පොඩි හිඩසක්වත් පෙනෙන්නේ නැතිවෙන්නම වෙසක් දවසේ මුළු නිවසම බල්බ් වැල් වලින් සැරසු ගම්පහ තිබෙන එකම සුපිරි නිවාසය මෙන්න

ලංකාවේ සිංහල අපි ඉහලින්ම සමරන උත්සවයක් තමයි වෙසක් උත්සවය කියන්නේ. තම තමන්ට පුළුවන් ආකාරයෙන් විය පැහැදම් කරලා තමන්ගේ නිවාස තමන්ට හැකි ආකාරයෙන් ආලෝකමත් කරලා බුදුන්ට ආලෝක පුජාවක් ලෙස පුජා කරන්න හැමෝම තමන්ට පුළුවන් ආකාරයෙන් උත්සහ කරනවා. ඉතින් අද අපි මේ කියන්න යන්නේ හැමදාම වෙසක් , පොසොන් වලට ඉහලින්ම ආලෝකමත් කර සමරන ගම්පහ නිවසක් ගැනයි.

මේ නිවාස සමාජ මාධ්‍ය තුලද බොහෝ ප්‍රසිද්ධයි. මොකද තෝරන් පරාද කරන ලස්සනක් තමයි මේ ගෙදර වෙසක් කාලයට තියෙන්නේ. මෙන්න බලන්නකෝ එහෙනම්

දෙවන වර්ශපුර්ණයට ඔහුගේ පිළිමයක් හදනවා විජයගේ මතකය නැවත පන දෙමින් විජය නන්දසිරි මහතාගේ බිරිඳ කියපු දේ මෙන්න

දේවිකා මිහිරාණි කියන නමට අපේ රටේ හැඳින්වීම් දෙකක්‌ තියෙනවා. එකක්‌ සුවිශේෂී කලාකරුවකු වූ විජය නන්දසිරිගේ ජීවන සහකාරිය අනිත් හැඳින්වීම අපේ රටේ අත්දැකීම් සපිරි වේදිකා සිනමා හා ප්‍රථම ටෙලි නාට්‍ය රංගන ශිල්පිනිය මේ භූමිකා දෙකෙන්ම රටට වැදගත් කාන්තාවක වී සිටින ඇය ඇගේ ප්‍රාණය සමවූ ඔහුගේ වියෝවෙන් දෙවර්ෂයක්‌ ගතවෙන මොහොතේ අප හා පිළිසඳරකට එළඹුණා.

කලකට පසු ඔබ ටෙලිනාට්‍යක රංගනයට එක්‌ව ඇතිවග අපට දැනගන්නට ලැබුණා….?

මේ දිනවල ටෙලිනාට්‍යයක නම් රඟපාන්නෙ නැහැ ආරාධනාවක්‌ ලැබුණා. නමුත් මඟේ මව මියගිහින් අවුරුද්දක්‌ සම්පූර්ණ වෙනවා මේ වසරට ඒ වෙනුවෙන් පින් කමක්‌ කරන්න හිතාගෙන ඉන්නවා ඊට අමතරව විජයගේ දෙවර්ෂ පූර්ණය හා ඔහුගේ උපන්දිනය වෙනුවෙන් අපි විශාල වැඩ කොටසක්‌ කරන්න සූදානම් වෙනවා. මේ වෙනුවෙන් අපේ මිනිපිරියත් ලංකාවට ආවා මේ වැඩ කටයුතු එක්‌ක මට මේ දිනවල කාලය ලබාදෙන්න අපහසුයි. නමුත් මේ කටයුතු වලින් පස්‌සෙ ඔවුන් නිර්මාණයක්‌ කරනවා නම් මම එයට දායක වෙන බව පවසා ඒ කටයුත්ත ප්‍රතික්‍ෂේප කරන්න සිදුවුණා.

දිඟු කලක්‌ ඔබව ටෙලිනාට්‍යයකින් අපට දැක ගැනීමට නොහැකි වීමට බලපෑ හේතුව රංගන දිවියට වඩා පෞද්ගලික දිවියට පෙම් කිරීමමද..?

අනිවාර්යෙන්ම. රූපවාහිනියේ යමක්‌ කිරීමේ ආශාවක්‌ හා කැමැත්තක්‌ තියෙනවා නමුත් ඊටත් වඩා මම වෙනුවෙන් යමක්‌ කරන්න පුළුවන් නම් ඒ වෙනුවෙන් තමයි මම වැඩි අවධානය යොමු කරන්නෙ. මොකද මගේ ජීවිතයම කැපවුණේ ඔහු වෙනුවෙන්. පැහැදිලිවම රඟපෑමේ කැමැත්තක්‌ තියෙනවා. මා තුළ නිළියක්‌ රඟපාන්න කැමති නැහැ කියනව නම් ඒක බොරුවක්‌ නමුත් කාලය පිළිබඳ ප්‍රශ්නය තමයි තියෙන්නෙ.

ටෙලි හා සිනමා නිර්මාණ තුළ ඔබ නොපෙනුනාට වේදිකාව මත නිරතුරුවම ඔබ අපට හමුවනවා…?

වේදිකාවේ නිර්මාණවලට දායක වෙන්න අපිට කැමැති දින යොදාගන්න පුළුවන්. ටෙලිනාට්‍යකදී හෝ චිත්‍රපටයකදී එක දිගට කාලයක්‌ ඔවුන්ට ලබාදෙන්න වෙනවා. එතනදී පෞද්ගලික කාරණා බලපාන්නෙ නෑ. අනිවාර්යෙන්ම ඒ නිසයි පෞද්ගලික කාරණා දහසක්‌ අතර වුණත් මම වේදිකාව තුළ දකින්න ලැබෙන්නෙ.

විජයගේ උපන් දිනය හා දෙවර්ෂ පූර්ණය වෙනුවෙන් සංවිධානය කෙරෙන පිංකම් මොනවද?

එයාගෙ උපන් දිනය හා දෙවර්ෂ පූර්ණය යන අවස්‌ථා දෙකම වෙනුවෙන් අපි අගෝස්‌තු 8 වැනිදා දිනය තුළ ධර්ම දේශනයක්‌ සහ දානමය පිංකම් පවත්වනවා. ඒ වගේම ඔහු වෙනුවෙන් පිළිමයක්‌ නිර්මාණය කරන්න මගේ අදහසක්‌ තියෙනවා. එදිනට එම පිළිමය නිර්මාණය කර අවසන් කරන්න බැරිවෙයි නමුත් ඒ කටයුත්ත අරඹන්න හෝ උත්සාහ කරනවා. ඒ විතරක්‌ නෙවෙයි ඔහුගේ සොඳුරු සමාජ දායකත්වය මතු පරපුරටත් දායක කරන්න මම බලාපොරොත්තු වෙනවා. කළහැකි යමක්‌ වේද ඒ හැමදෙයක්‌ම කරන්න බලාපොරොත්තු වෙනවා.

විජයව වඩාත් හඳුනන කෙනා ඔබ හැටියට ඔහුව දකින්නෙ…?

පසුගිය කාලයේ එයා දිගටම ප්‍රහසන චරිත රඟපෑවා. ඒකට හේතුවන්න ඇත්තේ ඔහු කරන දෙයින් මිනිස්‌සුන්ගේ හිත්වල ලැගුම් ගත්නිසා වෙන්න ඕනෑ. විජය ඊට වඩා කලාත්මක චරිත ගැඹුරු චරිත නිරූපණය කළ කෙනෙක්‌ අවුරුදු 27 ක්‌ මනමේ කුමාරයාගේ චරිතය මනමේ කුමරියන් 5 දෙනෙක්‌ එක්‌ක රගපෑවා ඒක නළුවෙකුට ලැබෙන දුර්ලභ වරමක්‌ විජය මියයන තෙක්‌ම ඔහුගේ පෙනුම රැකුණා. ඔහු මියගියේ අවුරුදු 69 දි ඔහු මියගියාට පසුවයි ඔහුගේ නියම වයස බොහෝ දෙනා දැන ගත්තේ.

විජයගෙන් හිස්‌වුණ ලෝකයේ ඒ පාළුව තනිකම මට කියල නිම කරන්න බැහැ විජය සිටිය කාලයේ මට ලැබුණ සැප සම්පත් සහිතව මම අද ජීවත් වුණත් ඒ හිස්‌තැන පුරවන්න බැහැ අද මට දේවිකා කියල කතා කරන්න කෙනෙක්‌ නැහැ අනික හැමෝම මට කතාකරන්නෙ අක්‌කා නංගි කියල විජය තමයි මට දේවිකා කියල කතා කරපු එකම කෙනා.

ඔහුට ගරුකළ මේ රටේ ජනතාව වෙනුවෙන් අනාගතයේදී විජයගේ නමින් රංගන පාසලක්‌ පටන් ගන්න මගේ අදහසත් තියෙනවා. ඒක ගැන මට නිශ්චිත කාලයක්‌ කියන්න බැරි වුණත් මම කවදා හෝ එය කරනවා.

ටෙලි තිරයට ඔබ නැවත එන්න බලාපොරොත්තු වෙනවානම් ඔබ තෝරාගන්නේ…?

මට තරුණ චරිත රඟපාන්න බැහැනෙ මවක්‌ මිත්තනියක්‌ හෝ සොයුරියකගේ චරිත තමයි රඟපාන්න වෙන්නෙ මොනව වුණත් මට ගැලපෙන චරිත තමයි මම රඟපාන්නෙ.

ධම්මිකා සුරංජි පතිරණ

චීන බෞද්ධ පිරිසක්‌ මෙරට බෙදාදීමට ගෙනා පිළිම වහන්සේලාට ශ්‍රීලංකා රජයෙන් රු.ලකෂ 32 ක බද්දක්‌ පිළිම ගෙපු අය අන්ත අසරණ වෙයි

ශ්‍රී ලංකාවේ දුෂ්කර ප්‍රදේශ වල පිහිටි පන්සල්වල වැඩ සිටින මහා සංඝරත්නය දහස්‌ නමක්‌ උදෙසා වෙසක්‌ පොහොය යෙදුණු ඊයේ පූජා කිරීමට චීන බෞද්ධ පිරිසක්‌ මෙරටට ගෙන්වා තිබූ පිළිම වහන්සේලා වෙනුවෙන් රජය විසින් ලක්‌ෂ තිස්‌ දෙකක බදු මුදලක්‌ නියම කිරීම නිසා එම පිළිම බෙදා දීමට නොහැකි වීම සම්බන්ධයෙන් සංඝ සම්මේලනය ඇතුළු මහා සංඝරත්නයේ දැඩි විරෝධය පළ කර ඇත.

ඓතිහාසික මිහින්තලා රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියන් මෙහිදී අදහස්‌ දක්‌වමින්…

අද වෙසක්‌ පෝය දවසේ චීන දේශයෙන් මගේ ඉල්ලීමකට අනුව දහසක්‌ මහා සංඝරත්නයට දානය පූජා කරන්න සැලසුම් කරලා තිබෙන වෙලාවක ඒ අයගෙන් මං ඉල්ලීමක්‌ කළා අපේ අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ හා ශ්‍රී ලංකාව පුරා විසිරිලා වැඩ වෙසෙන මහා සංඝරත්නය උදෙසා බුද්ධ ප්‍රතිමා වහන්සේලා ලබා දෙන්න කියා ඔවුන් එය ලබා දෙන්නට කැමති වුණා. ඉන්පසු මා එම පිළිම එවන්න කියා සිටියා. ඒවාගේම මෙරට තිබෙන පිරිත් සූත්‍ර එරටට රැගෙන ගොස්‌ නව තාක්‌ෂණය ඔස්‌සේ පටිගත කර කැසට්‌ යන්ත්‍ර අද මේ වැඩ සිටින ස්‌වාමීන් වහන්සේලාට බෙදා දෙන්න සූදානම් කර තිබුණා.

ඉතින් මේ ලිපි ලේඛන ඔක්‌කොම අරගෙන ගිහින් කතාබහ කරලා බැලුවට පස්‌සේ චක්‍රලේඛයක්‌ කියලා එකක්‌ ඉදිරිපත් කළා මේ චක්‍රලේඛයෙන් කියන්නේ බුදු පිළිම නිදහස්‌ කරන්න බෑ කියලා. මේවාට ලක්‌ෂ තිස්‌ දෙකක්‌ ඉල්ලුවා බදු ඉතින් මේ චීනෙන් ආපු දූත පිරිසත් බොහොම කනගාටුවට පත් වුණා මේ වගේ අවාසනාවන්ත තත්වයක්‌ මේ ශ්‍රී ලංකාවෙ තියෙන්නෙ කියලා. ඒ අය මේ රටේ විතරක්‌ නෙවේ ඉන්දියාව භූතානය නේපාලයට මෙවැනි ප්‍රතිමා පූජා කර තිබෙනවා. ඒ රටවල මෙවැනි භයානක තත්වයකට මුහුණ දී නොමැති බවයි එම දූත පිරිස පැවසුවේ. ඒ අයගේ හදවත් කම්පා වුණා මේ පුවත ඇහුවට පස්‌සේ.

මෙහිදී අදහස්‌ දැක්‌වූ පූජ්‍ය නුගේතැන්නේ පඤ්ඤානන්ද නායක හිමි….

අද මෙතන ශ්‍රී ලංකාවේ නොයෙක්‌ ප්‍රදේශවල පිරිවෙන්වලින් විද්‍යායතන වලින් පන්සල් වලින් වැඩම කළ හාමුදුරුවන් සිටිනවා. උන් වහන්සේලා සියලු දෙනාමත් මේ රැස්‌ව සිටින බෞද්ධ මහජනතාවත් අපි දැඩි සේ විරෝධය පළකර සිටිනවා බෞද්ධ රටක මෙවැනි අවාසනාවන්ත සිදුවීම් සිද්ධ වෙනවා නම් එය හෙළා දැකිය යුතු කාරණයක්‌ මොකද බුදු පිළිම ගෙන්නන්නේ වෙළෙඳාමට නොවෙයි. බුදුන්ට වන්දනාමාන කිරීමටයි.

ජාතික සංඝ සම්මේලනයේ සභාපති ලියන්වෙල ශාසන රතන හිමි සියලුම බුදුපිළිම වහන්සේලා හා සියලු පූජා භාණ්‌ඩ මෙරට දුෂ්කර පළාත්වල ස්‌වාමීන් වහන්සේලාට පූජා කරන්නට ගෙන ආවා ඒ වගේම අහිංසක ශ්‍රාවකයන්ට වැඳපුදා ගැනීමට ඒවා නිදහස්‌ කර දෙන ලෙස මේ රටේ ජනාධිපතිවරයාගෙන් අගමැතිවරයාගෙන් කැබිනට්‌ මණ්‌ඩලයෙනුත් ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා.

මිහින්තලේ – රංග චතූ

ලොව ජ්‍යෙෂ්ඨතම සිනමාකරු ලෙස්ටර් ජෙම්ස් පීරිස් මහතා ලොවක් හඩවා අභාවප්‍රාප්ත වෙයි සොදුරු කළා කරුවාණනි ඔබට නිවන්සුව

ලෝක සිනමාලෝලීන්ගේ දැස් හෙළ සිනමාව වෙත ගෙන ආ ශී‍්‍ර ලාංකේය සිනමාකරුවා ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා අභාවප්‍රපත වෙයි. 1956 වසරේදී ඔහු විසින් අධ්‍යක්‍ෂණය කළ ‘රේඛාව’ චිත‍්‍රපටය දේශීය සිනමාවකාශයේ හැරවුම් ලක්‍ෂයක් නිර්මාණය කළ අතර, එය දේශීය සිනමාව වෙත තාත්වික රීතිය ප‍්‍රථමවරට රැගෙන ආවේය.

