තොරනකට වැඩිය ලයිට් තිබෙන ඇතුලට නගපු ගමන් අන්දමන්ද වෙන ඇතුලේ නයිට් ක්ලබ් එකක් වගේ තිබෙන අලුතෙන්ම කරලියට ආපු බස් එක

තොරනකට වැඩිය ලයිට් තිබෙන ඇතුලට නගපු ගමන් අන්දමන්ද වෙන ඇතුලේ නයිට් ක්ලබ් එකක් වගේ තිබෙන අලුතෙන්ම කරලියට ආපු බස් එක

මෙන්න යනවනම් තවත් සුපිරිම බස් එකක් නයිට් ක්ලබ් එකක් පරදන තරමට සුපිරියට හදපු බස් එකක් මෙන්න

පණවගේ ආදරයකල තම පෙම්වතිය ඇස් ඉදිරිපිටම මියගිය නිසා එදා ගාල්ලම හඬවපු ගාල්ලේ උසස්පෙළ සිසුවෙකුගේ ඉරණම සංවේදී ලෙස විසදුන හැටි

මීට කලකට ඉහතදී ගාල්ල ප්‍රධාන බස් නැවතුම්පලේ නිතරම දකින්නට සිටි සිහි විකල් වූ මිනිසෙකි. පිස්සෙක් ලෙස සමාජය හැඳින්වූ ඔහු එදිනෙදා බස් නැවතුම්පලට යන එන සියලු දෙනාගේ දෑසට හසු වූ චරිතයකි. නමුත් කාගේ හෝ දැඩි අවධානයක් ඔහුට ලැබුනේ නැත. කිසිවෙකුට ඔහුගෙන් හානියක්නම් නොවීය. නමුත් ඇතැම් තරුණ කොලු ගැටවු මෙන්ම නොහික්මුණු මිනිසුන් අතින් ඔහුට සිදු වූ තාඩන පීඩන වලනම් නිමක් නොවීය. මා පාසල් ඇරී නිවසට ඒම සඳහා එම වකවානුවේ ගාලු බස් නැවතුමට නිතරම යන එන බැවින් මෙම මිනිසා මා හට ඉතා හුරු පුරුදු දර්ශනයක් විය.

ඔහුට ඇතැම් මිනිසුන් අතින් සිදු වූ මේ තාඩන පීඩන දැක මා කලකිරුණු වාර අනන්තය. ඇතැමෙක් ඔහුට නම්පට බැඳීය. තවකෙක් අත ඇති යමකින් ඔහුට දමා ගැසුවේය. ඒ සියල්ල ඉවසා වදාරන මේ මිනිසා එවන් අවස්ථාවක අසරණව ඉවත්ව යන්නේ කිසිදු ප්‍රතිචාරයක් නොදක්වමින් වීම විටෙක හද කම්පා කරවයි. කෑමක් බීමක් කියා හරි හමන් දෙයක් ඔහුට ලැබුනේ නැත. බස් නැවතුම ඉදිරිපස වූ කඩ පේලියේ තේ කඩයකින් ලැබෙන යමක් සපමින් සිටින අයුරු බොහෝවිට දැකගත හැකි විය. මොහුගේ පිටුපස කිසියම් කතාවක් ඇති බව මා හට අවබෝද වුවත් එය සෙවීමට තරම් අවශ්‍යතාවක් මට ඇති වූයේ නැත.
හැම විටෙකම ඔහු අත වූ මල්ලකි. ඒ මල්ල තුළින් ලියුම් කඩදාසි වැනි යමක් එළියට ගන්නා ඔහු කොහේ හෝ මුල්ලකට වී ඒවා කියවයි. එවන් අවස්ථාවක ඔහුගේ මුහුණේ කිසියම් සිනහවක සේයාවක් ඇඳීයන අයුරු මම පැහැදිලිව නිරීක්ෂණය කළෙමි. හදිසියේ යමෙකු ඔහු ආසන්නයට පැමිණේනම් කළබලයෙන් ඔහු එම ලියුම් කඩදාසිය තම මල්ල තුළට ඔබා ගනී. ඒවායේ ඇත්තේ මොනවාද කියා එවන් අවස්ථාවක මා සිතූ නමුත් යළි එම සිදුවීම අමතකව යයි. සුනාමිය හේතුවෙන් විනාශ වූ ගාලු බස් නැවතුම ඒ වන විට වූයේ තාවකාලිකව ගොඩනැගූ බස් නැවතුමක් ලෙසයි…

මේ ආකාරයට කාලයක් ගතවිය. ගාලු බස් නැවතුම නවීකරණය කොට නව නැවතුම්පලක් සඳහා මුල්ගල තබන ලදී. පරණ ගොඩනැගිල්ල බිමට සමතලා විය. තාවකාලිකව බස් රථ නැවත්වීමේ ස්ථානය වෙනත් ස්ථානයකට ගෙනගියෙන් එහි සිටි සිඟන්නන්, පිස්සන් වැනි හරිහමන් තැනක් නැති මිනිසුන්ට වෙනත් ස්ථාන සොයා ගැනීමට සිදු විය. මාගේ කතාවේ එන මේ මිනිසාටද සිදු වූයේ වෙනත් තැනක් සොයා ගැනීමටයි. අනතුරුව නගරයේ තැන තැන ඇවිදින ඔහුගේ දර්ශනය හැමවිටම දැකගත හැකි විය.

වරක් මා බස් නැවතුම ඉදිරියෙහි වූ ඇපල් කඩ පේලිය අසල මිතුරෙක් පැමිණෙන තුරු රැඳී සිටියෙමි. එම අවස්ථාවේ මේ මිනිසා ඉක්මන් ගමනින් පාර දිගේ එන අයුරු මා හට දැකගත හැකිවිය. ඔහුට පිටුපසින් වූ පිරිසක් ඔහුට උසුළු විසුළු කරන ආකාරයද දර්ශනය විය. එම අවස්ථාවේ ඒ අසල වූ කඩයක සිටි තරමක් මැදි වියෙහි මෙන් පෙනුමක් තිබූ මිනිසෙකු ඒ දෙස බලා ” පවු අහිංසක මිනිහා දැන් ඉන්න තැනක්වත් නැහැ. කොහොම ඉන්න පුළුවන් කොල්ලෙක්ද? “යනුවෙන් පැවසීය.

මේ මිනිසා ඔහු පිළිබඳව යමක් දන්නවා ඇතැයි මට සිතුනි. මම ඔහු හා කතාවට වැටුනෙමි. මිනිසෙකුගේ ඇතුලාන්තය පිළිබඳව නොදන්නා කරුණු ගණනාවක් ඔහුගෙන් මට දැනගන්නට හැකි විය. මේ ඔහුගේම වචනයෙන් පැවසූ දෙයයි…

ඔහොම පෙනුනට ඔය මනුස්සයට වයස අවුරුදු 30කට වැඩි නැහැ. දැන් අවුරුදු පහකටත් වැඩිය කාලෙක ඉඳන් තමයි ස්ටෑන්ඩ් එකේ නිදාගන්නේ. ඔහොම ඉන්න ඕන මනුස්සයෙක් නෙමෙයි. කාත් කවුරුවත් නැති කෙනෙකුත් නෙමෙයි.

ඇයි මෙයා කොහේ කෙනෙක්ද…? මොකද්ද ඔහොම වෙන්න තරම් හේතුව…? මම ඇසුවෙමි.
ඔය කෙනාගේ අම්මයි තාත්තයි දෙන්නම ගුරුවරු. හොඳ ඉස්කෝලවල තමයි දෙන්නම ඉගැන්නුවේ. දෙන්නම පෙන්ෂන් ගිහින්. මේ වැඩි දුරක නෙමෙයි ගෙවල් තියෙන්නේ. ඒ මිනිස්සු මං පෞද්ගලිකවත් දන්නවා.
ඉතිං ඇයි එයාලා මේ මනුස්සයා ගැන හොයලා බලන්නේ නැත්තේ..?
හොයලා බැලුවා. ප්‍රතිකාරත් දුන්නා. අංගොඩ ඉස්පිරිතාලේ නවත්තගෙන බෙහෙත් කරා. ඒත් මේ යකා පැනල එනවා. අන්තිමේදී ගෙදර නවත්තගත්තා. එහෙම ඉන්නෙත් නැතුව තමයි මේ බස් ස්ටෑන්ඩ් එකට ඇවිල්ලා නැවතිලා ඉන්නේ….
ඉතිං මට හේතුව කිවුවේ නැහැනේ මොකද්ද කියලා….?
ඔය කෙනාට ඉස්කෝලේ යන කාලේ ඉඳන් තිබුන ප්‍රේම සම්බන්දයක් තිබුණා. දෙන්නම ඉගෙනගන්න හරි දක්ෂයිලු. දෙන්නම ගාල්ලේ හොඳ ඉස්කෝල දෙකක ඉගෙනගෙන තියෙන්නේ. ඒ නිසා මේ සම්බන්දෙට ගෙවල් වලින් උනත් වැඩිය ප්‍රශ්න දාලා නැහැ. ඒ ඒ දෙමවුපියෝ උනත් දන්න අඳුනන මිනිස්සු. මේ දෙන්නා උසස් පෙළ කරන්නත් එකටමයි පංති ගිහින් තියෙන්නෙත්…

ඉතිං මොකද වෙලා තියෙන්නේ….? මම ඇසුවේ මා තුළ වූ නොඉවසිලිමත් බව නිසාමය.
ඔය දෙන්නා ඉස්සර මුණ ගැහෙනවයි කියන්නේ ඔන්න ඔය පිටිපස්සෙන් තිබුන වක්වැල්ල බස් ඇවිත් නවත්තන තැනදී. දැකලා තියෙනවා නේද ඔය මනුස්සයා ඉන්නෙම ඔතන කියලා…?
ඔව් ඔව්…..
ඔතනට වෙලා ලියුම් වගේ දෙයක් කියවනවා මං නිතරම දැකලා තියෙනවා…
අන්න හරි. ඒත් අවාසනාව කියන්නේ දවසක් දෙන්නා එක්ක ඔහොම කතා කර කර ඉඳලා ඒ ගෑනු ළමයා කහ ඉරෙන් පාරේ එහා පැත්තට මාරු වෙන්න ගිහිං තියෙනවා. ඒත් එක්කම අනික් පැත්තෙන් වේගෙන් ආපු වෑන් එකකට ඒ ළමයා යට වෙනවා හිතුවේ නැති විදිහට. එයා එතනම මැරුණා. සිද්ධිය දැකපු අය කියන්නේ කෙල්ල කොල්ලට අත වන වන තමයි පාර මාරු වෙලා තියෙන්නේ කියලා. ඉතිං ඒ ළමයට තේරිලා නැහැ වාහනයක් එන බවක්. මෙහා පැත්තේ ඉඳපු කොල්ලා ඉස්සරහම කෙල්ලා යටකරගෙන ගියපු එකේ ෂොක් එක මෙයාට දරුණුවට වදින්න ඇති. ඒ වෙලාවේ මිනිය බදාගෙන පාර මැද්දේ කෑ ගැහුවලු. ටික වෙලාවකින් සිහි නැති උනාලු.
එදා ඉඳන්ද මෙයාට මේ දේ උනේ…?
ඒ සිද්ධියෙන් පස්සෙත් කෙල්ලගේ මරණේ වැඩ වලටත් මෙයා ගිහින් ඒ හැම දේමත් කරලා තියෙනවා. ටිකෙන් ටික තමයි ඔය තත්වේ ඇති වෙලා තියෙන්නේ. ඉගෙනීම සම්පුර්ණ කඩාකප්පල් වෙලා කල්පනා කර කර ඉන්න තත්වෙකට වැටිලා. අන්තිමේ දෙමවුපියෝ කරන්න තියෙන හැම දේම කරා. ඉතිං අන්තිමට ඔන්න ඕකයි සිද්ද උනේ.
මොනවද අර ලියුම්…?

