හදිසියේ සිදුවන දෙයක් නිසා උඩ තට්ටුවෙන් පහලට වැටෙන මනාලියට අවසානයේ සිදුවන දේ සියලු දෙනාම පිස්සු වට්ටයි

මංගල උත්සවය කියන්නේ නම් ඔයාල දෙන්නට තියන ලොකුම ලස්සනම හීනයක් කිවොත් නිවැරදි. ඔයාට තියන්න අන්න ඒ හීනෙට කවුරු හරි මෙන්න මේ වගේ වැඩක් කලොත් ඔය මොකද කරන්නේ කියල බලන්නකෝ.

මේ වීඩියෝව ඇත්තටම සිදු වුනු දෙයක් නෙවෙයි හිතාමතාම සැලසුමකට අනුව කපරු අපුරු සිදුවිමක්. මනාලිය උඩ තට්ටුවෙන් පහලට වැටෙන සිදුවීමක් තමයි මේ. ලනක්වේ මේ වගේ විහිළුවක් කලොහ් නම් ඉතින් ඉදල හමාරයි. බලන්නකෝ වීඩියෝව කොහොමද කියල,

තමන්ගේ පොරොන්දුව ඉටුකරමින් තමන්ගේම පියා අලුත්ම BMW රථයකින්පරලොව යැවූ විශ්මිත පුතා කල දේ ලොවක් මවිත කරයි

නයිජීරියාවේ ජීවත්වන පුද්ගලයෙකු සිය මියගිය පියාගේ දේහය මෙලෙස සුඛෝපභෝගී BMW වර්ගයේ මෝටර් රථයක තැන්පත් කිරීමෙන් පසු රථය මිහිදන් කර තිබෙන්නේ මේ ඒ ගැන සියලුම විස්තර පහත විදියෝවෙන් බලන්න

කවදාවත් අමතක නොවෙන මතකයක් සමගින් නයි පෙන්නපු බන්ගලියන් පරදා ඉන්දියානුවන් සිංහකොඩිය යටින් නිදහස් කුසලානය රැගෙන යයි

නිදහස් කුසලාන 20 විස්ස අද (18) පැවති අවසාන මහ තරගය කඩුළු 04කින් ජය ගැනීමට ඉන්දිය කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් වුණා.

නිදහස් කුසලාන විස්සයි විස්ස තරගාවලියේ අවසන් මහා තරඟයේ කාසිය වාසිය දිනු ඉන්දීය කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුල කඩුලු 08කට ලකුණු 166ක් රැස් කළා.

එහිදී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් සබීර් රෙහෙමාන් ලකුණු 77ක් රැස් කළේ පන්දු 50කදී හතරේ පහර 07ක් සහ හයේ පහර 04ක් සමඟින්.
මහමදුල්ලා ලකුණු 21ක් රැස් කළ අතර තමිම් ඉක්බාල් ලකුණු 15ක් රැස් කළා. කඩුළු 06ක් දැවී ලකුණු 168 රැස්කළා.

මෙහෙදී හසන් නොදැවී ලකුණු 19යි.

පන්දු යැවීමේදී දඟ පන්දු යවන ක්‍රීඩක යුශ්වේන්ද්‍ර චාහල් පන්දුවාර 04 තුල ලකුණු 18කට කඩුලු 03ක් බිඳ දැමු අතර ජාදෙව් උනට්කට් කඩුලු 02ක් බිඳ දැමුවා.

ඒ අනුව ඉන්දීය කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලැබී ඇති ඉලක්කය ලකුණු 167ක්.

පසුව සිය ඉළක්කය සපුරා ගැනීම සඳහා පිටියට පිවිසි ඉන්දිය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 06ක් දැවී ලකුණු 168 රැස්කළා.

srilankan got talant පටන්ගන්නත් කලින් කොල්ලෙක් කෙල්ලෝ දෙන්නෙක්ට මහා පාරේ පෙන්නපු දෙයින් කෙල්ලෝ හොල්මන් වෙයි

srilankan got talant පටන්ගන්නත් කලින් කොල්ලෙක් කෙල්ලෝ දෙන්නෙක්ට මහා පාරේ පෙන්නපු දෙයින් කෙල්ලෝ හොල්මන් වෙයි
ලාංකිකයන්ට ත්‍රාසය භීතිය සියල්ලම ඇති කරමින් මෙම මස 18 පටන්ගැනීමට තිබෙන srilankan got talant වේදිකාවට යන්නත් කලින් ඉදන්ම කොල්ලෝ වැඩ පෙන්නන්න පටන් අරගෙන මේ කියන්න හදන්නෙත් ඒ වගේම දෙයක් බලන්න තරුණයෙක් තරුණියන් දෙදෙනෙකුට මහපාරේ පෙන්නපු දේ

කොන්දොස්තරගෙන් රුපියල ඉල්ල හැඬූ අම්මාට රණවිරුවා තමන්ගේ මුළු පඩියම දන්දෙයි අවසානයේ හිස් අතින්ම සෙබලා ගෙදර යයි

පොඩි පොදයකුත් තිබුණා.. පාන්දර නිසා සීතලත් එක්ක. අඳුරු පැහැ ගත් පරිසරය කෑම සොයන් යන කුරුල්ලන්ගෙන් වර්ණවත් වෙලා.. ටවුන් එකේනම් සුපුරුදු කාර්‍යබහුලත්වය එහෙමමයි. හෙමින් හෙමින් ගාල්ල බස් නැවතුමට පයින්ම කොටපු මගේ ඇගේ සීතලටම හිරිගඩුත් පිපිලා.. ත්‍රී වීල් එකේ අයියා කෙනෙක් හොරාටම සිගරට් එකක් අදිනවා.. කවදාවත් බුලත් විටක්වත් කාපු නැති මට, මේ හීතලට ඒ සිගරට් එකේ අමුතු ආතල් එකක් ඇති කියලත් හිතුනා.

මම හිටියේ මාතරට යන්න. ඉක්මනට යන්න ඕන නිසා දුර ටර්න් එකක් ගන්න පාර අයිනට ආවා.. වෙලාවටම මම ආසම ටර්න් එක තියෙනවා. තංගල්ල ත්‍රිකුණාමලය.. ටිකක් සෙනඟ හිටියත් ඉක්මනට යන නිසා ඒක ප්‍රශ්නයක් වුණේ නෑ..

විනාඩි විස්සක් විතර බසය මාතර දෙසට ඇදුනා.එක තැනකින් අම්මා කෙනෙක් බස් එකට නැග්ගා.. ඒ මනුස්සයා ටිකක් වයසයි. මටනම් අපේ ආච්චි වගේ.. එයා හෙමින් බස් එකට ගොඩ වුණේ.. එයාට නැගගන්න අමාරුයි. ඒ එක්කම ඉස්සරහ දොරටුවෙන් කොන්දොස්තර අයියගේ කටහඬ ඇහුනා.

“ඉක්මනට නගිනවා මනුස්සයෝ.. පරක්කු වෙනවා” මම හිටියේ පස්සේ ෆුට් බෝර්ඩ් එක ලඟමයි. මම ඒ අම්මගේ අතින් අල්ලලා උඩට නග්ගගත්තා.. ඒ මනුස්සයා හරි දුර්වලයි. මට අතින් ඇල්ලුවම කටු ටිකයි නහර ටිකයි විතරයි අහු වුණේ..

මොනා වුනත් ඒ මනුස්සයට ශීට් එකක් දෙන්න කෙනෙක් හිටියේ නෑ.. කොන්දොස්තරත් ලඟට ආවා. ඒ අම්මගෙන් ටිකට් ඉල්ලුවා. රු 10 කොලයක් දීලා ටිකට් එකක් ඉල්ලුවා.. කොන්දොස්තරත් ටිකට් එකක් දුන්නා. ඒත් එක්කම අම්මගේ කටහඬ ආයේ අවදි වුණා.

“පුතේ තව රුපියලක් එන්න ඕන මට. රුපියල් නමයයි නේද ගාන?”

“මාරු නෑ. ඕනනම් නමයක් දෙන්න මට”

මම ලඟත් නෑ. මට රුපියල ඕන.. ඒ මනුස්සයා කොන්දොස්තරට ටිකක් තදින් කිව්වා..

වයසක ගෑණු ඔහොමමයි. මට හිතින්ම කියවුණා. පුදුම තන්හාවක්..

බස් එකේ එක කාලගෝට්ටියයි. අම්මා රුපියල ඉල්ලනවා. කොන්දොස්තර බනිනවා.. මිනිස්සු හිනා වෙනවා..

ඒ අතරේ මම ලඟම හිටගෙන ඉඳපු කොන්ඩේ නෝට් කපපු අයියා කෙනෙක් රුපියලක් දෙනවා මේ අම්මට..

අනේ.. අම්මගේ මූණට හිනාවක් ආවා..

මේ රුපියල දීපු අයියා ඒ අම්මගෙන් ඇහුවා මොකටද රුපියල කියලා.. ඒ අම්මා කියපු කතාවට තාම මගේ පපුව කීන් ගානවා.

“මම මේ යන්නේ මගේ මහත්තයා බලන්න පුතේ. එයාට හරියට ඇවිදින්නත් බෑ.මම ඉන්නේ මගේ දුව ලඟ. අපට ඉන්නේ ඒකි විතරයි. තාත්තා ලඟ ගඳයි, අපිරිසිදුයි කියලා මගේ දුව මගේ මහත්තයා ගෙදරට ගන්නේ නෑ.. එයාව මට බලන්න යන්නත් එපා කියලා තියෙන්නේ.. මම කොහොමද මහත්තයෝ මගේ මිනිහා අත ඇරලා දාලා හුස්ම පොදක් ගන්නේ? එයා ඉන්නේ මේ කිට්ටුව.

මම අද උදේට කෑවේ නෑ මහත්තයෝ. ඒක ඔතාගෙන ආවා මගේ මිනිහට. පව් එයා කඩාවැටුන ගෙදරක තනියම විඳවනවා. එයාට අසනීපයි. දුව එයාට රුපියලක්වත් වියදම් කරන්නේ නෑ. මට සල්ලි දෙන්නෙත් නෑ එයාට වියදම් කරයි කියලා. මම ලඟ තිබුනේ රුපියල් 18යි මහත්තයෝ. ඒකත් මුණුබුරාට වැඳලා වැඳලා ඉල්ලගත්තේ. මට මේ රුපියල ඉල්ලගත්තේ නැත්නම් මට ආයේ එන්න වෙන්නේ නෑ. එහෙම වුනොත් මගේ මහත්තයට මෙහෙමවත් කෑම වේලක් දෙන්න වෙන්නේ නෑ මට.”

මම මටම සාප කරගත්තා. මමත් හිතින් මේ අම්මට බැන්නා නේද කියලා..

ඒ එක්කම අර කොන්ඩේ නෝට් කපපු අයියා පර්ස් එක අරගෙන ගණන් කරලම පන්දාහේ කොල නවයක් අර අම්මගේ අතට දුන්නා..

“මේක තියාගෙන තාත්තව සනීප කරගන්න අම්මේ”

“අනේ ගොඩක් පින් මහත්තයෝ” ඒ අම්මා කිව්වා..

ඒ අම්මා දන්නේ නැතිව ඇති ඒ දුන්නේ පන්දාහේ කොල කියලවත්..

ඒත් මම හිතුවා මේ ලොකු සල්ලි කාරයෙක් කියලා.. කිසි ගානක් නැතිව සල්ලි දීපු නිසා..

මම නිකමට ඒ අයියගෙන් ඇහුවා

“පව් නේද අයියේ? අයියා කොහේද වැඩ කරන්නේ?”

මම ශ්‍රී ලංකා යුධ හමුදාවේ මල්ලි. මේ මගේ මාසේ පඩිය. අද මම මේ ගමේ යන ගමන්. මගෙත් අම්මා නෑ මල්ලි. අම්මා නැතිවුනාට පස්සේ මට මේ ජොබ් එක සෙට් වුණේ. ඒකෙන් මට මගේ අම්මට හරියට සලකගන්න බැරිවුණා.. ඒත් අදනම් හිතට මාර ෆිට්..