1960දී ඔහු විසින් අධ්‍යක්‍ෂණය කළ ‘සංදේශය’ චිත‍්‍රපටය තුළින් පළමුවරට ජනපි‍්‍රයවාදී සිනමා රීතියක් දේශීය සිනමාව තුළ ගොඩනගන ලෙස්ටර්, 1964දී එළිදක්වන ලද ගම්පෙරළිය සිනමා නිර්මාණය තුළින් දේශීය සිනමාවට පළමුවෙන්ම කලාත්මක රීතිය හඳුන්වාදෙන ලදී. එබැවින් දේශීය සිනමාවක් පිළිබඳව ඔහුගෙන් තොරව කතාකරන්නට අපට යමක් නොවන බැව් පැහැදිලිය.

සිනෙස්ටා පදනමේ සභාපති ජයන්ත ධර්මදාස මහතා සඳහන් කළේ, කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අභාවප්‍රාප්ත වූ බව ය. මිය යනවිට ඒ මහතාගේ වයස අවුරුදු 99කි. ඔබට නිවන් සුව

සුරූපී ජපන් තරුණියක් ෂොට් එකක් දානගමන් දෙවෙනි ඉනිමේ තේමා ගීතය ලස්සනට ගායනා කල හැටි ලංකාවේ අයට වඩා ලස්සනට කියනවා

සුරූපී ජපන් තරුණියක් ෂොට් එකක් දානගමන් දෙවෙනි ඉනිමේ තේමා ගීතය ලස්සනට ගායනා කල හැටි ලංකාවේ යට වඩා ලස්සනට කියනවා

මෙව්වා ඉතින් ජපන් ඉන්න ලංකාවේ උන්ගේ හපන්කම් තමයි බලන්නකෝ ලස්සනට සින්දුව කියනවා

මෙව්වා ඉතින් කොරියාවේ ඉන්න ලංකාවේ උන්ගේ හපන්කම් තමයි😂😂

Posted by කොරියන් මස්සිනා Koriyan Massina on Saturday, April 28, 2018

මගේ තාත්තාට පිළිකාව හැදුනම උදව් කලේ රෝහීත් IPL බලන්න ගිය ශ්‍රී ලාංකීය තරුණයා මුම්බායි පිටුව කණපිට පෙරලයි

මේ දිනවල ලොව පුරාම ක්‍රිකට් රසිකයන්ගෙ අවදානයට ලක්ව තිබෙන්නෙ ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියයි. මෙම තරගාවලියේ මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම ශ්‍රී ලංකා රසිකයන්ගේ වඩාත් අවදානයට ලක්ව තිබෙනවා.
ඒ ශ්‍රී ලාංකික හිටපු ක්‍රීඩක මහේල ජයවර්ධන සහ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග මුම්බායි කන්ඩායමේ පුහුණුකරුවන් ලෙස කටයුතු කිරීම නිසා.

ඉන්දිය ක්‍රිකට් කණ්ඩායමේ සහ විශේෂයෙන්ම එම කණ්ඩායමේ නායක රෝහීත් ෂර්මාගේ රසිකයෙකු ලෙස ප්‍රසිද්ධ මොහොමඩ් නිලාම් පසුගිය දින මුම්බායි හි සංචාරය කරමින් මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට සහය දක්වා තිබුනා. මොහොමඩ් නිලාම්ගේ පියාට අසනීප වූ අවස්තාවේ රෝහීත් ෂර්මා ඔහුට උපකාර කර තිබෙන බවද පැවසෙනවා.

ඒ අවස්තාවේ විඩීයෝවක් මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම විසින් සිය නිල ෆේස්බුක් පිටුවේ පලකර තිබූ අතර එම විඩීයෝව පහතින්

A special Rohit Sharma fan

We met a special Rohit Sharma and #MI fan all the way from Sri Lanka! 🇱🇰#CricketMeriJaan #MumbaiIndians

Posted by Mumbai Indians on Wednesday, April 25, 2018

පොලීසියේ පූර්ණ ආරක්ශාව යටතේ සිදු කෙරුණු දරුණු පාතාල සාමජිකයාගේ විවාහ මංගල උත්සවය සිදුවුණු හැටි මෙන්න

2018.04.25 වන දින වත්තල පොලීසියේ පූර්ණ ආරක්ශාව යටතේ මට්ටක්කුලියෙහි පාතාල සාමජිකයෙකුගේ විවාහ මංගල උත්සවයක් පවත්වා ඇත.

මෙම මනාල යුවල රැගත් මංගල රථය වත්තල පොලිස් බල ප්‍රදෙශයේ කදිරාන පාලම වෙත කැදවගෙන පැමිණියේ කොළඹ සිට පොලිස් ජීප් රථ හා පොලිස් යතුරුපැදි කිහිපයක ආරක්ෂාව යටතේය. පසුව මෙම යුවල වත්තල ප්‍රදේශයේ පිහිටි උත්සම ශාලාවක් වෙත පොලිසියේ ජීප් රථයක් හා යතුරුපැදියක ආරක්ෂව යටතේ කැඳවාගෙන ගොස් තිබූ බව පොලිස් ආරංචි මාර්ග කියයි.

මෙම මංගල උත්සවයට අමුත්තන් 300කට වැඩි පිරිසක් සහභාගී වී ඇති අතර ඔවුන් සියලු දෙනා උත්සව ශාලාව වෙත ඇතුළත් කරනු ලැබුව්වේ පොලිසියේ දැඩි පරික්ෂාව යටතේ බවද උසස් පොලිස් නිලධාරීයෙක් සඳහන් කළේය. පොලිස් නිලදාරීන් 20කට අධික පිරිසක් මෙහි ආරම්භයේ සිට අවසානය දක්වා යොදවා ආරක්ශාව තර කර ඇත.

මෙම සියලු ආරක්ෂක කටයුතු වත්තල පොලිස් ස්ථානාධිපතිවරයා විසින් එම ස්ථානයේ රැඳී සිටිමින් මෙහෙයවා තිබෙන බව ද පැවැසේ. මංගල උත්සවය අවසානයේ යුවළ මධුසමය සදහා පිටව ගොස් ඇත්තේද පොලිස් ආරාක්ෂාව මැද බව ද පැවැසේ.

පොලිස්පතිවරයාගේ සහ බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ලිඛික නියෝගවලට අනුව මෙම මංගල උත්සවය පොලිස් ආරක්ශාව ලබදී ඇති බව පොලිසිය කියයි. මෙම පාතාල සාමාජිකයාගේ විවාහ මංගල දිනයේදී ඕහු ඝාතනය කරන බවට මොදර ප්‍රදේශයේ ප්‍රතිවාදී පාතාල නායකයකු ඔහුට තර්ජනය කර තිබිණැයි පැවැසේ.

ඒ අනුව ඔහු සිද්ධිය පොලිස්පතිවරයා වෙන පැමිණිලි කර සිය විවාහ මංගල උත්සවයට පොලිස් ආරක්ෂාව ලබා දෙන ලෙසට කර තිබූ ඉල්ලීමකට අනුව ඔහුට විවාහ මංගල දිනයේ මෙලෙස පොලිස් ආරක්ෂාව ලබා දුන් බව ද පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

ළමයින් 140ක් යොදාගෙන සිදුකල ලෝකයේ විශාලතම බිලි පුජාවේ සියලුම තොරතුරු හෙළිවෙයි මෙන්න එම අහස පොලව නුහුලන අපරාදය සිදුවුණු හැටි

දරුවන් 140 දෙනෙකු අමානුෂිකව මරා සිදුකළ බිලි පූජාව

ඉතිහාසයේ මෙතෙක් සිදුවූ බවට විශ්වාස කෙරෙන දරුවන් යොදයෙන කළ විශාලතම බිලි පූජාවේ තොරතුරු අනාවරණය කර ගැනීමට කැනීම් සිදුකර පුරාවිද්‍යා කණ්ඩායමක් සමත්ව තිබෙනවා.

පේරු රාජ්‍යයේ උතුරු මුහුදු සීමාව ආසන්නයේ මීට වසර 550කට ඉහත මෙම බිලි පූජාව සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත්තේ.

බිලි පූජාව වෙනුවෙන් ඝාතන කළ දරුවන් 140කට වැඩි සංඛ්‍යාවකගේ අස්ථි කොටස් මෙලෙස සොයා ගැනීමට හැකියාව ලැබී ඇති බවයි කැනීම් සිදුකර පුරාවිද්‍යාඥයින් පවසන්නේ.

වසර ගණනාවක් පුරා සිදුකළ මෙම කැනීම් වලදී දරුවන්ගේ අස්ථි කොටස් සහ ඔවුන් පැළඳ සිටි බවට විශ්වාස කෙරෙන රෙදිපිළි කොටස් සහ අභරණ කොටස් සොයා ගැනීමට හැකිව තිබෙනවා.

එවක පැවති මයා සහ ඉන්කා වැනි ශිෂ්ඨාචාරයන් මිනිස් බිලි පූජාවන් සිදුකල බවට තොරතුරු වාර්තාවී තිබුනද මෙවැනි චිශාල දරු පිරිසක් එකවර බිලිදුන් බවට ඉතිහාසයේ සටහනක් නොමැති බව එම පුරාවිද්‍යාඥයින් පවසනවා.

 

එක ටොෆි කොලයක් නෑ එක රොඩ්ඩක් නෑ ජපන්නුත් හොල්මන් කරන අපේ රටේ තිබෙන එකම දුම්රිය ස්ථානය මෙන්න බත් දාගෙන කන්න පුළුවන්

අපේ රටේ දුම්රිය ස්ථාන ගැන අමුතුවෙන් ඔයාලට කියලා දෙන්න ඕනේ නැහැනේ. අපි හැමෝම වගේ දන්නවා ඒවගේ තියන තත්වය. ජරාව හැමතැනම කපුටෝ වැහි වැහැලා කුරුල්ලෝ ඇඟටත් ජරා කරනවා ඔය වගේ දහසකුත් ප්‍රශ්න ඉතින් අද අපි මේ ඔයාලට කියන්න යන්නේ එසේ මෙසේ දුම්රිය ස්ථානයක් ගැනනම් නොවෙයි. ජපානයේ ඇති දුම්රිය ස්ථානයක් වගේ තියන ලංකාවේ සුපිරිම දුම්රිය ස්ථානයක් ගැනයි මේ වීඩියෝව.

මෙන්න රජයේ අයට විතරක් නෙවෙයි පෞද්ගලික අංශයටත් මෙන්න රජයෙන් විශේෂ නිවාඩුවක්

පෞද්ගලික අංශය සහ අර්ධ රාජ්‍ය ආයතනවල සේවකයන්ට මැයි 7 වනදා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති බව කම්කරු කොමසාරිස් ජනරාල් ඒ.විමලවීර පවසනවා. මෙවර ලෝක කම්කරු දිනය මැයි මස 7 වන දිනට වෙනස් කර ඇති බැවින් එදින පෞද්ගලික අංශයටත්, ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුලූ අර්ධ රාජ්‍ය ආයතනවලටත් ව්‍යවස්ථාපිත නිවාඩුවක් හිමිවන බවයි ඔහු කියා සිටියේ. මේ අතර මැයි මස 7 වනදා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම ගැටළුවක් කර නොගත යුතු බවද කම්කරු කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළා