කර කොමිසම හෙළිදරව් කිරීමෙන් පසුව” එම සියලූම මුදල් අයකර ගැනීම සඳහා නඩු පවරන්නට නීතිපතිවරයාට උපදෙස් දෙන බැව් පසුගිය දා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශ කළේය’

මෙම ප‍්‍රකාශයත් සමග රාජපක්‍ෂ රෙජීමය නියෝජනය කරමින් බැඳුම්කරය පිලිබඳ හක්‍ෂ තලමින් හුන් පිරිසට නිහක්‍ෂ වන ලෙස රාජපක්‍ෂ රෙජීමයෙන් බලපෑම් එල්ල වී ඇත’ වඩාත් විනිවිද භාවයෙන් හා සුපරික්‍ෂාකාරිත්වයෙන් කටයුතු කෙරුන බැඳුම්කර කොමිසම රටේ බුද්ධිමතුන් බහුතරයකගේ විශ්වාසය දිනාගෙන තිබේ’ එවන් තත්ත්වයක් මත තමන් වෙත එල්ල වී ඇති චෝදනාවන් මගහැර පළායාමට තමන්ට කිසිදු හැකියාවක් නොමැති බව රාජපක්‍ෂ ජෙරීමය මේ වනවිට මැනවින් අවබෝධ කරගෙන සිටියි’

මෙම බැඳුම්කර මගඩිය නිසා යහපාලන ආණ්ඩු සමයේ රටට අහිමි වූ මුදල බිලියන 11 ක් වන බැව් පසුගිය වකවානුව පුරාම විරුද්ධ පක්‍ෂය විසින් දිගින් දිගටම චෝදනා කරන ලදී’ එම චෝදනා වලට පිලිතුරු දෙමින් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශ කළේ 2008 වසරේ සිට බැඳුම්කර වංචා සිදුව ඇති බවත්” එයින් රටට අහිමි වූ මුදල බිලියන 4000 ඉක්මවන බැව් බැඳුම්කර කොමිසම විසින් හෙළි කර ඇති බවත්ය’

 

නළුවෙක් කියන්නේ බොරුවේ උල්පත දැන් තියෙනවා හැම එකක්ම රැල්ලට සත්ශ්චන්ද්‍ර එදිරිසිංහ මහතා අද කාලේ කලාවට වෙලා තියෙන දේ කියපු හැටි

වේදිකාවේත්, සිනමාවේත්, පුංචි තිරයේත් එක ලෙස දක්ෂතා පෙන්වූ ප්‍රතිභාපූර්ණ රංගධරයෙක් ලෙස ඔහුව හඳුන්වන්න පුළුවන්. චිත්‍රපට, ටෙලි නාට්‍ය නිෂ්පාදකවරයෙක්, අධ්‍යක්ෂවරයෙක් මෙන්ම පිටපත් රචකයෙක් ලෙස කටයුතු කරන සතිස්චන්ද්‍ර එදිරිසිංහයන් මේ දිනවල දකින්න නොලැබුණු නිසාම අලුත් තොරතුරු දැනගන්න ඔහුට කතා කළා.

මොනවද අලුත් තොරතුරු?
මම ‍ලේඛකයෙක් ලෙස ලියනවා, දේශකයෙක් ලෙස දේශන පවත්වනවා. මිහිඳු සංස්කෘතික පදනමේ වැඩ කරගෙන යනවා. ඒ යටතේ මෙවරත් හයවැනි වතාවට උපහාර සම්මාන උළෙලක් පවත්වන්න සැලසුම් කරලා තියෙනවා. ලබන සතියේ විදේශගත වෙන්න සැලසුම් කරලා තියෙනවා මාස කිහිපයකට.