මං දැකලා තියෙනවා මුල්ලකට වෙලා හිනාවෙවී කියවන හැටි…..
මිනිස්සු කියන්නේ ඉස්සර ඒ කෙල්ලගෙන් ලැබුණ ලියුම්ලු අර මල්ලේ තියෙන්නේ. දවසක්දා වැරදිලා වැටිලා තිබුණ ලියුමක් අපේ කොල්ලෙක් කියවලා තියෙනවා. කෙල්ලෙක්ගෙ අත් අකුරින් ලියලා තිබුණ ලස්සන ලියුමක්ලු. එදා දවසෙම ඔය මනුස්සයා ඔය ලියුම හෙව්වලු පිස්සුවෙන් වගේ ඇවිද ඇවිද…

පස්සේ ඒක ඒ මනුස්සයටම දුන්න මම කියලම. ඒක දෙන වෙලාවේ හරි අහිංසක විදිහට හිනා වෙලා මොනවද කියනවා මට ඇහුනා. හරි සතුටෙන් වගේ ඒක අරං ගියපු විදිහ මට තවම මතකයි….

මෙකී සිදුවීම් මාලාව සිනමාපටයක් සේ මාගේ මනසේ ඇඳෙන්නට උනා. පිටුපස හැරී අත වනමින් යන තරුණියගේ සිනහවත්, එක් වරම පැමිණි වෑන් රථය ඇයව යට කරගෙන ඉදිරියට ඇදෙන අයුරුත්, අනපේක්ෂිත මොහොතක සිදු වූ දෙයින් කම්පනයට පත් වූ තරුණයාගේ විලාපයත් සිතුවම් පටක් මෙන් මා මනසේ ඇඳී යන්නට උනේ විදුලියක් මෙන් කම්පනයක් මා තුළද ඇති කරමිනි.
වසර ගණනක් ගෙවී ගිය අතර නව බස් නැවතුම්පලද ඉදි වී අවසන් විය. මා නගරයෙන් පිටවී සිටි සමයේ මට එම සිදුවීම අමතක විය. දිනක් මා ගාලු බස් නැවතුමට පැමිණි මොහොතේ මා හට ඒ සිදුවීම නැවත සිහි විය.

වෙනදා මෙන් සිහි මද මිනිසා පෙනෙන්නට නැති බව මට හැඟුනි. ඔහු පිළිබඳව සොයා බැලීමට සිතක් පහල වූ අතර ඒ ගැන ඇසීමට හොඳම පුද්ගලයා ඇපල් වෙළඳාම් කරන වෙළෙන්දා බව සිහි වුනෙන් ඔහුව සොයා ගැනීමට සිදු විය. වෙනදා ඇපල් කඩ පේලිය තිබූ තැන නගර සභාවේ නියෝග මත වෙන ස්ථානයකට ගෙනගිය බැවින් තරමක් දුර ඇවිද ගොස් ඔහුව සොයා ගැනීමට සිදු විය. ඔහුව සොයා ගැනීම එතරම් අපහසුවක් වූයේ නැත.
මා දැක පුරුද්දක් ඇති නිසා ඔහුට මාව හඳුනාගැනීමට හැකි විය. ආගිය තොරතුරු කතාකොට මම ඔහුගෙන් සිහි මද මිනිසා ගැන ඇසුවෙමි.
මොකද අර මනුස්සයට උනේ…? දැක්කෙම නැහැ කාලෙකින්. කොහේ ගිහිල්ලද දන්නේ නැහැ….
අනේ ඒ මනුස්සය දැන් අවුරුදු දෙකකට විතර උඩදී කෝච්චියට යටවෙලා මළා…,

ඇලෝසියස් පිට්ටෙනිය ළඟ තිබිලා මිනිය හම්බු උනා. මාත් ගියා බලන්න. මනුස්සයගේ මල්ලේ තිබුණ ලියුම් කඩදහි සී සී කඩ තිබුණා. ඒවා අතටම දිය උන කොල කෑලි…. වැටිලා ඉන්න වෙලාවේ අතෙත් ගුලිකරගෙන තිබුනේ ලියුමක්. මේ මනුස්සයාගේ කතාව දන්නේ නැති ගොඩක් මිනිස්සු ඒ දේවල් වලට හිනා උනා. ඒත් මට හිතෙන්නේ ඒ මනුස්සයට සන්තකේටම කියලා තිබුනෙත්,ජීවිතේම වෙලා තිබුනෙත් ඒ ලියුම් කොල කෑලි ටික විතරයි…..

එක අතකින් හොඳයි.එයා යන්න ඕන තැනට ගියා….

උගුර සිරවී යන්නාක් මෙන් හැඟීමක් ඇති විය. පෙරකී සිදුවීම් මාලාව යලි යලිත් මාගේ මතකය කළඹන්නට විය. එහෙත් පිස්සෙකුගේ ප්‍රේමය උදාරතර නොවනු ඇතැයි පැවසිය හැක්කේ කාටද….?
_අයේෂ් ලියනගේ_

ආදරය හරිම පුදුමාකාර දෙයක් නේද??

හැමෝම හිතුවේ මේ මනුස්සයා ගඟට පනින්නයි යන්නේ කියලා එතනට ආපු පොලිසියට ඔහු පෙන්නපු දේ නිසා හැමෝගෙම දෙලොව රත්වෙයි

හැමෝම හිතුවේ මේ මනුස්සයා ගඟට පනින්නයි යන්නේ කියලා එතනට ආපු පොලිසියට ඔහු පෙන්නපු දේ නිසා හැමෝගෙම දෙලොව රත්වෙයි

ඔබත් පහතින් බලන්න වීඩියෝව ඔබත් මවිතයට පත්වෙයි ඇත්තටම ඔහු පෙන්නපු දේ ඇහුවොත් හැමෝටම බලන්න share කරන්නත් අමතක කරන්න එපා

දුප්පත් දරුවන් වෙනුවෙන් පාසලක් ඉදිකල අකුරු කිසිවක් නොදත් විශ්මිත දොඩන් වෙළෙන්දා ප්‍රකෝටි පතියෙක්වත් නොකරන දෙයක් කරයි

එක අතකට වටිනා මිනිසුන්ගේ වටිනා ක්‍රියාවක් ගැන සමාජ ගත කිරීම මගින් මිනිසුන් යහපත් සමාජයක් සඳහා තම දායකත්වය හැකි අයුරින් ලබා දීමට පෙලබවීමක් සිදු කරයි.

මේ එවැනි මහා ආදර්ශයක් සැපයු, මහ මග දොඩන් ගෙඩි රැගෙන ගොස් විකනා ජීවිතය සරි කරගත් මිනිසෙකු විසින් දුප්පත් දරුවන් එයින් මුදවා ගැනීමට පාසලක් සෑදු මිනිසෙකු ගැන ඔබ නොදත් කතාවයි.

පහතින් වීඩියෝව නරඹා , තවත් කෙනෙකුට බලන්න share කරන්නට අමතක කරන්නත් එපා.

අපවත් වී දින 100 කින් ගොඩගත් හිමි නමගේ මුහුණේ දුටු අදහාගත නොහැකි ලොවක් මවිතකළ දේ මෙන්න ඔබත් මවිතයට පත්වෙයි

මීට මාස දෙකකට පෙර අපවත් වූ හිමිනමකගේ දේහයක් යලි ගොඩගැනීමට තායිලන්ත විහාරස්ථානයක දායකයින් පිරිසක් කටයුතු කර ඇති අතර එම දේහය ගොඩගන්නා විටද එම හිමි නම සිනහ මුසු මුහුණින් සිටීම ගැන සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ පුවත් මවමින් පවතිනවා.

ලුවාන් පෝර් පියාන් නම් මෙම හිමි නම තායිලන්තයේ බොහෝ ගෞරවයට පාත්‍ර වූ හිමි නමක් වන අතර උන් වහන්සේගේ දේහය තැන්පත් කල ස්ථානයෙන් යලි ගොඩ ගෙන ඇත්තේ අපවත් වී දින 100කින් පවත්වන පුජාවක් සදහායි.

කාම්බෝජියානු ජාතිකයෙක් වන උන් වහන්සේ සිය ජිවිත කාලයෙන් වැඩි කොටසක් වාසය කර ඇත්තේ තායිලන්තයේ.

කොහොම වුනත් මරණයෙන් මාස දෙකකට පසුත් උන් වහන්සේ සිනහ මුසු මුහුණි සිටීම ගැන ලොව පුර සමාජ මාධ්‍යන්හි දැඩි අවධානයක් යොමු වී තිබෙනවා.

 

සමලිංගික ප්‍රේමයක් ගැන කියවෙනවා කියූ ගහක මල් පිපිලා ගීතයේ ඇත්තම තේරුම මෙන්න මෙතෙක් ඔබ නො ඇසු කතාව මෙන්න

ගහක මල් පිපිලා පිපෙන්නේ
ඇයිද නොදන්නෙමී
හිතක මල් පිපිලා පිපෙන්නේ
ඇයිද නොදන්නෙමී
නුඹට සිත බැදි කාරණේ මා
තවම සොයන්නෙමී…

පද රචනය – යමුනා මාලනී පෙරේරා
සංගීතය – ගුණදාස කපුගේ
ගායනය – කරුනාරත්න දිවුල්ගනේ

ප්‍රවීණ ගී පද රචිකාවක් මෙන්ම ප්‍රවීණ ලේඛිකාවක්ද වන යමුනා මාලනී පෙරේරා ලියා විශාරද ගුණදාස කපුගේ සංගීතවත් කොට කරුණාරත්න දිවුල්ගනේ ගායනා කල “ගහක මල් පිපිලා” ගීතය මෙරට රසික සමාජය තුල අතිශය කතාබහට ලක්වුණු ගීතයකි.ප්‍රේමය එහි ස්වභාවය කදිමට අලුත් ඇසකින් දකින කිවිඳිය එය රසිකයාගේ අත්දැකීමක් තරමටම සමීපවන පරිදි මෙහි පද පෙළගස්වයි.ඒ තරම් සංවේදී විදියට ගීතයකට පද වැල් ගලා එන්නේ කොහොමද?මේ ගීතය බිහිවීම පිටුපස ඇති ඇත්ත කතාව කුමක්ද?යමුනා මාලනී පෙරේරා ඒ ගැන කියන්නේ මෙහෙමයි.ගීතයක් නිර්මාණය වෙනකොට ඊට බලපාන ආසන්නම හේතුවක් හොයාගන්න පුලුවන්.

මේ ගීතයේත් එහෙම ආසන්න හේතුවක් තියෙනවා.ඒ කතාව මෙහෙමයි.එක්තරා ලේඛිකාවක් හිටියා නිතරම පුවත්පත්වලට ගුවන් විදුලියට හෝ සඟරා වලට ලිපි ලියන.ඒ ලිපි බලලා ඇයට ප්‍රතිචාර දක්වමින් ලියුම් ලියන රසික පිරිසකුත් ඇයට හිටියා.මේ එන ලිපිවලින් කිහිපයකට මේ ලේඛිකාව පිළිතුරු ලිපි ලිව්වා.ඒ හැමදෙනාම රසිකාවන් කියල තමයි මේ ලේඛිකාව දැනගෙන හිටියේ.

හැබැයි මේ අතරින් එක්කෙනෙක් රසිකාවක් නොව රසිකයෙක් බව ටික කලක් යනකොට මේ ලේඛිකාවට අඳුනගන්න ලැබෙනවා.එක වෙන්නේ ඒ රසිකයා මේ ලේඛිකාව ගැන තොරතුරු හොයාගෙන ඇය වැඩ කරන තැනට දුරකථන ඇමතුමක් දීලා “මම මේ කතා කරන්නේ අහවල් කෙනා”කිව්වට පස්සේ ඒ වෙලාවේ මේ ලේඛිකාව පුදුම හිතිලා.ලේඛිකාව කිව්වා මේක වැරදීමක් මම රසිකයෙකුට කවදාවත් ලිපි ලියලා නෑ කියලා.ඒත් ඒ රසිකයා එක පිළිගත්තේ නැහැ.

බැලුවම ඒ රසිකයාගේ නමත් ගැහැණු නමකට සමාන එකක්.මෙයා මෙයාගේ නම ප්‍රයෝජනයට අරගෙන රසිකාවක් වගේ පෙනී ඉඳලා.කොහොමහරි මේ රසිකයා ලේඛිකාව සමග කතාබහ කරලා හිතවත් උනාට පස්සේ කිව්වලු “මම ඔබේ ලේඛනයට වශී වෙලා ඉන්නේ,අපිට මුණ ගැහෙන්න බැරිද” කියලා.ඊට පස්සේ ලේඛිකාව කියල තියෙනවා “ඔබ කලේ රැවටීමක්,එහෙම හමුවීමේ අවශ්‍යතාවයක් නැහැ” කියලා.එවිට රසිකයා මෙහෙම කිව්වලු “ඔය විදියට කතා කරන්න එපා,මම අපරාධයක් කළා නෙවෙයිනේ.කෙනෙකුට තමන්ගේ හිතේ තියන ආදරය ප්‍රේමය කියාගන්න බැරුව ලතැවෙන අවස්තාවක් මේක.මේ විදියේ ආදර හැගීම් ලෝකේ තියෙන්න පුළුවන්”

ඒත් ලේඛිකාව මේ රසිකයාගේ අදහස ප්‍රතික්ෂේප කළා.ඒ ප්‍රතික්ෂේප කිරීම නිසා රසිකයා කතා කලේ හිත් වේදනාවෙන්.ඔහු මෙහෙම කියල තියෙනවා. “ඔබේ කවිවල තියෙන සෞම්‍ය ගුණය ඔබේ කතාවේ හෝ ඔබේ හදවතේ නැහැ.ඒත් කමක් නෑ,මතක තියාගන්න ඔබේ ලියවිල්ලට ආදරය කරපු සහ ඔබට ආදරය කරපු කෙනෙක් හිටියා කියලා” ඔහු අවසානයට කිව්වලු.”නොහිතන තැන්වල ආදරය තියෙන්න පුළුවන්,තව ඉස්සරහට ඔබට ඕක තේරෙයි” කියලා.

ඒත් ඊට පස්සේ ඒ රසිකයා ලේඛිකාවට කරදර කරලා නැහැ.ඇය එයින් හිතාගෙන තිබෙනවා මේ කෙනා හැදියාවකින් යුතු අයෙකු බව.ඔහු කී කතාව කාලයක් යන තුරුම ලේඛිකාවගේ හිතේ පැලපදියම් වෙලා තිබුණා.ඇය මේ සම්පුර්ණ කතාව මා සමග කීවා,මටත් ඒ කාරණය දැනුනා.සමහර විට ඒ කතාවේ හැටියට එහෙම ඒක පාර්ශවීය ආදර ලෝකේ තියෙන්න පුළුවන්.

ඒ ඔස්සේ තමයි මට මේ ගීතය ලියන්න හිතුනේ.අපි ප්‍රේමය ගැන මොන දේවල් ලිව්වත් තවත් ලියන්න දේ ඉතුරු වෙලා තියෙනවා කියලා මට හිතුනා.යමුනා මාලනී පෙරේරා තම මිතුරියගේ අත්දැකීම ඇසුරින් ගීතයට තේමා සපයා ගත අන්දම පැහැදිලි කලේ එසේය.මේ ගීතය පුරාම ඇත්තේ සොබා දහමේ විචිත්‍රතාවයයි.එය ඇගේ සෑම ගීතයකම පාහේ දැකිය හැකි සුවිශේෂී ලක්ෂණයකි.

“ගහක මල් පිපිලා” ගීතයෙන් ප්‍රකාශ වන්නේ සමලිංගික ප්‍රේමයක් ගැන යැයි ඇතැමුන් අදහස් පලකොට තිබිණි.එහෙත් ඒ අදහස යමුනා මාලනී ප්‍රතික්ෂේප කරයි.මේකේ කියවෙන්නේ පවිත්‍ර ප්‍රේමයක් ගැන.ඒත් මෑත භාගයේ කිසියම් කෙනෙක් අන්තර්ජාලයෙන් ප්‍රකාශයක් කරලා තිබ්බා මේක සමලිංගික ප්‍රේමයක් ගැන කියවෙනවා කියලා.ඊට පස්සේ රසිකයන් අතර ලොකු කලබැගෑනියක් මතුවුනා.

මට කෙළවරක් නැතුව රසිකයන්ට උත්තර දෙන්න සිද්ධවුණා.මේක අප්‍රකාශිත ආදරයක්.ගීතයක් ජනගත වුනාට පස්සේ ඒක අයිති වෙන්නේ රසිකයාට.ඒ නිසා තමයි මේ ගීත ගැන රසිකයා මේ තරම් කැක්කුමකින් කතා කරන්නේ කියල මට හිතුනා.ඒකෙන් පේන්නේ ඇදටත් හොඳ රසික පරපුරක් ඉන්න බව.

දූගේ යාළුවෙක් ගෙට දිව්වේ ඔන්න තාත්තා එනවා කියාගෙන කාමරේදි මම දැකපු දෙයින් මගේ ඇස් අදහාගන්න බැරිවුණා මගේ දුවේ

අම්මා වගේම තාත්තා තමන්ගේ දරුවන්ගේ ජීවිත ලස්සන කරන්න මොන තරම්නම් කැපකිරීම් කරනවද..? ඒත් ඒ දුක වේදනාව හදුනන්නේ නැති දරුවෝ කරන වැඩ නිසා අම්මා තාත්තට සැනසීම වගේම සතුටත් නැතිවෙලා යනවා. වැරදි ඇසුරවල් නිසා ජීවිතේ විනාශ වෙලා සපිරිගෙට යන්න සිද්ධවුණු දියණිය නිසා තවමත් දුක් විදින තාත්තා කෙනෙකුගේ හෙළිදරව්වකි මේ.

මට දරුවෝ මහ ගොඩක් හිටියේ නැනැ. මට හිටියේ එක දරුවයි. එයත් ගෑණු දරුවෙක්.
මං මේ දුව හදාගන්න පුදුම දුකක් වින්දා. මම මෙහෙම හිටියට හොද රස්සාවක් කරපු කෙනෙක්.
මම විවාහ වුණේ ගෙදරින් ආපු යෝජනාවකට.

අපේ පවුලේ මම විතරයි.
කසාද බැඳලා අවුරුදු තුන හතරක් ගතවුණා. ඒත් බිරිඳට දරුවෙක් ලැබෙන පාටක් තිබුණේ නැහැ.
අපි දෙන්නයි මගේ අම්මයි හැම දේවාලෙකටම ගියා. පුළුවන් තරම් බාර හාර වුණා දරුවෙක් ලැබෙන්න කියලා.

අපි අනුරාධපුරේ ගියා. කතරගම ගියා. දළදා මාලිගාවට ගියා මේ හැම තැනටම පුදපූජා කෙරුවා.
හොඳයි කියන හැම දොස්තර මහත්තයෙක්ම වගේ හමුවුණා.
මේ ඔක්කොම කරන්න පටන් අරගෙන අවුරුදු පහකට විතර පස්සේ මගේ බිරිඳට දරුවෙක් ලැබෙන ලකුණු පහළ වුණා.
ඒත් ඒ වෙනකොට මගේ අම්මයි තාත්තයි දෙන්නම ජීවතුන් අතර නැහැ.

බිරිඳගේ අම්මයි, නංගියි අපේ ගෙදර නතර වෙලා හිටියේ.
ඒ කාලේ මට මතක හැටියට බිරිඳට වයස අවුරුදු 38 ක් විතර ඇති.
මම එයාට වඩා අවුරුද්දයි වැඩිමල්. දුව ලැබෙන්න ආදා ඉදලා බිරිඳ අසනීපයෙන් හිටියේ.

දරුවා ලැබෙන්න ඇවිත් මාස හතරක් විතර වෙද්දි බිරිඳට හොදටම අසනීප වුණා.
පෙෂර් වැඩිවුණා. දොස්තර මහත්වරු බයවුණා බිරිඳ ගැන.
ඒ නිසා ඒ ගොල්ලෝ දරුවගේ වයස සම්පූර්ණ වෙන්නත් කලින් සිසේරියන් සැත්කමකින් දරුවව ගත්තා.
දරුවා නිරෝගී කෙනෙක් වුණේ නැහැ. ඒ නිසා මම හිතුවේ අපිට දරුවා නැතිවේවි කියලා.
ඒත් මට නැතිවුණේ මගේ බිරිඳ.
බිරිඳගේ මරණයෙන් පස්සේ දරුවා මාස දෙකක් විතර හිටියේ රෝහලේ.

මාස දෙකහමාරකට තුනකට විතර පස්සේ අපිට දරුවව දුන්නා ගෙදර ගෙනියන්න කියලා.
මම දන්නේ නෑ මට ඒ වෙලාවේ දැනුනේ සතුටද දුකද කියලා. මම හරියට ඇඩුවා.

බිරිදගේ නංගියි අම්මයි මගෙත් එක්ක නතරවුණා.
නංගි විවාහවෙලා හිටියේ නැහැ.
එයා මගේ දරුවට අම්මා කෙනෙක් වුණා. අපි මේ දරුවව ඉතාමත් ආදරෙන් හදාගත්තා.
ඒත් දරුවා ටික ටික ලොකු වෙනකොට අම්මා නංගිවත් අරගෙන ගමට ගියා.

අම්මට ඕන වුණේ නංගිව වෙනත් කෙනෙකුට බන්දලා දෙන්න. ඒත් ගමේ ගිහිල්ලා ටික දවසකින්ම නංගි ආයෙමත් ගෙදර ආවා.
ඒත් අම්මා ආවේ නැහැ. ගමේ මිනිස්සු එක එක කතන්දර කියනවා කියලා මට ආරංචිවුණා. අපේම නෑයෝ වුණත් එහෙමයි. මම අන්තිමට හිතාගතත්තා ගේ ඉඩම විකුණලා වෙන කෙහෙටහරි යන්න.

බිරිඳගේ නංගි ඇවිත් අවුරුද්දකට විතර පස්සේ අපි ගේ ඉඩම් විකිණුවා. පිට පළාතකට පදිංචියට යන්න ගිය අපි ඊට කළින් අපේ විවාහය ලියාපදිංචි කළා.
බිරිඳගේ නංගිගේ නම සෞම්‍යා. අපි දරුවත් හදාගෙන බොහොම සතුටින් හිටියා.

දරුවගේ පපුවේ සිදුරක් තිබුණා. ඒක වෛද්‍යවරුන්ට පෙන්නුවට පස්සේ දරුවව ශල්‍යකර්මයකට ලක් කෙරුවා.
ඊට පස්සේ දුවට තිබුණු ලෙඩ සනීප වුණා.

මට ඕන වුණේ දුවට හොඳට උගන්වන්න.
දුවව අපි කොළඹ ලොකු ඉස්කෝලේක්ට දැම්මා. සෞම්‍යා තමයි මුලින්ම දුවව ඉස්කෝලේ අරගෙන ගියේ.
මම හිතුවේ නෑ සෞම්‍යා කිසිම දවසක මාව දාලා යාවි කියලා.
ඒත් සෞම්‍යා දුවව ඉස්කෝලේ අරගෙන යද්දි මගදි හමුවෙච්ච කා එක්ක හරි යාළුවුණා.
සෞම්‍යා එයත් එක්ක යන්න ගියා. මගේ දුවයි මමයි ආයෙමත් තනිවුණා.

සෞම්‍යා නැති පාලුව දරාගන්න බැරිවුණා.
මම ආයෙමත් විවාහයක් ගැන හිතුවේ නෑ.
දුවයි මමයි බොහොම සහයෝගයෙන් හිටියට මට තනියම දුවගේ කටයුතු කරගන්න අමාරු වුණා.
මම දුවව නේවාසිකාගාරයක නතර කෙරුවා. මටත් නොදැනිම මගේ දුව ලොකුවුණා.

සාමාන්‍ය පෙළ විභාගය ලියනකොට මගේ දුව බොහොම හැඩකාර කෙල්ලෙක්. හරියට රෝස මලක් වගේ. මං දූ ගැන හරිම ආඩම්බරෙන් හිටියේ.
මම හිතුවා දුව හොදට ඉගෙන ගනීවි කියලා. විභාගයෙන් පස්සේ දුව ගෙදර ආවා.

තාත්ති මම ගෙදරට යාළුවෙක් ගෙන්න ගන්නවා.. මට මෙහෙ තනියම ඉන්න කම්මැලියි.
දුව එහෙම කියලා එයාගේ යාළුවෝ දෙන්නෙක්ව ගෙන්න ගත්තා. ඒ අයගෙන් එක දරුවෙක් ගැන මම හොඳට දන්නවා.

ඒ දරුවගේ තාත්තා මගේ යාළුවෙක්. කොහොම හරි මේ දරුවෝ තුන්දෙනා ගෙදර හිටියා.
මං දවල් දවසේ කන්තෝරුවේ හිටියේ. දරුවෝ කරන්නේ මොනවද කියලා මම හරියට දැනගෙන හිටියේ නැහැ.

මම දවසක් ගෙදර එද්දි අපේ ගේ ළග මෝටර් සයිකලයක් නතර කරලා තිබුණා. මම බැලුවේ පුදුම වෙලා.
සාලේ හිටපු දූගේ යාළුවෙක් ගෙට දිව්වේ ඔන්න තාත්තා එනවා කියලා.
මං ගෙට ගියේ පුදුම තරහකින්. ඒත් දුගේ කාමරේදි මම දැකපු දෙයින් මගේ ඇස් අදහාගන්න බැරිවුණා.

කිසිම තාත්තා කෙනෙක්ට එවැනි දෙයක් දකින්න ලැබෙන්න එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා. හැමදේම දැක්කම මම යකෙක් වුණා.
ගේ අස්සේ හිටපු කොල්ලා පැනලා දිව්වා. මම දූගේ යාළුවන්ව ඒ අයගේ මව්පියන්ට එන්න කියලා බාරදුන්නා.

දුව හිටියේ මත්වෙලා වගේ. අර ගෑණු දරුවොත් ඒ වගේමයි. මට හිතාගන්න බැරිවුණා මෙයාලට මොකද වෙලා තියෙන්නේ කියලා.
මම දුවව දොස්තර මහත්තයෙක් ගාවට එක්කගෙන ගියා.
එතකොට තමයි දැනගතක්තේ දූ කුඩුවලට ඇබ්බැහිවෙලා කියලා.
මම දුවව එක්කගෙන ආවා. මම හිතාගත්තා සතියක් විතර ගෙදර ඉන්න.

දුවව ආදරෙන් බලාගත්තා. හැම තිස්සෙම හොයලා බැලුවා. ඒත් දුව හැමවිටම මාව මගහරින්න බැලුවේ.
තනියම කල්පනා කරනකොට පුදුම වේදනාවක් හිතට දැනෙන්න ගත්තා.

ඒත් ඒ දුක කියා ගන්න කෙනෙක් මට හිටියේ නැහැ. කාටවත් කියාගන්න බැහැ.
සතියක් විතර යනකොට දුව සාමාන්‍ය තත්ත්වයට ආවා.
ඒත් දුව හැදුනේ නැහැ. දවසක් මම බඩු ගේන්න ටවුමට ගියා.
එදා හැන්දෑවේ දුව නිදියගෙන හිටපු නිසා මම එයාව ගෙදර තියලා ගියේ. ඒත් මම ටවුමට ගිහිල්ලා එනකොට දුව ගෙදර නැහැ.
මම පිස්සුවෙන් වගේ දුවව හැමතැනම හෙව්වා. මාස ගාණක් යනතුරු දුවව හොයාගන්න බැරිවුණා.
මේ අතර මම රස්සාවෙන් විශ්‍රාම ගියා. මගේ හිතේ අමාරුව කියාගන්න කෙනෙක් හිටියේ නැහැ. මම දුවගේ යාළුවන්ගේ ගෙවල්වල ගියා.
ඒත් දුව ඒ කෙහෙවත් හිටියේ නැහැ.
මම හැමදාම පන්සල් ගියා. මගේ දරුවා ආරක්ෂා කරලා දෙන්න කියලා.

බෝධිය නාවලා ප්‍රාර්ථනා කළා. කොහොමහරි අවුරද්දකට විතර පස්සේ පොලිසියෙන් අපේ ගෙදර ආවා.
ඔවුන් ආවේ මට දුව ගැන තොරතුරක් අරගෙන.
මම දන්නේ නෑ ඇයි දුව පොලිසියට මගේ විස්තර දුන්නේ කියලා.
මම දුව බලන්න ගියා. පුදුම විදිහට වෙනස්වෙලා දුව.බංකුවක වාඩිවෙලා හිටපු දුව මගේ කකුල් දෙක ළඟ වැටිලා අඩන්න ගත්තා.
මට මගේ පුංචි කෙල්ලගේ උණුසුම දැනුනේ හුඟ කාලෙකට පස්සේ.

ඒත් දුවව උසාවි ඉදිරිපත් කළාට පස්සේ එයාට දඩුවම් නියම වුණා.
වැරදි හැටියට තිබුණේ අනාචාරයේ හැසිරීම, මත්ද්‍රව්‍ය භාවිතය සොරකම් කිරීම.
මම හැම මාසෙම ඇවිත් දුවව බලලා යනවා. දුව දැන් හැදිලද කියන්න මම දන්නේ නෑ. ඒත් එයා මොන දේ කළත් මගේ දරුවනේ.
මං බොහොම අමාරුවෙන් හදාගත්ත මගේ කෙලි පොඩිත්ත මෙහෙම හරි දකින්න ලැබීම මට සැනසිල්ලක්.

මෙන්න දකින අය පිස්සුවෙන් වගේ බලන ලංකාවේ කොල්ලෝ ටිකක් ත්‍රී විල් එකකට කරපු පට්ටම වැඩක් මෙන්න හැමෝම හොයන සුපිරි වාහනේ

මෙන්න දකින අය පිස්සුවෙන් වගේ බලන ලංකාවේ කොල්ලෝ ටිකක් ත්‍රී විල් එකකට කරපු පට්ටම වැඩක් මෙන්න හැමෝම හොයන සුපිරි වාහනේ

වාහන වලට අලුතෙන්ම ආපු කලාව තමා ස්ටිකර් කරන එක මේ ඒ වගේ ත්‍රී විල් එකකට කරපු පට්ටම වැඩක්

ඇගේ කොටස් කෑලි කෑලි වලට කැඩූ නිමේෂ් බෙල්ලත් අනිත්පැත්තට කඩයි විනිසුරුවන් අන්දමන්ද වෙයි මෙන්න සිදුවූ දේ

ඇගේ කොටස් කෑලි කෑලි වලට කැඩූ නිමේෂ් බෙල්ල අනිත් පැත්තට කරකවයි මේකනම් පුදුම හැකියාවක් අනිවර්යෙන් බලන්න මේවගෙ හැකියාවන් තියන අය තවත් ඉන්නවද බලන්න.
පහතින් එම වීඩියෝව නරඹා තව කෙනෙක්ට බලන්න ශෙයා කරගෙනම යන්න.

නිවසේ බල්ලා හාරපු ගස් බෙනය ඇතුලේ තිබ්බ ඇලුමිනියම් බඳුන විවෘත්ත කල ඔවුන් දැක්ක අදහාගත නොහැකි පුදුම හිතෙන දේ මෙන්න

කැලිෆෝනියා ප්‍රාන්තයට හිරු උදා වන විට නිවෙස් වලට වී උන් ජනතාව වීදියට බසින්නට වුයේ දවස ආරම්භ කිරීමටය.නමුත් එහි සිටි එක්තරා යුවලක් තම සුරතල් බල්ලාද සමග ඇවිදීමට යාමට තීරණය කලේ නැවුම් හිරු එළියේ පහස විදගැනීම සඳහාය.

වෙනදා තමන් නිතරම යන එන මාර් ගයේ ඔවුන් ඇවිද යන විට ඉදිරියෙන් දිව ගිය සුනඛයා එක වරම කාලයක් තිස්සේ ඔවුන්ගේ ගෙවත්තේ තිබුණු ගසක් යට නතර විය.එවිට ඒ දෙසට ගිය තරුණ යුවලට එහි යමක් වැළලී ඇති බව පෙනෙන්නට විය ඔබත් පහත විඩියෝවෙන් නරබන්න .