මට ඉක්මනට කඳුළු එන කෙනෙක්. ඒත් වැටෙන්න නොඳී දරාගෙන හිටියේ අර අම්මා හිටගෙන බස් එකේ ශීට් එක බදාගෙන යනවටත් වඩා අමාරුවෙන්..

තව දෙයක්.. අපි කියන්නේ ආමි එකේ කොල්ලෙක් කියලා.. එයාලා කියන්නේ මම වැඩ කරන්නේ හමුදාවේ කියලා.. ඒත් මේ අයියා මට කිව්වේ, එයා වැඩ කරන්නේ ශ්‍රී ලංකා යුධ හමුදාවේ කියලා..

ඒ වචන ඇතුලෙම තිබුණා පෞරුෂය තේජාන්විතකම ගෞරවය හා විනය!

ඔබට ස්තූතියි නොහඳුනන සහෝදරයා!
– උන්මාදකරු –

පේරාදෙණියේ සිටි දෙවිවරුන් ගැන ඇමරිකාව ඇතුළු ලොවම මවිතවෙයි කවදාවත් කවුරුත් නොදත් ඇත්තම දෙවි වරුන් මෙන්න

දෙවියන් ගැන නිතර කතා කලත්, ඔබ දෙවියන් දැක තිබෙනවාද? පේරාදෙණියෙන් දෙවිවරුන් ගැන වාර්තා වුනා. නමුත් මේ කතාව ගැන බොහෝ දෙනා දැනසිටියේ නැහැ. නමුත් මේ ගැන ඇමරිකා එක්සත් ජනපදයේ පවා අවධානයට ලක් වුනා. මේ ඒ ගැනයි.

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු හදිසියේ යළි මෙරටට ගෙන්වුවාට බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකිකයෝ බ්‍රිතාන්‍යය දෙවනත් කරමින් විදි බසී

පසුගියදා පැවති එල්.ටී.ටී.ඊ. හිතවාදී උද්ඝෝෂනයට සහ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු යළි ශ්‍රී ලංකාවට කැඳවීමට එරෙහිව බ්‍රිතාන්‍යයේ වෙසෙන විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් පිරිසක් ඊයේ(24) ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිට විරෝධතාවක නිරතවුණා මේ ඒ ගැනයි

රටම බලා සිටි කැබිනට් සංශෝධනය අද නීතිය හා සාමය ෆොන්සේකාට මහමාර්ග කබීර්ට ඇමතිවරුන් රැසකගේ විෂයන් වෙනස් වෙයි

තිස්සේ කතාබහට ලක්වූ අමාත්‍ය මණ්ඩල සංශෝධනය අද (23) පස්වරුවේ සිදුකරනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව ප්‍රාදේශිය සංවර්ධන ඇමති ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යධූරයද , රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමති කබිර් හෂිම් මහතාට මහමාර්ග අමාත්‍යධූරය හිමිවීමට බොහෝ දුරට ඉඩ ඇති බව නිල නොවන ආරංචි මාර්ගවලින් පැවසේ .

එක්සත් ජාතික පක්ෂයට අයත් අමාත්‍යධූරවල සිඳුවන වෙනස්කම් ඇතුළත් අමාත්‍යවරුන්ගේ ලේඛන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ඊයේ (22) රාත්‍රීයේ බාරදී ඇතැයිද එම ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ඇත.

උසස් අධ්‍යාපන හා මහමාර්ග ඇමති ලක්ෂ්මන් කිරි ඇල්ල මහතාගෙන් මහමාර්ග විෂයද නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන ඇමති සාගල රත්නායක මහතාගෙන් නීතිය හා සාමය යන විෂයද ඉවත් කෙරෙනු ඇතැයි නිල නොවන ආරංචි මාර්ග කියයි.

මේ අතරේ රාජ්‍ය ඇමතිවරුන් වන රවින්ද්‍ර සමරවීර , සුජීව සේනසිංහ , නියෝජ්‍ය ඇමතිවරුන් වන ආචාර්ය හර්ෂද සිල්වා , අජිත් පී පෙරේරා යන මහත්වරුන් කැබිනට් නොවන ඇමතිවරුන් ලෙස පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවද වාර්තා වේ .

යෝජිත ඇමති මණ්ඩල සංශෝධනයේදී ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන් කිහිප දෙනෙකුගේද විෂය පථයන් වෙනස් වීමට ඉඩ ඇති අතර මහින්ද අමරවීර , දයාසිරි ජයසේකර යන ඇමතිවරුන්ට වැඩි වගකීම් පැවරීමට බොහෝ දුරට ඉඩ ඇති බව පැවසේ .

මේ අතර අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා යටතේ ඇති පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව ඇතුලු විෂයන් කිහිපයක් සංස්කෘතික අමාත්‍යාංශය යටතට පැවරීමට බොහෝ දුරට ඉඩ ඇති බව නිල නොවන ආරංචි මාර්ග කියයි.

කවදාවත් පිරිමින්ට ලගටවත් යන්න බැරි කාන්තාවන්ට සුරලොවක් වෙන ලෝකයේ තිබෙන එකම දුපත මෙන්න කෙල්ලොන්ට තියෙන සැප තැන මෙන්න

ඔබ පිරිමි ජාතිය ගැනම කලකිරී සිටින කාන්තාවක් නම්, පින්ලන්තයට යන්න දැන්ම බඩු ටික ලැස්ති කරගන්න. මොකද පින්ලන්තයේ වෙරළතීරය තුල පිරිමින්ට ඇතුළු වීමට තහනම්, කාන්තාවන්ටම පමණක් වෙන්වූ SuperShe Island යනුවෙන් හඳුන්වන නිවාඩු නිකේතනයක් තිබෙනවා.

එම ස්ථානය ආරම්භ කරේ ක්‍රිස්ටිනා රොත් ලෙස හඳුන්වන කාන්තාවක්. මෙය කාලයක් තිස්සේ ඇයගේ හිතේ තිබුණු සිහිනයක් කිව්වොත් නිවැරදියි. එම දුපත තුල පිරිමි පුළුටක්වත් නොමැති නිසා ඔබට කැමති විදියකට සුවසේ එහි වාසය කරන්නට පුළුවන්.

මෙය කාන්තාවන් සඳහාම වෙන්වූ ස්ථානයක් විනා, පිරිමින්ට විරෝධය දැක්වීමේ අදහසින් සිදුකරනු ලැබූ දෙයක් නොවෙන බව ඇය අදහස් දක්වා සිටිනවා.

පිරිමින් ගැවසෙන ස්ථානයක සිටින විටදී කාන්තාවන් ඔවුන්ගේ භාහිර අලංකරණය පිළිබඳව දැඩි අවදානයක් යොමු කරන නිසා, ඔවුන්ට නිදහස අහිමි වෙන බව ඇය පෞද්ගලිකවම විශ්වාස කරනවා. ඉතින් මෙම ස්ථානය තුල නිවාඩුවක් ගතකිරීමෙදී කාන්තාවන්ට ඒ පිළිබඳව අවදානයක් යොමු නොකර නිදහස් සුවය විඳගන්නට පුළුවන්.

එම නිවාඩු නිකේතනය තුල වෙන් වෙන්ව පිහිටි කැබින් 10ක් පමණ තිබෙනවා. ඒවගේම සම්භාහන මධ්‍යස්ථානයක්ස සහ වික්‍රමාන්විත ක්‍රියාවන් සඳහා වෙන්වූ කල්පයක්ද එහි තිබෙනවා.

ඊට අමතරව ඉවුම් පිහුම් පාඨමාලාවන්, භාවනා සහ යෝගී ව්‍යායාම පන්ති, සහ ශාරීරික සෞඛ්‍යය වැඩිදියුණු කරන ව්‍යායාමයන් වලටද සහභාගී වෙන්නට පුළුවන්.