බැදපු දවසේ හනිමුන් යන වාහනේ රියදුරත් එක්ක ආදරෙන් වෙලුනු මනමාලිය කරගෙන ගිය නියම ආදර අන්දරය මෙන්න

තම බිරිඳ විසින් මුදල් වංචාවක් සිදුකළ බවට සැමියෙකු විසින් කළ පැමිණිල්ලක් අනුව සිදුකළ විමර්ශනවලදී හෙළිවුනු අමුතු ප්‍රේමයක් පිළිබඳව පුවතක් වාර්තාවනවා.

අදාළ සිදුවීම වාර්තාවන්නේ වව්නියාව ප්‍රදේශයෙන්.

මෙම පුද්ගලයා අදාළ කාන්තාව සමඟ විවාහ වී ඇත්තේ මීට මාස 7 කට පමණ පෙරදී බවයි එහිදී අනාවරණ වී ඇත්තේ.

විවාහ වූ දිනයේ ඔවුන් මෝටර් රථයකින් නවාතැන්ගෙන සිටි හෝටලය වෙත ගොස් ඇති අතර එම ගමන්වාරය අතරතුර මනමාලිය සහ මෝටර් රථයේ රියදුරා හඳුනාගෙන තිබෙනවා.

කෙසේ වෙතත් විවාහයෙන් පසුව අදාළ සැමියා විදෙස්ගතවී තිබෙනවා.

ටික කලකට පසුව සැමියා විසින් බිරිඳද තමන් සිටි රටට ගෙන්වා ගැනීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.

එහිදී බිරිඳ විසින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

පසුව තම බිරිඳ පිළිබඳව සැකසිතූ සැමියා මෙරට සිටි ඔහුගේ ඥාතීන් මාර්ගයෙන් තම බිරිඳ පිළිබඳව තොරතුරු විමසා තිබෙනවා.

එවිට අනාවරණ වී ඇත්තේ එම කාන්තාව වෙනත් පිරිමි පුද්ගලයෙකු සමඟ අඹුසැමියන් ලෙස ජීවත්වන බවයි.

ඒ අනුව මෙම පුද්ගලයා විසින් පොලිසියට පැමිණිලි කර ඇත්තේ තම බිරිඳ විසින් තමන්ට මුල්‍ය වංචාවක් සිදුකර ඇති බවටයි.

කෙසේ වෙතත් ඒ අනුව සිදුකළ පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ මෙම කාන්තාව මෙලෙස අඹුසැමියන් ලෙස ජීවත්ව ඇත්තේ ඔවුන්ගේ විවාහ දිනයේ මෝටර් රථය පැදවූ රියදුරා සමඟ බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

hiru news..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *