මාලිංගගෙන් තිලංග සුමතිපාල ඇති තරම් පළිගත්තා ඔයා දැන් යන්න කාලේ හරි රංජන්ගෙන් තිලංගට සැර ප්‍රකාශයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වතමන් සභාපති තිලංග සුමතිපාල මහතා හා හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා ලසිත් මාලිංගගෙන් පලිගත් බව රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පැවසීය. මාදිවෙල පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පවසා සිටියේය. එසේම වත්මන් සභාපතිවරයාට එම තනතුරේ රැඳී සිටීමට හැකියාවක් නොමැති බවත් ඔහු තනතුරින් ඉල්ලා අස්විය යුතු බවද අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියේය.

“ මම ක්‍රිකට් ක්‍රීඩාව ගැන කළ ප්‍රකාශය වත්මන් සභාපතිවරයා හෝ හිටපු ක්‍රීඩා ඇමතිවරයාට කළ ප්‍රකාශයක් නොවන බවට ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා කළ ප්‍රකාශය සාවද්‍ය ප්‍රකාශයක්. මම හිටපු, හිටිය හා දැන් ඉන්න සියලු දෙනාගේ දූෂණ වංචා ගැන තමයි කියන්නේ. වැඩියෙන්ම දූෂණ වංචා තියෙන්නේ දැන් ඉන්න සභාපතිවරයා හා හිටපු ක්‍රීඩා ඇමතිවරයා හිටපු සමයේ බව ප්‍රකාශ කරනවා.

මම තරහින් වෛරයෙන් මේවා කියන්නේ නෑ. මමත් ක්‍රිකට් ලෝලියෙක්. මා පසුපස ක්‍රිකට් ක්‍රීඩකයන්, මාධ්‍යවේදීන් සහ ජනතාව ඉන්නවා. මගේ චරිතේ තමයි හොරු ගැන කෑගහන එක. හොරු අල්ලන එක. ඒකෙදි මම ෆේල්වෙනවද නැද්ද කියන එක ඉතිහාසාය තීන්දු කරයි. නමුත් හෙරුන් සමග නිදිවදිනවට වඩා හොරුන් එක්ක එකතු වෙලා හොරකම් කරනවට වඩා හොරුන් ගැන අණාවරණය කරලා පච වෙන එක, හොරුන් එක්ක සටන් කරලා පරදින එක නම්බුයි. මේ සටනද පරදින්න පුළුවන්. නමුත් මට ඒක නම්බුයි. මම හොරකම් කරලා නෑ. ඒ නිසා මම මගේ සටන දිගටම ගෙනියනවා.

ක්‍රීඩා නීතිය අනුව තිලංග සුමතිපාල මහතාට අයිතියක් නෑ ක්‍රිකට් ආයතනයේ මුල් පුටුව හොබවන්න. සුමතිපාල මහතා මාධ්‍ය ආයතනයක හිමිකරුවෙක්. මීට අමතරව ඔහු ක්‍රීඩා භාණ්ඩත් ගෙන්වනවා. ඔට්ටු ඇල්ලීමට සම්බන්ධ අයට එය ක්‍රීඩා නීතියට පටහැනිය. දයාසිරි ඇමතිතුමා ගැන මම දන්නේ නෑ එතුමාට ලැබෙන වාසිය කුමක්ද කියලා. එතුමා ඔහු මුල් පිටුවේ තැබුවා.

අපි ක්‍රිකට් ක්‍රීඩාවේ සිටියේ අංක තුනේ. දැන් ඉන්නේ අට නැත්නම් 9 යේ. ඒක වුණේ දයාසිරි ජයසේකර ඇමතිතුමා හා තිලංග සුමතිපාල මහතා සිටින කාලයේදී. ලැජ්ජාවක් තියෙනවානම් නැවත ඉල්ලන්නෙත් නෑ. කශේරුකාවක්, කොන්දක්, සදාචාරයක් තියෙනවානම් මේ පාර ඉල්ලන්නේ නෑ. අයි.සී.සී. දූෂණ චෝදනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව පිළිබඳ පරීක්ෂණ කළා. මගෙනුත් ඇහුවා. මමත් දන්න දේවල් කිව්වා. ලසිත් මාලිංගගෙන් පලිගත්තා. අපි කවුරුත් දන්නවා. ඇයි පසුගිය කාලයේ පරාජයට පත්වූයේ කියලා. මාධ්‍යෙව්දීන් මේ ගැන කතා කරන්නේ නැත්නම් මොකක් හරි තියෙනවා.

මම මාධ්‍ය වේදීන් 12දෙනෙකුගේ නම් කියන්නම්. පසුගිය කාලයේ විදෙස් සංචාර ගිය හැටි. ආටිකල් එකකට 7500 බැගින් ගත්ත හැටි. නම් ගත්ත හතර දෙනෙක් අපි ළඟ ඉන්නවා. වඳින්නම් අයියේ නම් කියන්න එපා කිව්වා. පොඩි හොරකම්, ලොකු හොරකම් කියලා දෙකක් තියෙනවා. මම පොඩි හොරකම් පස්සේ යන්නේ නෑ.

මම අද ඉඳගන්නේ තනියම. ඉදිරියට සුපිරි ක්‍රීඩකයන් සමග වාඩි වෙන්න බලාපොරොත්තු වෙනවා. සුපිරි තොරතුරු ගණනක් මග එනවා. මම කියන්නේ සාධාරණව මෙතුමට අයින් වෙන්න කියලයි. ඒ ක්‍රිකට් බේර ගන්නයි. දැන් මේක කෑවා ඇති. දැන් සමුඅරන් හරි කෙනෙකුට දෙන්න.”

නිදහස් කුසලාන තරගාවලියේ තරග විකිණු කවුරුත් නොදත් දේ මෙන්න සියලුම තොරතුරු එක පන්දු වාරයක් ඩොලර් 27000

මාර්තු මස 6 වැනිදා සිට මාර්තු මස 18 වැනිදා දක්වා කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ දී පැවැත්වූ නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ සාර්ථකත්වය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා පසුගිය දා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිංහල හා දමිල අලුත් අවුරුද්ද වෙනුවෙන් පැවති උත්සවයේ දී දැනුම් දෙන ලදි.

“අපි ශ්‍රී ලංකාව තුළ මෙවන් ආකාරයක ඉතාමත් හොඳ තරගකාරී තරගාවලියක් නිර්මාණය කරලා මෙරට පැවැත්වූ ක්‍රිකට් තරගාවලියක් තුළින් ඉතිහාසයේ පළමු වතාවට ලොකු ආදායමක් මෙරටට රැගෙන ආවා. අප සමඟ ගනුදෙනු කිරීමට පැමිණි ආයතන හා නියෝජිතයින්ව ඉතාමත් සුහදශීලීව හැසිරවීමට අපට පුළුවන් වුනා. මෙම තරගාවලියේ මුළු ආදායම රුපියල් බිලියන 1.3ක් එම තරගාවලියේ එක පන්දුවාරයක් තරග විකාශනය කරන නාලිකාවලට ලබා දුන්නේ ඇමරිකානු ඩොලර් 27,000ක් (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 43ක්) වැනි ඉහළ මුදලකට. ඒ මේ තරගාවලියේ තිබූ තරගකාරිත්වය නිසා. රුපියල් මිලියන 900ක ශුද්ධ ලාභයක් මෙම තරගාවලිය තුළින් ලබාගන්න අපට පුළුවන් වුනා.” යැයි සුමතිපාල මහතා එම උත්සවයේ දී පවසන ලදි.

ක්‍රිකට් ක්‍රීඩාවේ ඇති තරගකාරිත්වය හා අවිනිශ්චිත බව ඉතාමත් හොඳින් පසක් කර දුන් මේ තරගාවලියේ ශ්‍රී ලංකාවට අවසන් මහා තරගයට ඒමට අවස්ථාව නොලැබුනත් එම අවසන් මහා තරගය නැරඹීමට විශාල ප්‍රේක්ෂකයින් ප්‍රමාණයක් පැමිණ සිටියේය. එම තීරණාත්මක අවසන් මහා තරගය ඉතාමත් තියුණු මුහුණුවරකට පසුව අවසන් වූයේ ඉන්දීය කණ්ඩායමට නිදහස් කුසලාන ශූරතාවය හිමි කර දෙමිනි.

ක්‍රිකට් සභාපති වරයා වැඩි දුරටත් පවසා ඇත්තේ නිදහස් කුසලානයේ ලබාගත් වාසිය වැනි වාසියක් LPL තරඟාවලිය තුලත් ලබාගත හැකි නිසා එම තරඟාවලිය ප්‍රමාද නොකර ආරම්භ කල යුතු බවය.“ලංකන් ප්‍රිමියර් ලීග් එක අපි නිසැකවම මේ අවුරුද්දේ පටන්ගන්නවා. මොකද මේ තරගාවලිය දැන් පටන්ගත්තේ නැත්නම් ඉදිරියටත් මේ වගේ තරගාවලියක් කරන්න අපිට අමාරු වෙයි. ඒකට හේතුව ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, පාකිස්තානය, බංගලාදේශය, කොදෙව් දුපත් වගේ රටවල් ඉතාමත් තරගකාරී ලෙස මේ ප්‍රිමියර් ලිග් තරගාවලි ඔවුන්ගේ රටවල්වල පවත්වනවා.” යැයි සුමතිපාල මහතා අවසාන වශයෙන් එහි දී පවසන ලදි.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කෑවේ දේශපාලකයෝ උන් ඕනේ දේටයි එපා දේටයි හැම එකටම අත දැම්මා ලංකාවේ ක්‍රිකට් කැවා මුරලි සියල්ලම හෙළි කරයි

දේශපාලකයන් විසින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කරන බවත්, අවුරුද්දක් තුළ ක්‍රීඩකයන් 60ක් අත්හදා බැලීම අතාර්කික බවත් ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් සඳහන් කරයි.

ඉන්දියාවේ ‘ද ඉකොනොමික්ස් ටයිම්ස්’ පුවත් සේවය හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව ඊයේ (17දා) පවසා තිබේ.

එහිදී හෙතෙම වැඩිදුරටත් මෙසේ අදහස් දක්වා ඇත.

“ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව මේ වන විට අවුල් ජාලාවක තිබෙන්නේ. දේශපාලකයන් ක්‍රීඩාව පාලනය කිරීමට පටන් අරගෙන තිබෙන්නේ. ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව අවම දැනුමක් සහිතව හෝ දැනුමක් නොමැති මේ අය ගතවන සෑම දිනයකම එය විනාශ කරමින් තිබෙනවා. ක්‍රිකට් කියන්නේ විශ්වාසයයි. ක්‍රීඩකයන්ට දක්ෂතා දැක්වීමට විශ්වාසයක් ගොඩ නැගිය යුතුයි.

ශ්‍රී ලංකා වර්ණ ඇඳුම අඳින විට ඔවුන්ට ගෞරවයක් ඇති විය යුතුයි. මම දිනකින් හොඳ පන්දු යවන්නෙක් වුණේ නෑ. අවුරුදු 4-5ක් අර්ජුන මට විශ්වාසය දුන්නා. දැන් පිතිකරුවන් පන්දුවට පහරදීමට යන විට කියන්නේ ඔබ ලකුණු රැස්කළ යුතුයි නැති නම් අපි ඔබව බංකුවේ තබනවා කියලා. පන්දු යවන්නන්ටත් මේ දේමයි.

හැම අංශයකින්ම ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් 60ක් පමණ අත්හදා බලා තිබෙනවා. අවුරුද්දකට ක්‍රීඩකයන් 60? මෙය අතාර්කිකයි. මෙයින් පේනවා දැක්මක් නැතිකම. සෑම අවස්ථාවකම සිදුකරන වෙනස්වීම්වලින් අනාගතයේදී ක්‍රීඩාව වෙනස් වෙනවා.”

සුපිරි ක්‍රීඩක කුමාර් සංගක්කාරට ලොව ප්‍රභල ක්‍රීඩකයකු වන ෂේන්වෝන් වෙනුවට ලැබුණු තැන මෙන්න

අපේ රටේ බිහිවූ අති දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන කුමාර සංගක්කාර වසර 15 ක ජාත්‍යන්තර ක්‍රිකට් දිවියකට හිමිකම් කියනවා. සංගා විස්තර විචාරකයෙකු ලෙස සහභාගී කරවා ගැනීමට Sky Sports ආයතනය තීරණය කර ඇති බව වාර්තා වනවා. මෙතෙක් තම ක්‍රිකට් දිවිය තුළ ටෙස්ට් ලකුණු 12,400 ක් සහ එක්දින තරඟ වලදී ලකුණු 14,000 කට වඩා ලබාගත් සංගාට මෙම අවස්ථාව හිමි වන්නේ හිටපු ඕස්ට්‍රේලියානු සුපිරි ක්‍රීඩක ෂේන් වෝන් වෙනුවට බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

මැයි මාසයේ සිට අගොස්තු දක්වා පැවැත්වෙන එංගලන්තයේ “ගිම්හාන ක්‍රිකට් තරඟාවලිය” සඳහා විස්තර විචාරකයෙකු ලෙස සංගා සහභාගී කරවා ගැනීමටයි එම තරඟාවලියේ මාධ්‍ය අයිතිය හිමි Sky Sports ආයතනය තීරණය කර ඇත්තේ.

2017 වසරේදී එංගලන්තයේ පැවති “ශූරයින්ගේ කුසලාන” ක්‍රිකට් තරගාවලියේදී කුමාර සංගක්කාර විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කළ අතර එහිදී “කැරිබියන් ප්‍රිමියර් ලීග්”තරඟාවලියද නියෝජනය කළ නිසා ඔහුට එම අවස්තාව මගහැරුණා. නමුත් මේවන විට කුමාර් සංගක්කාර පළමු පෙළ තරඟවලින් විශ්‍රාම ගොස් ඇති නිසා ඒ සඳහා වැඩි දායකත්වයක් ලබා දිය හැකි බවයි Sky Sports ආයතනය පවසන්නේ.

WELLINGTON, NEW ZEALAND – MARCH 01: Commentator Shane Warne speaks during the 2015 ICC Cricket World Cup match between England and Sri Lanka at Wellington Regional Stadium on March 1, 2015 in Wellington, New Zealand. (Photo by Hagen Hopkins-IDI/IDI via Getty Images)

කෝටි ගානක් වියදම් කරලා ක්‍රීඩකයෝ ගත්තත් දුප්පත්ම IPL කණ්ඩායම් හිමිකරුවා ප්‍රීටි සින්ටා බව අනාවරණය වෙයි

Wealth-X නමැති වත්කම් විශ්ලේෂණ සමාගම පවසන විදිහට IPL කණ්ඩායම් හිමිකරුවන් අතරින් දුප්පත්ම ප්‍රීටි සින්ටා බව හෙළි වෙයි.ඒ වගේම ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ (IPL) කණ්ඩායම් හිමිකරුවන් අතර වඩාත් ජනප්‍රිය චරිතය බවට පත්ව ඉන්නෙත් ඇයමයි.

ප්‍රීටි සින්ටාගේ වත්කම අමෙරිකානු ඩොලර් මිලියන 30කි. (ඉන්දීය රුපියල් කෝටි 183)වැඩි ම වත්කමක් ඇති මුකේෂ් අම්බානිගේ වත්කම අමෙරිකානු ඩොලර් බිලියන 21.2කි (ඉන්දීය රුපියල් කෝටි ලක්ෂ 1.29)

සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායමේ හිමිකරු කලානිධි මාරන්ගේ වත්කම අමෙරිකානු ඩොලර් බිලියන 2.2කි.Kolkata Knight Riders හිමිකරු වන බොලිවුඩ් සුපිරි නළු ෂා රුක් ඛාන්ගේ වත්කම අමෙරිකානු ඩොලර් මිලියන 600කි.

මෙම කණ්ඩායම් 8හි හිමිකරුවන් 8 දෙනාගේ සමස්ත වත්කම් එකතුව අමෙරිකානු ඩොලර් බිලියන 25.17කි.

ශ්‍රි ලංකාවේ අභිරහස් පන්දු යවන්නා කෙවින් ගැන විදෙස් මාධ්‍ය වල අවධානය ලංකාවේ බැරිවුනොත් දකුණු අප්‍රිකාවට ගන්න සැරසෙයි

අසාමාන්‍ය පන්දු යැවිමේ ඉරියව් සහිත පන්දු යවන්නන් ගැන ප්‍රතිවාදී කණ්ඩායම්වල පමණක් නොව ක්‍රීඩාලෝලීන්ගේ ද දැඩි අවධානය යොමුවෙයි.

ගාල්ල මහින්ද විදුහලෙන් බිහිවූ 18 හැවිරිදි කෙවින් කොත්තිගොඩ පසුගියදා මැ‍ලේසියාවේ දී අවුරුදු 19න් පහළ ආසියා කුසලාන ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරද්දී කවුරුත් ඔහු ගැන කතා බහ කරන්නට පටන් ගත්තේ අනූව දශකයේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට දකුණු අප්‍රිකාවෙන් බිහිවූ එවැනිම අසාමාන්‍ය පන්දු යැවීමේ ඉරියව් සහිත දඟපන්දු යවන්නා වන පෝල් ඇඩම්ස්ට සමාන කරමිනි.ඔහුට ශ්‍රිලංකාවේ ඉඩක් නොලැබුනොත් දකුණු අප්‍රිකාවේ හිටපු ක්‍රීඩකයා සිහිවීමට ලංකාවේ කෙවින් දකුණු අප්‍රිකාවට කැදවීමට ඔවුන් බලාපොරොත්තුවෙන් සිටින බවත් ඔවුන් පවසා තිබුනා

ගාල්ල, උණවටුන ප්‍රදේශයේදි 1998 ඔක්තෝබර් මස 4 වැනිදා උපන් කෙවින් හිස පහළට දමාගනිමින් අසාමාන්‍ය අංග ලක්ෂණ විදහා පාමින් දකුණතින් පාදඟපන්දු යවද්දී ඒ ඉරියව් පිළිබඳ ඉන්දීය පුවත්පත් ඉහළින්ම වාර්තා කර තිබිණි.

ශ්‍රී ලංකාවෙන් බිහිවූ අසාමාන්‍ය අභිරහස් පන්දු යවන්නා නමින් කෙවින් හඳුන්වමින් පළ කර ඇති පුවත්පත් වාර්තා ඔහුට ජාත්‍යන්තර ක්‍රිකට් පිටි‍යේ අවධානය දිනාගැනීමට ඉවහල් වී තිබේ.

 

ක්‍රිකට් ක්‍රීඩාවෙන් සදහටම සමුගන්නවා කියපු ඩේවිඩ් වෝනර්ගේ ඔබ නොදැකපු ඕස්ටේලියාවේ තිබෙන බිලියනගානක වත්කම් මෙන්න

ක්‍රිකට් ක්‍රීඩාවෙන් සදහටම සමුගන්නවා කියපු ඩේවිඩ් වෝනර්ගේ ඔබ නොදැකපු ඕස්ටේලියාවේ තිබෙන බිලියනගානක වත්කම් මෙන්න

නිදහස් කුසලානයෙන් පසු ක්‍රිකට් ආයතනයට ලැබුණු රුපියල් මිලියන 800 ලාබෙ නිසා ක්‍රිකට් ක්‍රීඩකයන් සියල්ලන්ටම පඩිත් සියට 50න් වැඩිවෙයි

ජාතික ක්‍රිකට්‌ කණ්‌ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන්ගේ තරග ගාස්‌තු සහ කොන්ත්‍රාත්තුව වැඩි කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය කටයුතු යොදා ඇත.

ඉකුත් කාලයේදී ශ්‍රී ලංකා පිල අසාර්ථක වුවද 2019 ලෝක කුසලාන ඉලක්‌කය වෙනුවෙන් කණ්‌ඩායමේ සියලු අංශ සංවර්ධනය කිරීමේ අරමුණක්‌ වශයෙන් මෙසේ ජාතික කණ්‌ඩායමේ ක්‍රීඩකයන්ගේ වැටුප් වැඩි කළ බව ක්‍රිකට්‌ ප්‍රධානියකු පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය පාඩු ලබන තත්ත්වයේ සිට දැන් ලාබ ලබන තත්ත්වයකට පත්කරලා තියෙනවා. අපි මීට පෙර දේශීය ක්‍රීඩකයන්ගේ වැටුප් වැඩි කළා. ඉදිරියේදී ජාතික කණ්‌ඩායමේ ක්‍රීඩකයන්ටත් වැටුප් වැඩි කරනවා. මේ වන විටත් අදාළ වැටුප් වැඩි කර අවසන්.’ යෑයි ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ප්‍රකාශකයකු පවසා සිටියේය.

ඒ අනූව පවතින වැටුප් ක්‍රමයට වඩා 30-50% ක්‌ අතර ප්‍රමාණයක්‌ වැඩි කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය කටයුතු යොදා තිබේ. ජාතික කණ්‌ඩායමේ ක්‍රීඩකයන් ‘ඒ’, ‘බී’, සහ ‘සී,’ යන කාණ්‌ඩවල වර්ගීකරණයේ සිටින අතර ටෙස්‌ට්‌, එක්‌දින සහ විස්‌සයි විස්‌ස තරග ගාස්‌තු ද සැලකිය යුතු මට්‌ටමකින් වැඩි කිරීමට නියමිතය.

අදාළ වැටුප් වැඩි කිරීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ පසුගියදා අවසන් වූ නිදහස්‌ කුසලාන විස්‌සයි විස්‌ස ක්‍රිකට්‌ තරගාවලියේදී රුපියල් මිලියන 800 ක ලාබයක්‌ ලැබීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය සමත්වීම බවද අදාළ ප්‍රකාශකයා සඳහන් කර සිටියේය. නිදහස්‌ කුසලාන තරගාවලියේදී ප්‍රවේශපත්‍ර අලෙවියෙන් මිලියන 80 ක්‌ පමණ ලාබ ලැබූ බවත් ඉතිරි ලාභය රූපවාහිනී විකාශන අයිතිය සහ අනුග්‍රාහක භවතුන්ගෙන් ලබා ගැනීමට හැකි වූ බවයි

ලෝක කුසලානයෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ පාඩු ලබන ආයතනයක්‌ බවට පත් වුණා. නමුත් අපි දැන් එය ලාබ ලබන ආයතනයක්‌ බවට පත්කරලා තියෙනවා. ඉදිරියේ පැවැත්වෙන ආසියානු ක්‍රිකට්‌ රැස්‌වීමෙන් පස්‌සෙ අපිට වාසි වන තවත් යෝජනා කිහිපයක්‌ ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා.’ යෑයි ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ප්‍රධානියා වැඩිදුරටත් පැවසීය.

ඒ අනුව ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්‌සයි විස්‌ස තරගාවලිය ද මේ වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට්‌වලට ලාබ ඉපයීමේ ප්‍රධාන තරගාවලියක්‌ වුවද එහි උපරිම ලාබ ලැබෙන්නේ වර්ෂයක්‌ පාසා පැවැත්වීමට හැකි වුවහොත් පමණක්‌ බවද වාර්තා වේ.

මම සෙල්ලම් කරන්නේ ලංකාවට විතරයි.IPL ගහන්න යන්නේ නැ කුසල් මෙන්ඩිස් කුසල් ජනිත් වගේම IPL යන්න බැ කියයි

ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ මුම්බායි ඉන්දියන් කණ්ඩායමට ක්‍රීඩා කිරීම සඳහා කුසල් මෙන්ඩිස් හට අරාධනා කිරීමට එම කණ්ඩායමේ ප්‍රධානින් කටයුතු කර තිබු බව සමාජ ජාලා ඔස්සේ වාර්තා වී තිබුණි.

කෙසේ වෙතත් කුසල් මෙන්ඩිස් හට එවැනි ආරාධනාවක් ලැබී නොමැති බවද වාර්තා වනවා.කෙසේ නමුත් එලෙස ආරාධනාවක් හිවි වුඅත් එම යෝජනාව ප්‍රේතික්ෂේප කරන බවත් ඔහු ක්‍රීඩා කරන්නේ ශ්‍රී ලංකාවේ තරග සදහා පමණක් බවත් කුසල් මෙන්ඩිස් විසින් පවසා තිබෙනවා.

ඉකුත් සතියේදී කුසල් ජනිත් පෙරේරා හටද මෙවැනිම ඇරයුමක් සන්රයිසස් කණ්ඩායමට ක්‍රීඩා කිරීම සදහා ලැබී ඇති බව පැවසුනත්  සන්රයිසස් කණ්ඩායම එම පුරප්පාඩුව සදහා නවසීලන්ත ක්‍රීඩක ලුක් රොන්චි යොදා ගෙන ඇත.

දුක දරාගන්න කියාදෙන්න ඇවිත් යන්න එන්න.ගේල්ගේ ප්‍රතිචාරය වෝනර් ස්මිත් දෙදෙනාට ක්‍රිස් ගේල් කියපු දේ මෙන්න.

ක්‍රිකට් පිටියේ වගේම සාමාන්‍ය ජීවිතයේ එන අභියෝග වුනත් අපි හිතන විදියට එන්නේ නෑ,අපිට මුහුණ දෙන්න අපහසු අපි නොසිතන අභියෝගත් අපි නොහිතන වෙලාවක එන්න පුළුවන්,ඒ වගේ දරුණු අභියෝගයකට මුහුණ දීල ඉන්න ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් ක්‍රීඩකයෝ දෙන්නෙක් තමයි ස්ටීවන් ස්මිත් ,ඩේවිඩ් වෝනර් සහ කැමරන් බ්‍රැන්ඩි ක්රෝෆ්ට් කියන්නේ.පන්දුව පලුදු කිරීමේ සිද්දිය එක්ක මුළු ලෝකයම මේ ක්‍රීඩකයෝ ගැන බලන්නේ වපර ඇහැකින්.

ඒ අතරේ මේ සිද්දිය ගැන මැදිහත් විදියට බලපු අයත් හිටිය.එහෙම කෙනෙක් තමයි කොදෙව් ක්‍රීඩක ක්‍රිස් ගේල් කියන්නේ .ගේල් මේ සිද්ධිය අනුමත නොකලත් ක්‍රීඩකයන්ගේ පැත්ත අරගෙන තමයි කථා කරලා තිබුනේ.

ගේල් ට්විටර් පණිවිඩයක් තියල කියල තිබුනේ,මේ සිද්දියෙන් පස්සට යන්න එපා,මේ අවුරුද්ද අධිෂ්ටානයෙන් ජීවිතයට මුහුණ දෙන්න කියල.ඔහු තව දුරටත් කියල තිබුනේ ,දක්ෂ තරුණයෝ තුන් දෙනෙක් විදියට ජීවිතයේ බොහෝ දේවල් තවත් ඉතිරිව තිබෙන නිසා ඒ දේවල් වෙනුවෙන් තමන්ගේ හිත යොමු කරන්න කියලත් කියන ගේල් අවසාන වශයෙන් කියන්නේ හිත නිදහස් කරගන්න  විදිය කියල දෙන්න ඕනෑම වෙලාවක ජමෙකාවට ඇව්ල්ලා තමන් හමු වෙන්න කියල.