ඔබ ප්‍රවීණයෙක් ලෙස රූපවාහිනී ටෙලි නාට්‍ය නරඹනවාද?
එක දිගට නරඹන්නේ නැහැ. ටික ටික බලනවා. එහෙම බලන්නේ මොනවද වෙන්නේ බලන්න. නිර්මාණකරුවන්ට පිස්සු නටන්න බැහැ. නිර්මාණයක් කරනකොට මිනිසාගේ හා මිනිස් සංහතියේම උන්නතිය සඳහායි නිර්මාණ කෙරෙන්න ඕන. එක එක්කෙනාට හිතෙන පිස්සු සංකල්ප දාලා මේවා කරන්න බැහැ. රූපවාහිනිය කියන්නේ ප්‍රබල මාධ්‍යයක්. මේවයෙන් කරන්නේ සංස්කෘතිය, සාරධර්ම විනාශ කිරීමක්. ඉඳලා හිටලා හොඳ නිර්මාණ තියෙනවා.

ගොඩක් තියෙන්නේ අනියම් ප්‍රේම සබඳතා, මංකොල්ලකෑම්, කූට කුමන්ත්‍රණකාරී වැඩ වගේම සමාජයට නොහොබිනා වැඩි වැඩයි. ඉතින් මේවා පාලනය කරන මිනිස්සු දැනගන්න ඕන මේවා පාලනය කරන්න. ඒත් එහෙම වෙන්නෙ නැහැ. දැඩි කලකිරීමකට පත්වෙලා තියෙනවා. මම ඒ ගැන කල්පනා කරලා කාලය නිස්ති කරන්න කැමති නැහැ.

ප්‍රවීණ කලාකරුවෙක් ලෙස විදේශ ටෙලි නාට්‍ය මෙරට පෙන්වීම ගැන මොකද හිතන්නේ?
විශ්ව සාහිත්‍ය කෘතියක්, උසස් ගණයේ නිර්මාණයක් මෙරට ප්‍රේක්ෂකයන්ට පෙන්වීම කිසිම වැරැද්දක් නැහැ. අපි ඔෂීන්, මල්ගුඩි දවස මෙරට පෙන්නුවට විරුද්ධ වුණේ නැහැ. අපි ඒවා අගය කරනවා. නමුත් අද ඉන්දියානු ටෙලි නාට්‍යවල පෙන්වන්නේ අඬන්නෙත් මඟුල් ගෙදරට යන ඇඳුම් ඇඳගෙන. උණ ගැනුණාම නිදාගන්නෙත් ඒ ඇඳුම් පිටින්මයි. මේවා බොරු වැඩ. ඒ දේවල් මෙහේ පෙන්වන්න ඕන නැහැ. ඒ නාට්‍ය මෙරට ගෙන්වීමේදී කිසියම් ප්‍රමිතියක් තියෙන්න ඕන.

ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය ඒ ගැන බලන්න ඕන. නමුත් අද 7-10 දක්වා රන් කාලය අවර ගණයේ නිර්මාණවලටයි පාවිච්චි කරන්නේ. මේ රටේ විශාල සෝදාපාළුවක් තියෙනවා. ඒ දේ එන්න එන්නම වැඩිවෙනවා මිසක් අඩුවෙන්නේ නැහැ.

පුංචි තිරයෙන් ඔබ දැන් ඈත්වෙලාද?
ඔව්. වර්තමාන ටෙලි නාට්‍ය කලාවම අර්බුදයක තියෙන්නේ. ගුණාත්මක ටෙලි නාට්‍ය අඩුවෙලා, අවර ගණයේ ටෙලි නාට්‍ය වැඩිවෙලා තියෙනවා. ඒ වගේමයි රූපවාහිනී නාළිකා තමන්ගේ හිතුමතේ ඒගොල්ලන්ගේ මිල ගණන්වලටයි අපේ ටෙලි නාට්‍ය ගන්නේ. ඒ අය ටෙලි නාට්‍යයකට ලබාදෙන මිලකට ටෙලි නාට්‍ය හදන්න බැහැ.

