ඔබ ප්‍රථම වරට මැනුවල් ගියර් වාහනයක් පදවනවා නම් මූලික මට්ටමේ සිට සරලව එය සිදු කරගන්නා ආකාරය මෙන්න ගෙදර ඉදලාම ඉගෙන ගන්න

මුලින්ම සීට් බෙල්ට් එක දාගන්න. ගොඩක් දෙනෙක් මේක කරන්නේ පොලීසියට බයේ වුණාට තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කළ යුතු අත්‍යාවශ්‍ය ම දෙයක් තමයි මේ. ඒ නිසා තමන් ගැන, තමන්ගේ ආදරණීයයන් ගැන හිතලා වාහනයට නැගපු ගමන් ඒක අනිවාර්යයෙන් ම කරන්න. අලුත් වාහනවල එන්ජිමේ ශබ්දය ඇතුලට නොඇසෙන නිසා ටික කාලයක් ගියර් දැමිය යුතු වේලාවන් අවබෝධ කරගන්නට පුරුදු වෙනකම් ජනෙල් වීදුරු පහත් කරගෙන ඉන්න එක හොඳයි. එවිට අඩු තරමේ ඔබ නොදැන යට කරන්නට යන කෙනෙක් කෑ ගහන සද්දේ හරි ඇහේවි.

දැන් යට තිබෙන පෙඩල් වෙත අවධානය යොමු කරන්න. මෙහි වම් පස තිබෙන්නේ ක්ලච් පෙඩලය යි. ගියර් මාරු කරද්දී එන්ජිම සහ රෝද අතර සබඳතාව පාලනයට මෙය වැදගත් වෙනවා. මැද තිබෙන්නේ තිරිංග පෙඩලය යි. ඉන් වාහනය නවත්වා ගන්නට හැකි වෙනවා. දකුණු පසින් තිබෙන්නේ ඇක්සලේටරය යි. එමඟින් වාහනයේ වේගය වැඩි කරගන්නට පුළුවන්.

සීට් එක හදාගන්න. පෙඩල් සහ සුක්කානම කරකවන්න පුළුවන් වෙන්න සීට් එක ඉදිරියට හෝ පසුපසට කරමින් සකසා ගන්නට අවශ්‍යයි. නිර්දේශිත මට්ටම අනුව, ඔබ අත්දෙක දිග හැර මැණික් කටුව සුක්කානම මත තැබුවාම අත දිග හැරී තිබෙන ආකාරය වන තෙක් සීට් එක සකසා ගත යුතුයි.

හෑන්ඩ් බ්‍රේක් අවපාත කරන්න. වාහනයක් නවත්වද්දී අනිවාර්යයෙන් ම හෑන්ඩ් බ්‍රේක් යොදන්න ඕන. ඒ නිසා නැවත වාහනයට නැග්ගාමත් අත් තිරිංග ඉවත් කිරීම සිදු කළ යුතු වෙනවා. ඔබේ වම් පස සීට් එකත් එක්ක ම කුඩා ලිවරයක් වගේ තිබෙන හෑන්ඩ් බ්‍රේක් එකේ බොත්තම ඔබාගෙන එය පහතට දමන්න.

ක්ලච් එක දීලා ගියර් නියුට්‍රල් කරන්න. ක්ලච් පෙඩලය යටටම පාගලා ගියර් එක මැදට ගන්න. නියුට්‍රල් හෙවත් කිසිදු ගියරයක නැති නිදහස් අවස්ථාවේ ගියර් හැඬලය තිබෙනවාද බලන්න එය තිරස්ව දෙපසට චලනය කර බලන්න. එවිට එය නිදහසේ මැදට එනවා නම් ඒ කියන්නේ නියුට්‍රල් එකේ තමයි තිබෙන්නේ. ගියර් එකකට දැම්මාම එය එසේ තිරස්ව චලනය කරන්නට බැහැ.

රථය පණගන්වන්න. යතුර Ignition ලෙස යොදා ඇති ස්ථානයට (බොහෝ විට දක්ෂිණාවර්ත භ්‍රමණයක්) කරකවා රථය පණගන්වන්න.

ක්ලච් එක පාගාගෙන ම පළමු ගියරය යොදන්න. විවිධ වාහනවල ගියර් යොදන ආකාරය වෙනස් නමුත් ගියර් තිබෙන ආකාරය ගියර් හැඬලය මත ලකුණු කර තිබෙනවා. බොහෝ ඒවායේ වම් පස කෙළවරට ම හැඬලය යොමුකර එහෙමම ඉදිරියට ගෙන ගිය විට පළමු ගියරය යෙදවෙනවා.

ක්ලච් එක නිදහස් කරමින් ඇක්සලේටරය සෙමින් යොදන්න. වාහනය පැදවීමේදී අමාරුම කොටස මෙය ලෙස හඳුන්වන්න පුළුවන්. මුලින් පුරුදු වෙද්දී ගියරය දාලා ක්ලච් එක හරි අඩක් පාගා එන්ජිමේ ශබ්දයේ වෙනස්කම්, ඇතැම් වාහනවල ඇතිවන දෙදරන ස්වභාවය ආදිය සැලකිල්ලට ගනිමින් නැවත යටටම පාගන්න. මෙහෙම කීප වතාවක් කරමින් ‘ඝර්ෂණ මට්ටම’ හඳුනාගන්න. ඊට පස්සේ අඩකට වඩා ක්ලච් එක නිදහස් කරන අතරතුරේම ඇක්සලේටරය යන්තමින් පාගන්න. එවිට වාහනය ඉදිරියට යාවි.

මෙහිදී ඇක්සලේටරය මගින් කෙරෙන්නේ වේගය වැඩිවීම පමණයි. නැත්නම්, ක්ලච් එක අතහැරි මොහොතේ සිටම වාහනය ඉතාමත් සෙමින් ඉදිරියට යන බව සිහි තබා ගන්නට ඕන. ක්ලච් එකෙන් ඇක්සලේටරයට මාරු වීමත් ටිකක් අවධානයෙන් පුරුදු විය යුතු දෙයක්. මුලින් පුරුදු වෙද්දී අමුතු සද්ද ඇවිත් වාහනය නවතීවි. එවිට ගියරය නියුට්‍රල් කිරීමේ පියවරේ සිට මෙය වෙත නැවත කරගෙන එන්න.

මෙය හොඳින් හුරු වුණාම මැනුවල් ගියර් වාහනයක් පදවන එක හරියට ඇවිදිනවා වගේම ඔබට පහසු දෙයක් බවට පත්වේවි

මෙන්න අපේ කොල්ලෙක් සාර්ථක ලෙස රොකෙට් එකක් සාර්ථකව නිර්මාණය කරයි – වීඩියෝ සහිතයි

ශතවර්ෂ කීපයකට පෙරදී චීන ජාතිකයන් යුද කටයුතු සඳහා භාවිතා කළ රොකට්ටුව වර්තමානය වන විට අභ්‍යවකාශ ගවේෂණය සඳහා යොදා ගැනෙන තරමට වැඩි දියණු වී අවසන්. එපමණක් නොව යුද කටයුතු වලදී මිසයිල නිපදවීම සඳහාත් මෙම රොකට් තාක්ෂණය යොදා ගනු ලබයි.

මෙසේ මිනිසාට හිතකර මෙන්ම අහිතකර කාර්යයන් රැසක් සඳහා යොදා ගැනේ. මෙන්න එම වීඩියෝව පහතින් බලන්න. යාලුවන්ටත් බලන්න ශෙයා කරන්න.

වාහනවල ටයර් ඉක්මනට ගෙවෙන්නේ ඇයි මෙන්න එකට හේතුව කවදාවත් ඔබ අහලාවත් තිබුනාද ඔබත් වාහනේ පදින්නේ මේ විදියටද

මොන වාහනේ උනත් ටයර් වලින් හරියට වැඩ කරගන්න නම්  එවා හරියට නඩත්තු කරන්නම වෙනවා.හැබයි ඉතින් හැමදේම වගේ ටයරුත් පාවිච්චි කරන්න කරන්න ගෙවෙන නිසා මේ ගැන ඇහැගහගෙනම ඉන්න වෙනවා මොකද කට්ට නැතිවෙනකන් ගෙවුන ටයර් එකක් තියෙන වාහනෙක යනවා කියන්නේ බ්‍රෙක් නැති වාහනේක යනවා වගේ වැඩක් නිසා.හැබයි මේ ටයර් ගෙවෙන වේගේ අඩු කරගන්න පුලුවන් නම් වැඩේ ගොඩ.එක ඉතින් එහෙම වෙන්නේ කොහොමද කියලා දැනගෙන ඉන්නම වෙනවා.

උදාහරනේකට ටයර් එලයින්මන්ට් වෙනස් උනාම ,නැත්තන් ගෙවුන ස්ටියරින් සහ සස්පෙන්ශන් කොටස් හින්දා ටයර්ස් ඉක්මනටම ගෙවෙන්න ගන්නවා.එවාට අමතරව ටයර් එකේ හුලං මට්ටම,වාහනේ යන පාරවල් වල තත්වේ,වාහනේ ඩ්‍රයිව් කරන විදිය,ටයරය හදන්න ගන්න දෙවල් වගේ ගොඩක් බලපානවා.හොදම දේ මේ දෙවල් දැනගෙන ඉන්න එක.

ටයර් හැදුවේ මොකකින්ද?

හැම ටයර් එකක්ම හදන්නේ රබර් එක්ක එකේක දෙවල් මික්ස් කරලා.ඔතන එකේක දෙවල් කියන්නේ සිලිකා හරි කාබන් වගේ දෙවල්.මෙවා මික්ස් කරන්නේ ටයර් එකේ ශක්තීය වැඩි කරන්න.කොහොම උනත් ටයර් හදන්න ගන්න රබර් වල මෘදු ගතිය වැඩි කරන්න වැඩි කරන්න ටයර් වල ඝර්ශනය වැඩි වෙලා ඩ්‍රයිව් කරන්න ලෙහෙසි හැබයි ඉක්මනට ගෙවෙන එක නම් නවත්වන්න බෑ.

එක නිසා බාල ටයර් වර්ගෙට වැටෙන්නේ එ වගේ ටයර්.ඉතින් මේ ටයර්ස් වල කොලිටි එක බලාගන්න ඕනේ නම් ටයර් එකේ ට්‍රෙඩ් වෙයාර් රෙටින් කියන එක බලන්න වෙනවා.එක 200ට හරි ඊට අඩු නම් ටයර් එක පාවිච්චි කරන්න පුලුවන් කාලේ අඩුයි.300ක් හරි 600ක් අතර ගානක නම් ඒක ශේප් ටයර් එකක්.කොහොම හරි 300ට වැඩි ටයර් එකක් දැම්මත් ඉක්මනට ගෙවෙනවා කියන්නේ බ්රෝ වාහනේ මොකක් හරි අවුලක් තියෙනවා හදාගන්න ඕනේ.

තැනයි,තත්වෙයි දන්නවද?

වාහනේ යන්නේ අලි නාවන තඩි වලවල් තියෙන පාරකද? නැත්තන් සුපිරියට හදපු කාපට් පාරකද කියන එක ටයර් එකට කෙලින්ම බලපානවා බ්රෝ.එ වගේම පාරේ ටයර් පාර හිටින්නම බ්‍රෙක් ගහන එකයි,වංගු ගන්න කොට ස්ට්න්ට් කාර් එකක් බයික් එකක් ඩ්‍රයිව් කරනවා වගේ කරනවා නම් ඉතින් ටයර් වලට දෙයියන්ගෙම පිහිටයි බ්රෝ.එ වගෙම දැන් ඔය තියෙන අලුතින් තාර දාන පාරවල් වලයි කොන්ක්‍රීට් දැම්ම පාරවල වල යනවා කියන්නේ එකෙන්ම ඉක්මනින් ටයර් එක ගෙවෙනවා කියන එක.කාලගුනේ ගත්තත් ඉතින් ලංකාව වගේ වියලි කාලගුනයක් තියෙන රටක ටයර් ගෙවෙනවා වැඩීයී බ්රෝ.

හුලං හරිද?

හැමවෙලේම අනිවාර්යයෙන්ම ටයර් එකට ගහන්න ඕනේ හුලං ගාන හරියටම ගහලද කියලා බලන්න බ්රෝ. එක දන්නැත්තන් වාහනේ ඩ්‍රයිවින් සීට් එක පැත්තේ දොරේ ඇතුල් පැත්තේ තියෙන ස්ටිකර් එක බලන්න.හැබයි ඉතින් වැඩියෙන් ගැහුවොත් ටයර් එක පුපුරන්නත් පුලුවන් අඩුවෙන් ගැහුවොත් ටයර් එක ගෙවෙන්න්ත් පුලුවන්.එක නිසා හරි ගානට ගහන්න බ්රෝ!

ලම්බකව තියෙනවද?

වාහනේ එලයින්මන්ට් එකට කෙලවුනත් වෙන්නේ ටයර්ස් හරියට පොලවට ලම්බක නැතුව ටයර් එකිනෙකට සමාන්තරව නැතුව තියෙන නිසා ඉක්මනට ටයර් ගෙවෙන එක.එක නිකන් හරියට කකුල් හතර සමාන නැති මේසෙක ඉදන් කන්න හදනවා වගේ වැඩක්.මෙහෙම වෙන්න පුලුවන් ප්‍රදාන විදි දෙකක් තියෙනවා බ්රෝ.එකක් ටො ඉන් හරි ටෝ අවුට් හරි කියන දෝශය.අනෙක කැම්බර් කියන දෝශය.

ටයර් ඉක්මනට ගෙවෙන්නේ ඇයි

ටෝ ඉන් කියන්නේ වාහනේ ඉස්සරහ සහ පස්ස රෝද සමානතරව තියෙන්නේ නැතුව රෝද ඉදිරිපස ඇතුලට නැඹුරු වෙලා තියෙන එකට.හැබයි ටෝ අවුට් කියන්නේ රෝද දේකේ පසුපසවල් ඇතුලට නැබුරුවෙලා තියෙන එකට.

ටයර් ඉක්මනට ගෙවෙන්නේ ඇයි

මෙතන කැම්බර් කියන්නේ රෝදේ ඇතුලට හරි පිටතට හරි ඇලවෙලා තියෙන අනතියට.එක ඇතුලට ඇලවෙලා තියෙනව නම් නෙගෙටිව් කැන්බර් සහ එලියට ඇලවෙලා තියෙනවා නම් .කොහොම උනත් අනවශය විදියට රෝදේ ඇලවෙනවා කියන්නේ ටයර් එකේ පැති ගෙවෙනවා කියන එක.

ඇයි වෙනස් වෙන්නේ?

වාහනේ බ්‍රේක් පැඩ් මාරු කරාම,වලවල් තියෙන පාරවල් වල නිතර යනකොට ,ගෙවුන ස්ප්‍රින්ස් හරි ශොක්ස් හරි පාවිච්චි කරන්කොට, ගෙවුන බෝල් ජොයින්ට්ස් තියෙනකොට වීල් එලයින්මන්ට් මාරු වෙන්න පුලුවන් නිසා ටයර්ස් ගෙවෙන එක අහන්න දෙයක් නෙමෙයි.එහෙම උනාම එක්කෝ සිග්සැග් විදියට ගෙවෙනවා,නැත්තන් ටයර් එකේ අනෙක් පැත්තට වඩා එක පැත්තක් ගෙවෙනවා නැත්තන් ඉතින් තැනින් තැන ගෙවෙනවා.

වහනය ඩ්‍රයිව් කරනකොට හදිස්සියෙවත් බ්‍රේක් නැති උනොත් මොකද කරන්නේ ඔබගේ වහනය තුලම තිබෙන ඔබ නොදන්නා මේ දේ කලොත් වහනය නවතිනවා

අද අපි ඔබ වෙත ගෙන අවේ ඉතාමත් වැදගත්වන වීඩියෝවක්.වහනයක් කියන්නේ අද වනවිට නැතුවම බැරි දෙයක් වෙලානේ.ඕනෑම නිවසක දැන් එක වාහනයක් හරි තිබෙනවා.නමුත් ඔබ දන්නවද වාහනය පදවාගෙන යන අවස්ථාවකදී නොසිතු වෙලාවක බ්‍රේක් නැති උනොත් මොකද වෙන්නේ කියලා.නැහැ නේද.

එහෙනම් මෙන්න බ්රේක් හදිස්සියෙවත් යන අතරතුර නැති උනොත් කරන්න ඕන දේ.මේ දේ හරියට කලොත් ඔබගේ ජීවිතයත් වාහනයේ යන අයගේ ජිවිතත් ඒ වගේම පාරේ යන පුද්ගලයන්ගේ ජිවිතත් ආරක්ෂා කරගන්නට පුළුවන්.මෙන්න පහත විඩියෝවෙන් නරඹන්න

වහනය ඩ්‍රයිව් කරනකොට හදිස්සියෙවත් බ්‍රේක් නැති උනොත් මොකද කරන්නේ ඔබගේ වහනය තුලම තිබෙන ඔබ නොදන්නා මේ දේ කලොත් වහනය නවතිනවා

අද අපි ඔබ වෙත ගෙන අවේ ඉතාමත් වැදගත්වන වීඩියෝවක්.වහනයක් කියන්නේ අද වනවිට නැතුවම බැරි දෙයක් වෙලානේ.ඕනෑම නිවසක දැන් එක වාහනයක් හරි තිබෙනවා.නමුත් ඔබ දන්නවද වාහනය පදවාගෙන යන අවස්ථාවකදී නොසිතු වෙලාවක බ්‍රේක් නැති උනොත් මොකද වෙන්නේ කියලා.නැහැ නේද.

එහෙනම් මෙන්න බ්රේක් හදිස්සියෙවත් යන අතරතුර නැති උනොත් කරන්න ඕන දේ.මේ දේ හරියට කලොත් ඔබගේ ජීවිතයත් වාහනයේ යන අයගේ ජිවිතත් ඒ වගේම පාරේ යන පුද්ගලයන්ගේ ජිවිතත් ආරක්ෂා කරගන්නට පුළුවන්.මෙන්න පහත විඩියෝවෙන් නරඹන්න

පැයක් චාජ් කරලා කරන්ට් එකෙන් කිලෝමීටර් 100ක් යන්න පුළුවන් ලංකාවේම නිපදවූ ජිනසේන සමාගමේ අලුත්ම ත්‍රිවිල් එක මෙන්න

අද අප කියන්න යන්නේ අපේ රටේ ප්‍රථම වතාවට හදපු හයිබ්‍රිඩ් තීවිලරයක් ගැන අපි කව්රුත් දන්නේ හයිබ්‍රිඩ් කාර් ගැන විතරනේ ඔන්න එහෙනම් හයිබ්‍රිඩ් තීවිලුත් ආවා එහෙනම් .

ශ්‍රී ලාංකීය නිෂ්පාදනයක් වෙන හයිබ්‍රිඩ් තීරෝද රථයට උරුමකම් කියන්නේ අනාදිමත් යුගයක සිට දේශීය වෙළද පොළ තුල නොකැළැල් කීර්ති නාමයක් රදා පැවැත්වූ ජිනසේන සමගමයි.මෙන්න බලන්නකෝ මොවුන් මෙවර හදල තියෙන සුපිරිම ත්‍රිරෝද රථය.

ඔබත් කවදාවත්ම හිතුවද Paper Clip එකකින් මේ වගේ දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා මෙන්න ඔබත් පුදුමයට පත් කරන මේ වැඩ ටික බලන්න

ඔබත් කවදාවත්ම හිතුවද Paper Clip එකකින් මේ වගේ දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා මෙන්න ඔබත් පුදුමයට පත් කරන මේ වැඩ ටික බලන්න

ඔබට ඉතාම වැදගත් වෙයි මේ වගේ දෙයක් ඔබගේ පොඩි පොඩි වැඩ වලට මේ පොඩි Paper Clip එක ඉතාම වැදගත් වෙයි මේකෙන් කරන්න පුළුවන් දෙයත් පහතින් බලන්න

පොඩි ඉඩක වුවත් පස් නැතුව ජලයේ ඕන දෙයක් වගාකරන්න පුළුවන් ක්‍රමයක්ලංකාවේත් බොහෝ දෙනෙක් කරන අති සාර්ථක මේ ක්‍රමය ඔබත් දන්නවාද

පසෙහි වගා කිරීමේදී මතුවන විවිධ සීමාකාරී සාධක මගහැරවීම සදහා භාවිතා කළ හැකි විකල්ප ක්‍රම පිලිබදව කරන ලද පර්යේෂණවල ප්‍රතිඵලයක් ලෙස ජල රෝපිත හෙවත් පස් රහිත වගාව (Hydroponics / Soilless culture) දියුණූ වී ඇත.

1929 දී කැලිපෝනියා විශ්ව විද්‍යාලයේ ආචාර්ය විලියම් එන් ග්‍රීකේ විසින් තක්කාලි ශාකයක් ජලීය පෝෂක මාධ්‍යක සාර්ථක ලෙස වගා කළ අතර ඔහු මෙම ක්‍රමය ජලාරෝපිත වගාව (Hydroponics) ලෙස නම් කළේය. ග්‍රීක භාෂාවෙන් හයිඩ්‍රො (Hydro) යනු ජලය වන අතර පෝනෙස් (phones) යනු ක්‍රියාකාරි යන්නයි. එනම් මෙහි අදහස් ක්‍රියාකාරී ජලය (Hydroponics) යන අර්ථය ලබා දෙනු ඇත.පහත තිබෙන විඩියෝවෙන් මේ වටිනා තොරතුරු අනිවාර්යෙන්ම දැනගන්න.

යතුර නැති වුන ඕනෙම ලොක් එකක් ගේමක් නැතුවම අරින්න මෙන්න ලේසිම සහ පහසුම ක්‍රම ඔබත් කරලම බලන්න

ඔබේ ඉබ්බාගේ යතුර නැති උනාද බය වෙන්න එප අද අපි කියල දෙන්න යන්නේ එයට පිලියමක්.ඉබ්බාගේ යතුර නැති උනත් මෙන්න මෙහෙමයි අරින්නේ.
පහතින් එම වීඩියෝව යාලුවන්ටත් බලන්න ශෙයා කරන්න.

පාවිච්චි කරපු බයික් වල ලෙඩ හොයන්නෙ මෙන්න මෙහෙමයි ගන්න කලින් දෙපාරක් බලන්න මෙන්න මේ ටික

පාවිච්චි කරපු බයික් වල ලෙඩ හොයන්නෙ මෙහෙමයි

මොනව කරන්නද ඉතින් ඉල්ලල ගහගත්තු බද්දක් නෙවේනෙ. දැන් ඉතින් බයිසිකලයක් ගන්න තිබ්බ හීනෙත් ඉවරයි කීදෙනෙක් හිතනව ඇද්ද ඔහොම. ඇත්ත තමයි බදු වැඩි වුනාට පස්සෙ බයිසිකලයක් තියා ෆෝන් එකක්, ලැප් එකක් ගන්නෙ කොහොමද කියලවත් හිතාගන්න බෑ.

ඒත් ඉතින් ආසාව කියන එක හංගන් ඉන්න බෑනෙ. අමාරුවෙන් එකතු කරගත්තු සල්ලිවලින් පාවිච්චි කරපු බයිසිකලයක් හරි ගන්න තමයි කට්ටියගෙ හිත. ඒකට කමක් නෑ. ඒත් පාවිච්චි කරපු බයිසිකල්වල එකඑක ප්‍රශ්න තියෙන්න පුළුවන්. හොයන්නෙ බලන්නෙ නැතුව අරගෙන නිකරුණේ දුක් විඳින්න ඕන නෑනෙ. එහෙනම් අහගන්නකො; සෙකන්ඩ් හෑන්ඩ් බයික් එකක් ගන්නකොට අනිවාර්යයෙන්ම බලන්න ඕන දේවල් ටික.

1. එන්ජිම

මොනව බලන්නත් කලින් බලන්න එපැයි එන්ජිම වැඩද කියල. මුලින්ම බයික් එක ස්ටාර්ට් කරන්න. ඊට පස්සෙ එන්ජිමෙන් එන සද්දෙට හොඳට ඇහුම්කන් දෙන්න. ඔයා මීට කලින් බයිසිකල් පැදපු කෙනෙක් නම් එන්ජිමෙන් සාමාන්‍යයෙන් එන සද්දෙ හොඳට අඳුරනවනෙ. අන්න ඒ සද්දෙට අමතරව එන්ජිමෙන් වෙන සද්ද එනවද කියල බලන්න. හරියට ඔය ‘කැම් ජියර්’ ගෙවුනාම එන සද්දෙ වගේ. හැබැයි ඔයාට මේ සම්බන්ධව ලොකු අත්දැකීමක් නැත්නම් අත්දැකීම් තියෙන කෙනෙක් එක්ක යන එක තමයි හොඳ.

2. i) චැසිය

බයික් එකේ චැසිය ඇදවෙලාද නැද්ද කියන එකත් අනිවාර්යයෙන්ම බලන්න. ඒක බලන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි බයිසිකලේ වේගය 40ත් 60ත් අතර ගාණක පදින ගමන් සාමන්‍ය තරමෙ වංගුවක් ගන්න. ඒ වෙලාවෙදි බයිසිකලේ බැලන්ස් එක නැතුව යන ගතියක්, එක පැත්තකට වැඩිපුර ඇදෙන ගතියක් තියෙනවනම් ඒ, ගොඩක් දුරට බයිසිකලේ චැසිය ඇද නිසා වෙන්න පුළුවන්.

ii) ෆෝර්ක්ස්

ෆෝර්ක්ස් ඇද වෙලාද කියල බලන්නත් බයිසිකලේ පදින්නම ඕන. වේගය 40, 60 අතර තියාගෙන කෙලින් පාරක පදින ගමන් අත්දෙක ටිකක් ලිහිල් කරන්න. ඒ වෙලාවෙදි හැන්ඩ්ල් එක පැත්තකට ඇදෙනවනම්, බයිසිකලේ බැලන්ස් එක නැතුව යනවනම් ඒ කියන්නෙ ෆෝර්ක්ස් ඇද වෙලා හරි ෆෝර්ක් ඔයිල් බැලන්ස් නෑ කියන එක හරි තමයි. සමහරවිට පිටිපස්සෙ රෝදෙ එලයිමන්ට් අවුල් නිසා වෙන්නත් පුළුවන්.

4. ටයර්

හොර කට්ට කපලද නැත්නම් පාවිච්චි කරපු විදියටම තියෙනවද කියල බලන්නෙ මෙහෙමයි. ටයර් එකේ පැත්තෙ බිත්තියෙ තියෙනව පොඩි ත්‍රිකෝණ ලකුණක්. ඒ ත්‍රිකෝණෙ කෙලින් ටයර් එකේ මතුපිට (කට්ට තියෙන ප්‍රදේශය) වෙනකම් බලාගෙන ගියාම කට්ට අතරෙ ටිකක් ඉලිප්පුණු තැනක් හමුවෙයි. ඒක තියෙන්නෙ ටයර් එක කොච්චර ගෙවිලද කියල බලා ගන්න.

එතනින් පහලට ගොඩක් ගෙවිලත් කට්ට ටික අලුත් වගේ තියෙනවනම් හරි ඒ ඉලිප්පුණු තැන පේන්න නැත්නම් හරි හොරට කට්ට කපල කියන එකේ සැකයක් නෑ.ඒ ගමන්ම බලන්න ටයර් එකේ පැති ගෙවිලද කියල. ගෙවිල නම් ගොඩක් දුරට ෆෝර්ක් ඔයිල් බැලන්ස් නැතුව හරි ෆෝර්ක් ඇද වෙලා හරි තියෙද්දිත් ලොකු කාලයක් බයිසිකලය පාවිච්චි කරල තියෙනව.

5. i) විද්‍යුත් පද්ධතිය

විද්‍යුත් පද්ධතිය හොඳයිද කියල බලන්න බයික් එක ස්ටාර්ට් එකේ තියෙද්දි හෙඩ් ලයිට් දාලා rpm එක ටිකෙන් ටික අඩු වෙනවද බලන්න ඕන. සමහර විට බයික් එක, එක පාර නතර වෙන්නත් පුළුවන්. එහෙම වෙන්නෙ විද්‍යුත් පද්ධතියෙ දෝෂයක් තිබුනොත් තමයි. ඒ හැරුණාම කාබ්‍යුලේටරයෙ ප්‍රශ්න නිසා වගේම එන්ජිමේ ටයිමින්ග් ප්‍රශ්න නිසාත් rpm එක අඩුවෙන්න පුළුවන්.

ii) බැටරිය

බැටරි ඇසිඩ් පොඩ්ඩක් හරි පිටාර ගිහින් කියන්නෙ බැටරිය එහෙම පිටින්ම අවුල්.

iii) මිස් ෆයර්
බයික් එක 40ත් 60ත් අතර වේගයකින් පැදගෙන යද්දි සයිලන්සරයෙන් පුපුරන හඬක් එක්ක ගින්දර පිටවෙනව නම් ටිකක් අසාධ්‍ය තත්වයක්. ගොඩක් වෙලාවට බයික් එක මිස් ෆයර් වෙන්නෙ බයික් එකේ ප්ලග්වලට හරි වෙලාවට ස්පාර්ක් එක ලැබුණෙ නැති වුනාම. ඒ හැරුණාම එන්ජින් ටයිමින්ග් වෙනස් වුනාමත් වෙන්න පුළුවන්.

8. i) ට්‍රාන්සර් පේපර්ස්
බයික් එකේ පොත කාගෙ නමටද තියෙන්නෙ බලන්න. පොතේ ‘ඇබ්සලුට් ඕනර්’ කියන තැන හිස් නම් බයික් එක ලීස් කරල නෙවෙයි අරන් තියෙන්නෙ. හැබැයි ආයතනයක නමක් තියෙනව නම් ඒ කියන්නෙ බයික් එකට ලීස් එකක් තියෙනව කියන එක. ලීස් එක ගෙවල ඉවරනම් ලීසිං ආයතනයෙන් අයිතිකාරයට දුන්නු ඉවත් කිරීමේ ලිපියෙ කොපිය අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. ඒ හැරුණාම අදායම් බලපත්‍රය කවද වෙනකම් ගෙවලද කියන එකයි රක්ෂණ සහතිකය තියෙනවද කියන එකයිත් බලන්න ඕන.

ii) අනෙකුත් ලිපි ලේඛණ
ඔයා බයිසිකලේ ගන්න යද්දි ඒක අනිවාර්යයෙන්ම ඒ වෙද්දි අයිති කෙනාගෙ නමට තියෙන්නෙ ඕන. එහෙම නැත්නම් බයික් එකේ පොතේ නම තියෙන කෙනා අත්සන් කරපු ට්‍රාන්සර් පේපර් එක තියෙන්න ඕන. වෙන කෙනෙක්ගෙ නමට තියෙද්දි ඔයා අරගෙන පාවිච්චි කරන එක (ඕපන් පේපර්ස්) සම්පූර්ණයයෙන්ම නීති විරෝධීයි.

මේ දේවල් ටික හැරුණාම බයික් එකේ පේන්ට් එක ඔරිජිනල්ද, පෙට්‍රල් ටැංකිය හීරිලාද කියලත් බලන එක ගොඩක් වටිනව. කොහොම වුනත් හිත හදාගෙන සෙකන්ඩ් හෑන්ඩ් බයික් එකක් හරි ගන්න යන අපේ යාළුවන්ට අපි කියපු දේවල් ගොඩක් උදව් වේවි; බොරු කාරයෙක්ට අහු නොවී හොඳ බයිසිකලයක් ගෙදර ගෙනියන්න.