මෙතැන තියෙන්නේ බිරි අලින්ට වීණා වාදනය කරනවා වගේ කතාන්දරයක්. ඒ මත්තේ හැපි හැපී කාලය ගත කරනවාට වඩා එයින් ඉවත්වෙලා ඉන්න එක හොඳයි. ඒ වගේම අද රංගනයෙනුත් ඈත්වෙලා තියෙන්නේ රංගනය අද වහල් සේවයක් වෙලා. කලාවේ අර්ථය හරියට දන්නෙ නැතුව කරන්නන් වා‍ලේ ව්‍යාපාරික මට්ටමින් මොනවා හරි ජරාවක් ඉදිරිපත් කරන කට්ටිය අද වැඩිවෙලා. ඒ අය මෙගා නාට්‍යවල ඉන්න අය. ඒ අයට නළුවන්ගේ ‍‍‍ජ්‍යෙෂ්ඨත්වය, ප්‍රතිභාව වැඩක් නැහැ. අපිට වහල්ලු වගේ දවසේ පඩියට කුලියට වැඩ කරන්න වෙලා තියෙන්නේ. ඒ නිසා දැන් රංගනයෙන් ඉවත්වෙලා තියෙන්නේ.

වර්තමාන සිනමා ක්ෂේත්‍රය ගැන මොකද හිතන්නේ?
1983 තමයි මම අන්තිමට සිනමා කෘතියක් නිර්මාණය කළේ. ඊට පස්සේ චිත්‍රපට හැදුවේ නැහැ. චිත්‍රපට කිහිපයකට රංගනයෙන් දායක වුණා. අද එදා තිබුණාට වඩා චිත්‍රපට කර්මාන්තය කඩා වැටීමකට ලක්වෙලා. කිහිප දෙනකුගේ අතේ තියෙන කර්මාන්තයක් බවට සිනමාව අද පත්වෙලා තියෙනවා. ජාතික චිත්‍රපට සංස්ථාව අද සුදු අලියෙක් වෙලා.

සිරිමාවෝ මැතිනිය පාර්ලිමේන්තුවට පනතක් ගෙනැල්ලා ස්ථාපිත කරලා ‍‍‍ජ්‍යෙෂ්ඨ සිනමාවේදියෙක් වන ආචාර්ය නිහාල්සිංහයන්ගේ යුගය තමයි ශ්‍රී ලංකාවේ සිනමාවේ ස්වර්ණමය යුගය. වරින් වර කර්මාන්තය ගැන කතා කරපු නළු නිළියෝ, විවිධ අධ්‍යක්ෂවරු, නිෂ්පාදකවරු තම තමන්ගේ න්‍යායපත්‍ර ගැන කතා කළා මිසක් ‍පොදු අරමුණකින් කතා කළේ නැහැ.

ඒ නිසා මේක අද වැටිලා තියෙන්නේ. නිකම්ම මේක නමට විතරක් තියෙන තැනක් තමයි චිත්‍රපට සංස්ථාව. එදා නිහාල්සිංහ මහත්තයාගෙ කා‍ලේ තිබුණු පනත මේ ආණ්ඩුවට පුළුවන් නම් ගෙනැත් පෞද්ගලික ව්‍යාපාරිකයාව නිහඬ කරලා නැවත ස්ථාපිත කරන්න සිනමාව හරියනවා. නැත්නම් වැඩක් නැහැ. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් කියන සිනමාවේදියාවත් කියපු දෙය අහපු නැති රටක් මේක. බොහොම ශෝචනීය තත්ත්වයක් අද තියෙන්නේ. හැබැයි ඉතාම දක්ෂ, ප්‍රතිභාපූර්ණ විස්මිත අදහස් තියෙන නිර්මාණකරුවෝ මේ යුගයේ ඉන්නවා. ඒ කුසලතා පිරිස තරුණ පරම්පරාවට අවශ්‍ය පසුබිම චිත්‍රපට කර්මාන්තය තුළ වර්තමානයේ නැහැ.

ඔබ නිර්මාණකරණයෙනුත් ඈත්වෙලාද?
වසර අටකට කලින් තමයි මම නිර්මාණකරණයෙන් ඉවත් වෙන්නේ. එදා 90 ගණන්වල රූපවාහිනී සංස්ථාව දීපු මුදලවත් අද නාට්‍යවලට ගෙවන්නේ නැහැ. ජීවන වියදම ඉහළ ගිහින් තියෙන නිසා අද නිෂ්පාදන වියදම වැඩිවෙලා තියෙනවා.

ගතවූ කාලය දෙස ආපස්සට හැරිලා බලද්දි මොකද හිතෙන්නේ?
සතුට සහ වේදනාව යන දෙකම තියෙනවා. ජීවිතේ යථාර්ථය ඒකයි. ඒවට සැලෙන්නේ නැහැ. නමුත් වර්තමාන පරපුර ගැන වේදනාවක් තියෙනවා.

ඔබ පූර්ණකාලීනව කලාවට යොමු නොවුණේ ඇයි?
1963 සිට 1998 දක්වාම සී.ටී.බි. එකේ වගේම මහවැලි අධිකාරියේ සේවය කළා. ඊට පසුව අවුරුදු දහයක් පූර්ණකාලීන කලාකරුවෙක් ලෙස ටෙලි නාට්‍ය නිෂ්පාදනය කළා. නැවතත් අවුරුදු දෙකක් වාරිමාර්ග අමාත්‍යාංශයේ වැඩ කළා. හෙන්රි ජයසේන, දයානන්ද ගුණවර්ධන, සුගතපාල ද සිල්වා, මහාචාර්ය සරච්චන්ද්‍ර යන අයගෙන් තේරුම් ගත්ත දෙයක් තමයි රැකියාව කරන අතරතුර තමයි කලා නිර්මාණ කිරීම. මොකද පූර්ණකාලීන කලාකරුවෙක් ලෙස වැඩ කරන්න ඒ කා‍ලේ පසුබිමක් තිබුණේ නැහැ.

* මේ හැමදේටම අමතරව ඔබට ගායනයටත් දක්ෂතා ඇති නේද?
මට සින්දු කියන්න පුළුවන්. නමුත් ගායනා කරන්න බැහැ. සුනිල් එදිරිසිංහ ගායනා කරනවා, සතිස්චන්ද්‍ර එදිරිසිංහට සින්දු කියන්න විතරයි පුළුවන්. අපි ගෙදර ඉන්නකොට ජොලියට සින්දු කියනවා. ගායනය තමයි අවුල්.

ඔබේ සතුට රඳා පවතින්නේ වෘත්තීය ජීවිතේ සාර්ථකත්වය මතද?
මම කවදාවත් සල්ලි පස්සේ එළවපු කෙනෙක් ‍නෙවෙයි. මම ආසාවට මුල්තැන දුන්නේ නැහැ. අවශ්‍යතාවටයි මුල්තැන දුන්නේ. මම මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරන කෙනෙක්.

වෘත්තීය ජීවිතය වගේම පුද්ගලික ජීවිතයේ සාර්ථකත්වයේ රහස මොකක්ද?
වෘත්තීය ජීවිතය සාර්ථකයි කියන්න බැහැ. සතුටුදායකයි විතරයි කියන්න පුළුවන්. මීට වඩා තණ්හාව තිබුණා නම් මිල මුදල් උපයාගන්න තිබුණා. නමුත් පුද්ගලික ජීවිතය සාර්ථකයි. විවාහවෙලා මේ අවුරුද්දට අවුරුදු 50ක් වෙනවා. ළමයි තුන්දෙනෙක් ඉන්නවා. ඒ අය දැන් විවාහවෙලා. ඒ තුන්දෙනාම හොඳට ඉගෙන ගත්තා. දරු මුනුබුරෝ හයදෙනෙක් ඉන්නවා.

මමයි, බිරිඳයි ආගමානුකූලව දැහැමිව ජීවත් වෙනවා. අපිට කිසි ප්‍රශ්නයක් නැහැ චාම්, අවංක ජීවිතයක් ගත කරන නිසා. ඒ නිසා පුද්ගලික ජීවිතය තෘප්තිමත්. මම ළඟ මම කියන වචනය නැහැ. අපි කියන වචනය තියෙන්නේ. අපි කියලා හිතද්දි දුක අඩුයි. මම දකින දකින දේ කන්නෙත් නැහැ, බොන්නෙත් නැහැ. අනවශ්‍ය ගමන් බිමන් යන්නේ නැහැ.

රංගනය හැරුණු කොට ජීවිතයේ සතුටු වන වෙනත් දේවල් මොනවාද?
‍පොතපත කියවන්න මම හරි කැමතියි. ඉගෙන ගත්ත දේ උගන්වන්න කැමතියි. නැති අයට උපකාර කරන්න කැමතියි.

සතිස්චන්ද්‍ර එදිරිසිංහ සැබෑ ජීවිතයේ මොන වගේ චරිතයක්ද?
චාම්, අවංකව කටයුතු කරන කෙනෙක්. මොකද නළුවෙක් කියන්නේ බොරුවේ උපත. ඒ මවාපෑම මම කරන්නේ වේදිකාවේ හා කැමරාව ඉදිරියේ පමණයි. මම පුද්ගලික ජීවිතේ රඟපාන්නේ නැහැ. අපේ සම්මානලාභී ඇතැම් නළු නිළියන් ඉන්නවා පුද්ගලික ජීවිතෙත් රඟපානවා. ඒත් මම එහෙම නැහැ.

තිළිණි කරුණාරත්න

තරගයට පැමිණි තරුණයා තරුණියව බදාගෙන ඇලට වැටෙයි කිසිදෙයක් කරගන්න බැරිව තරුණිය ලජ්ජාවෙන් යන්නම යයි

තරගයට පැමිණි තරුණයා තරුණියව බදාගෙන ඇලට වැටෙයි කිසිදෙයක් කරගන්න බැරිව තරුණිය ලජ්ජාවෙන් යන්නම යයි

සුපිරි තරගයක් අතරේ සිදුවූ අවාසනාවන්ත දේ මෙන්න තරුණියට උන්හිටි තැන් අමතක වෙයි

අතරමග තරගය අතහරී ද ?

අතරමග තරගය අතහරී ද ?

Geplaatst door Sirasa TV op maandag 8 januari 2018

මැතිව්ස්ට නායකත්වය දීලා කුසල්ටත් අලුත්ම දෙයක් දීලා නම් කල අලුත්ම ශ්‍රීලංකා කණ්ඩායම මෙන්න

එක්දින හා විස්සයි විස්ස කණ්ඩායම් නායකත්වයට හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් පත් කරන බව ශ්‍රී ලංකා ක්‍රීකට් ආයතනය මීට සුළු මොහොතකට පෙර එම අයතනයේ පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක් වෙමීන් ප්‍රකාශ කර සිටියේය.

පසුගිය වසරේ ජූලි මාසයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම, සිම්බාබ්වේ කණ්ඩායමට එදිරිව තරග 3-2ක් ලෙස ලද පරාජයෙන් පසුව මැතිව්ස් සිය නායකත්වයෙන් ඉල්ලා අස්විය. ඉන්පසුව උපුල් තරංග, චාමර කපුගෙදර, ලසිත් මාලිංග හා තිසර පෙරේරා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරූ අතර ඔවුන් කිසිවකුට නායකයෙකු ලෙස සාර්ථක වීමට නොහැකි විය.

එසේම එම කණ්ඩායම දෙකෙහි උපනායකත්වයට කුසල් ජනිත් පෙරේරාව පත් කරන බවද මෙහිදි ප්‍රකාශ විය.

එසේම ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක්තවයට දිනේෂ් චන්දිමාල්වම පත් කෙරෙන බවත් ටෙස්ට් නියෝජ්‍ය නායකත්ව‍ය රංගන හේරත් පත් කෙරෙන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩි දුරටත් සඳහන් කර සිටියේය.
බංගලාදේශ තරඟාවලිය සඳහා නම් කල ශ්‍රී ලංකා එක්දින සංචිතයද මෙහිදී ප්‍රකාශයට පත් කෙරිණි.

ශ්‍රී ලංකා සංචිතය
ඇන්ජලෝ මැතිව්ස්,කුසල් ජනිත්,නිරෝෂන් දික්වැල්ල,දිනේෂ් චන්දිමාල්,අසේල ගුණරත්න,උපුල් තරංග,ධනුෂ්ක ගුණතිලක,ෂෙහාන් මධුශංක,වනිඳු හසරංග, ,කුසල් මෙන්ඩිස්,තිසර පෙරේරා,දුෂ්මන්ත් චමීර,ලක්ෂාන් සදකැන්,අකිල දනංජය,සුරංග ලක්මාල්,නුවන් ප්‍රදීප්

වස්තිලාට පිස්සු හැදෙන්න කොල්ලෝ කෙල්ලෝ සෙට් එකක් වස්තිලාගේ නයි සින්දුවට කරපු දේ මෙන්න එකනම් සුපිරි

වස්තිලාට පිස්සු හැදෙන්න කොල්ලෝ කෙල්ලෝ සෙට් එකක් වස්තිලාගේ නයි සින්දුවට කරපු දේ මෙන්න එකනම් සුපිරි

ලංකාවේ තවත් සුපිරිම ඩාන්සින් ටීම් එකක් තමා මේ මේකත් සුපිරිම වැඩක්

රුපියල් ලක්ෂ 9ට වැඩි රන්බණ්ඩ වංචාවකට සුපිරි ගායක වික්ටර් රත්නායක මහතාගේ සුරූපී බිරිඳ අද පොලිසියට කොටුවෙයි

පසුගිය කාලය පුරාවට ලංකාවම කතාබහ කල මාතෘකාවක් තමයි වික්ටර් රත්නායකගේ තරුණ බිරිඳ ගැන. පසුගිය කාලයේ ඔහුගේ චරිතය යැයි කියමින් මියුසික් වීඩියෝවක්ද නිකුත්වීම නිසා බොහෝ දෙන උණුසුම් විදියට මේ ගැන කතාබහ කරන්නට පටන්ගත්තා.

ඔන්න ඉතින් නැවතත් මේ පුවත කරලියට පැමිණෙන්නේ එතරම් සුබ ආරංචියක් සමන්ගනම් නොවෙයි. ක්ෂ ගණනක රන් භාණ්ඩ මංකොල්ලයකට වික්ටර්ගේ තරුණ බිරිඳ පොලිසියට බාර වුනු පුවතක් අද අපිට අසන්නට ලැබුනේ ඒ ගැන වැඩි විස්තර සහිත වීඩියෝව පහතින්

 

තරගයට පැමිණි තරුණයා තරුණියව බදාගෙන ඇලට වැටෙයි කිසිදෙයක් කරගන්න බැරිව තරුණිය ලජ්ජාවෙන් යන්නම යයි

තරගයට පැමිණි තරුණයා තරුණියව බදාගෙන ඇලට වැටෙයි කිසිදෙයක් කරගන්න බැරිව තරුණිය ලජ්ජාවෙන් යන්නම යයි

සුපිරි තරගයක් අතරේ සිදුවූ අවාසනාවන්ත දේ මෙන්න තරුණියට උන්හිටි තැන් අමතක වෙයි

අතරමග තරගය අතහරී ද ?

අතරමග තරගය අතහරී ද ?

Geplaatst door Sirasa TV op maandag 8 januari 2018