රටම දන්නා දම් රැජින නයිට් ක්වින් වගේ වේටින් ලිස්ට් එකේ ඉදලා ලංකාවේ හතරවටෙන් ආපු බස් ලස්සන කරලා යවන සැලුන් එක මෙන්න

අපේ මාමා හොඳ කලාකරුවෙක්. ගමේ සැරසිලි වැඩක් තිබුණා නම් මාමා එතැන.

මඟුල් අවමඟුල්වලදී මාමා නැතිවම බැරි කෙනෙක් වුණා. ඒ විතරක් ‍නෙවෙයි.

එයා ත්‍රීවීල්, බස් රථ ආදිය අලංකාර කරන්නටත් ගොඩ වුණා. මාමා දිහා බලාගෙන ඉන්න එක තමයි මගේ වැඩේ.

මං එතැනින් තමයි ඉගෙන ගත්තේ. මේ විකුම්ගේ කතාවය. ඔහුගේ කතාව අපි ඔබට කියන්න හිතුවේ කවර හේතුවක් නිසාදැයි හිතෙන්න පුළුවන.

ඒ අන්කිසි හේතුවක් නිසා නොව ලංකාවේ බස් හැඩ වැඩ කරන අංක එකේ බස් රූපලාවණ්‍යාගාරයේ නිමැවුම්කරු ඔහු නිසාය. යකඩ ගොඩවල් මනාලියන් සේ හැඩ වැඩ ගන්වන විකුම්ගේ බස් රූපලාවණ්‍යාගාරයට ඉකුත් දිනෙක මම ගොඩ වැදුණෙමි.

හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් රන්න නගරයට ආසන්නයේ පිහිටි විකුම්ගේ බස් රූපලාවණ්‍යාගාරයේ ලංකාවේ නන් දෙසින් මනාලියන් සේ හැඩ වැඩ වෙන්නට පැමිණි බස් රථ රැසක්ම විය.

පාරකට බැස්ස කල නන් විසිතුරු කර විවිධ නම් පටබැඳි බස් රථ ඕනෑ තරම් ධාවනය වන අයුරු ඔබට දැකගත හැකිය. සැබැවින්ම මේ බස් රථ මනාලියන් සේ හැඩවැඩ වෙන්නේ කෙසේද? ඒ හා බැඳුණු කතාව කුමක්ද?

මෙය මට සේම ඔබටද කිහිප වතාවක්ම ගැටලුවක් වූ බවට සැකයක් නැත. විකුම්ගේ රන්නේ බස් රථ රූපලාවණ්‍යාගාරයට මා අහම්බෙන් ගොඩ වූයේ එකී වගතුග දැන ගැනීමටය. සැබැවින්ම මහ පාරේ ඔබ දකිනා බොහෝ බස් රථ මනාලියන් සේ හැඩගැන්වී ඇත්තේ විකුම් සහ ඔහුගේ කණ්ඩායම අතිනි.

ඉස්සර අපේ මාමා ලුමිනස් ස්ටිකර් තමයි බස් සැරසිලි ආදියට පාවිච්චි කළේ. මං ඉතින් මාමා ‍පොඩ්ඩක් එහාට මෙහාට වුණාම ලුමිනස් ස්ටිකර් දෙකක් විතර හොරෙන් අරගෙන ගිහිල්ලා, සැරසිලි වැඩ කරනවා. ඉස්කෝ‍ලේ හතේ අටේ පන්තියේ ඉන්න කොට උඩවලව හන්දියේ ‍පොඩි තැනක් දමාගෙන වාහනවලට හැඩවැඩ දැම්මා. ඉස්සෙල්ලාම ත්‍රීවීල් තමයි හැඩ වැඩ කළේ. මළ ගෙවල්, මඟුල් ගෙවල් ආදියේ සැරසිලිවලින් තමයි වැඩ පටන් ගත්තේ.

අපේ මාමා බස් සැරසිලි කළේ බස් අයිතිකාරයන්ගේ ගෙවල්වලට ගිහිල්ලා. මට මතකයි එක බස් අයිතිකාරයකුගේ ගෙදරට ගිහිල්ලා බස් රථයක් අලංකාර කරන කොට අයිතිකාරයා වියදම් වැඩියි කියලා වැඩේ නතර කළා. මාමා මිය ගියාට පස්සේ අඩු මුදලට කරලා දෙන්නම් කියලා මම බස් මොඩිෆයි කිරීමේ වැඩ භාර ගත්ත. එතැනින් තමයි මේ රැල්ල ඇති වුණේ. දැන් ඒ රැල්ල දිගටම යනවා.

උඩවලව හන්දියෙන් පස්සේ මම හුංගම තැනක් අරගෙන වැඩ පටන් ගත්තා. එහෙම හුංගම වැඩ කරලා එතැනින් රන්නෙ අද ඉන්න තැනට මං ආවේ ෆුට් බයිසිකලෙන් රුපියල් 60ක් අතේ තියාගෙන. ඒ 2010දී. එහෙම ඇවිල්ලා මගේ එකම සිහිනය වුණේ ඩිජිටල් මුද්‍රණාලයක් මිලදී ගන්න.

හැම බැංකුවකින්ම මූල්‍ය ආයතනයකින්ම ඒකට ණයක් ඉල්ලුවා. කිසිම තැනකින් ලැබුණේ නැහැ. අන්තිමට සමිත කියන මහත්තයා එයා සේවය කරන මූල්‍ය ආයතනයෙන් ණයක් කොහොම හරි අරන් දෙන්න උත්සාහ කළා. ඒකත් කෙරෙන නොකෙරෙන තැනක තිබුණේ. අන්තිමට මං රුපියල් 300ක් අතේ තියාගෙන යතුරුපැදියෙන් මගෙ බිරිඳ චන්දිත් එක්ක කතරගම ගියා.

රුපියල් 100කින් බයිසික‍ලේට තෙල් ගහලා අනිත් 200න් පූජා වට්ටියක් අර ගත්තා. කතරගම දේවාලයෙන් එළියට එනකොට කෝල් එකක් ආවා ණය වැඩේ හරි කියලා. ඉතින් ඔහොම තමයි මේ ගමන ආවේ. මගේ බිරිඳ චන්දි සමරසිංහ තමයි මගේ ලොකුම ශක්තිය. මගේ අම්මයි තාත්තයි මාත් එක්ක හැමවිටම හිටියා. අයියත් ගොඩක් උදව් කළා. අද මගේ තැනට මාසෙකට බස් 20-30ක් විතර එනවා හැඩ වැඩ වෙන්න. තවත් බස් ප්‍රමාණයක් ‍පොරොත්තු ‍ලේඛනයේ ඉන්නවා. දින වෙන් කර ගන්න. ඔය විදිහට මාසෙට බස් 20-30ක් විතර හැඩවැඩ වෙලා පිටවෙලා යනවා.

අපි අය කරන්නේ සාධාරණ මුදලක්. බස් හිමියාට වුවමනා විදිහට එයත් එක්ක කතා කරලා ආර්ට් වර්ක් එක කරන හැටි මං මගේ ඔළුවට ගන්නවා. මං වසර 10ක් විතර තිස්සේ හැමදාම උදේ 4.30ට අවදි වෙනවා. කොතරම් රෑ වෙලා නිදා ගත්තත් ඒක මං අකුරට කරනවා. එහෙම උදේ 4.30ට විතර අවදි වෙලා බස් රථය අලංකාර කරන්න වුවමනා කරන ආර්ට් වර්ක් එක හදනවා. උදේ නැගිට්ටාම හිතට හරිම නිදහස්. හොඳට නිර්මාණයක් කරන්න පුළුවන්. බස් එකක් වැනි යකඩ ගොඩක් අලංකාර කරන එකත් ලොකු කලාත්මක වැඩක්.

හැම බස් රථයකටම වෙනස් ආර්ට් වර්ක් මං හදනවා. එහෙම උදේ පාන්දර හදලා ඒක වැඩි දියුණු කරන්න අපේ කට්ටියට පවරනවා. එයාලා ඒක අකුරට හොඳට කරනවා. බස් අලංකාර කිරීම පිළිබඳ අපට ආවේණික කලාවක් තියෙනවා. අපි හැමවිටම උසස් ප්‍රමිතිය ගැන හිතනවා. බාල ප්‍රමිතියට කිසිම වැඩක් කරන්නේ නැහැ. මුලතිව්-කිලිනොච්චි බස් රථ පවා මගේ ළඟට ආවා. එක් දෙමළ බස් අයිතිකාර මහත්තයෙක් රන්නට ආවේ භාෂා පරිවර්තකයකුත් අරගෙන.

විකුම්ගේ කතාව සැබෑවක් බව අපට වැටහුණේ ඒ වන විටද හැඩවැඩ ගැන්වීම සඳහා බස් රථ දහයකට අධික ප්‍රමාණයක් ඔහුගේ බස් රූපලාවණ්‍යාගාරයේ ගාල් කර තිබුණු හෙයිනි. ජී.ජී. ඒකනායක තම සහෝදරයාගේ බස් රථය සමග පැමිණ තිබුණේද මාත‍ලේ සිටය.

මං දවස් 15ක් තිස්සේ රන්නේ මෙහෙන් හැඩ වැඩ කරපු බස් දැකලා තමයි අපේ බස් එකත් අරගෙන ආවේ. අපි බස් එක ගත්ත ගමන් එක දිගට දිව්වා. එහෙම දුවලා ආදායමක් හොයා ගෙනයි මෙහෙට ආවේ. කවුරු වුණත් හැඩට වැඩට ඇන්දාම පැලැන්දාම අවධානය වැඩියිනේ. ඒ වගේ තමයි බස් එකක් වුණත් අලංකාර කරලා පාරට දැම්මාම ඒක ගැන අවධානය වැඩි වෙනවා. අපි කැමැතියි අපේ බස් එක පාරෙදී කැපී පෙනෙනවාට. ඒ ඒකනායකගේ අදහසය.විකුම්ගේ බස් රූපලාවණ්‍යාගාරයේදී අපට තවත් අපූරු චරිතයක් හමුවිය. ඒ 25 හැවිරිදි උදාරය. ඔහු ආර්ට්වර්ක් ඔස්තාර් කෙනෙකි.

මං ග්‍රැෆික් ඩිසයිනින් ගැන පාඨමාලාවක් කරලා ඩුබායි රටේ වසර එකහමාරක් පමණ රැකියාවකුත් කළා. එතැනින් පස්සේ තමයි මෙතැන රැකියාවට ආවේ. මේක වෙනම කලාවක්. සමහර බස් අයිතිකාරයෝ අපේ ළඟට එන්නෙ බස් රථය හැඩ වැඩ ගැන්වීම සඳහා තමන්ගේම සැලසුමක් එක්ක. වර්ණය පවා ඔවුන්ගේ ඔළුවේ තියෙනවා. සමහරු විවෘත මනසකින් ඇවිල්ලා අපට කියනවා කැමැති විදිහට බස් රථය හැඩවැඩ කරන්න කියලා. හැමෝටම ඕන තමන්ගේ බස් එක හොඳට සරසන්න. අනිත් බස්වලට වඩා කැපී පෙනෙන්නයි ඒක කරන්න හදන්නේ.

ඒ නිසා අපි හැම බස් එකකටම වෙන වෙනම ආර්ට් වර්ක් හදනවා. බස්වලට නම් තැබිමත් වෙනම කලාවක්. බස් එකේ හැඩරුව, බස් හිමියාගේ රුචි අරුචිකමුත් නම් තැබිමට බලපානවා. හැබැයි ගොඩක් අය තමන්ගේ බස් රථවලට දාන්නේ කාන්තාවන්ගේ නම්. මම හිතන්නේ බස් රථ හිමියන්ට තමන්ගේ බස් රථය පෙම්වතියක් වගේ හැඟීමක් ඇති කරනවා ඇති. මෙහෙට ආපු බස්වලින් එහෙම කාන්තා නම් දාපු බස් රථ කීපයක් මට මතක් වෙනවා. දුඹුරු ළමිස්සි, දම් රැජින, හිම රැජින, සුළං කිරිල්ලි ඒ වගේ නම් කිහිපයක්. දුඹුරු ළමිස්සි බස් රථයේ පාට දුඹුරුපාටයි. දම් රැජින දම් පාටයි.

බස් අලංකාර කිරීමේ කලාව උදාර කියන හැටියට නම් අපූරු එකකි. බස් අලංකාර කිරීම වැඩකිඩ කිහිපයකින් යුක්තය. ස්ටිකර් ගැසීම. කුෂන් කිරීම. ආලෝකකරණය, තීන්ත ආ‍ලේප කිරීම වැනි ක්‍රියාවලියකින් එය යුක්තය. විකුම්ගේ බස් රූපලාවණ්‍යාගාරයෙන් හැඩවැඩ වෙන බස් රථ අවට තිබෙන තිබෙන තැන්වලින් කුෂන් වැඩ ආදිය කර ගනියි. බස්වල කුෂන් වැඩ සඳහා නම ගිය පුද්ගලයකු අපට හමුවූයේ විකුම්ගේ බස් රූපලාවණ්‍යාගාරයේ අසලිනි. ඔහු චන්දනය. දකුණු පළාතේ බස් කුෂන් වැඩ සඳහා නම ගිය පුද්ගලයා ඔහුය.

මම කොළඹ කුෂන් වැඩපළක තමයි රැකියාව කළේ. එතැනින් වැඩ ඉගෙන ගෙන මං එළියට ආවා. ඊට පස්සේ හෝමාගම මගේ අයියා ළඟට ගිහින් බස් රථ කුෂන් කිරීම ඉගෙන ගත්තා. පස්සේ ගමට ඇවිල්ලා මෙහෙ වැඩපළක් පටන් ගත්තා චන්දන කියයි. ඔහුගේ වැඩපළේ ඔහු සමග වැඩ කරන්නේ සහෝදරයන් තිදෙනාය.

මෙතැන මායි මගේ සහෝදරයන් තුන්දෙනා තමයි වැඩ කරන්නේ. ඒ නිසා අපි වැඩක් භාර ගත්තාම උදේ අටේ ඉඳලා රෑ 10-12 වෙනකම් වැඩ කරනවා. එකම විදිහට හැම බස් රථයකම කුෂන් වැඩ කරන්නේ නැහැ. හැම බස් එකකටම වෙනස් විදිහකට තමයි කුෂන් කරන්නේ.

චන්දනගේ කුෂන් වැඩ‍පොළෙන් බස් රථ රැසක් ‍පොරොත්තු ‍ලේඛනයේ සිටින අයුරු අපට දැකගත හැකි විය.මෙසේ විකුම්ගේ බස් රථ අලංකාර කිරීමේ වැඩ‍පොළ නිසා චන්දනලා ඇතුළු විශාල පිරිසකට රැකියා සහ ව්‍යාපාරික අවස්ථා සැලසී තිබේ.

හැමවිටම මං අලුතෙන් හිතනවා බස් එකෙන් බස් එකට වෙනස්ව හිතනවා. නිතරම බස් මොඩිෆයි කිරීම සඳහා විවිධ අංග එකතු කරනවා. ඒ නිසා තමයි ලංකාවේ හතර දිග්බාගෙන් බස් රථ මගේ තැනට එන්නේ. ලැබෙන වැඩ කරන්නත් බැරි තරම්. මේ බස් හැඩවැඩ කිරිල්ල හරියට වෘත්තියක් සේ කළ නිසා මට මගේ ජීවිතයේ හැම සිහිනයක්ම සපුරාගන්නට හැකි වුණා.

රන්නේ බස් රූලාවණ්‍යාගාරයේ නිමැවුම්කරු වන විකුම් තම කතාව අවසන් කළේ එසේය.ලංකාවේ බස් රථ අලංකරණය කිරීම පිළිබඳ විවිධ අදහස් තිබිය හැකිය. ගමනාගමන නීතිය අනුව බස් එකකට භාවිත කළ හැකි වර්ණ තිබේ. බස් රථයක මුල් වර්ණ වෙනස් කරන්නේ නම් බසයේ ‍පොත වෙනස් කළ යුතුය. කෙසේ වුවද වෙනස් විදිහට හිතන, කල්පනා කරන කෙනෙකුට හිත්පිත්නැති යකඩ ගොඩකින් වුවද මතු කළ හැකි කලාව කෙතරම්ද යන්න විකුම්ගේ බස් රූපලාවණ්‍යාගාරයෙන් එළියට බට මට ඇති වුණු හැඟීමය.

අම්මා උත්සවේකට කොළඹ ගියා සර් කියා පහවසර දරුවා පෙන්නපු පින්තුරෙන් ගුරුතුමාගේ දෙලොව රත්වෙයි

සමාජයේ හමුවන ඇතැම් චරිත පිලිබදව අපි අවස්ථානුකූලව හැසිරෙන ආකාරයෙන් අනෙකාගේ සිත් කොතරම් දුරකට සංවේදීවේදැයි අපි බොහෝ අවස්තාවල සිතන්නේ නැත. ඇතැම් අවස්ථාවල අපි සත්‍ය වශයෙන් යමක් නොදැන අනෙක් පුද්ගලයින්ට රිදවන අවස්ථාවල ඔවුන් සිටින්නේ සිය දහස්වාරයක් රිදෙමින් විය හැක.

“B.M. සමිත බණ්ඩාර කෝ දෙමව්පියෝ? ඒ තවත් එක සිසුවෙකුගේ වාරයයි..
“සර් අද කාටවත් එන්න වෙන්නේ නෑ. අම්මා කොලඹ ගියා උත්සවයකට” අළුතින් පැමිණි පන්තිභාර ගුරුතුමාට සමිතගෙන් ලැබුනේ එවන් පිළිතුරකි.

”උත්සවයකට ගියා? කෝ එතකොට තාත්තා ? ”
”තාත්තා නෑ සර්..” යන පහත් ස්වරයත් සමගම ඔහුගේ හිස පහල වැටුණු අතර පාදයේ ඇගිලිතුඩුවලින් සෙරෙප්පුව පහුරු ගාන්නටවිය.

‘‘ගුරු-දෙගුරු රැස්වීම තියනවා කියලා දැනුම් දුන්නේ සති දෙකකට කලින් නේද මනුස්සයෝ. අම්මට තිබ්බේ නැද්ද ඔය ගමන වෙන දවසකට දාගන්න. මේක මගේ පලවෙනි ගුරු-දෙගුරු රැස්වීම. මේ සැරේ ශිෂත්වය ලියන්න ඉන්න ළමයෙක්ගේ අම්මගේ හැසිරීම හරිම අපුරුයි. තමුසෙලාට උගන්වන අපිට ගහන්න ඕන”
රේජිස්ටරයේ ඊලග නම සොයන අතරතුර ගුරුතුමාගේ මුවින් ගලාගිය වචන වලින් සෙරෙප්පුව මත කදුලක් වැටුණුබව ගුරුතුමාට නොපෙනෙනි.

එක් එක් දරුවා සහ ඔවුන්ගේ දෙමාපියන් සමග ගුරු දෙගුරු රැස්වීම පැවැත්විණි. විවේක කාලය එලබිණ.  වෙනත් පහල පන්තියක ඉගෙනුම ලබන අදාළ ගුරුතුමාගේ දරුවාට. විවේක කාලය තුලදී ආපනශලාවේ ගුරුවන්ගේ අන්තයේ සිට කෑම කවන සිරිතක් අළුත්ගුරුතුමා සතුවපැවතින.

සුපුරුදු පරිදි ගෙදරින් ගෙනා කෑම පර්සලය දිගහරිත්ම, අපනශලාවේ දොරලග තවත් දරුවෙකු පොතක්ද තුරුල්කරගෙන සිටිනබව ගුරුතුමාට පෙනින.

”ඔය සමිත නේද.. මොකද ඔතන කරන්නේ?
”සර්.. මට සර්ට පොඩ්ඩක් කතාකරන්න පුලුවන්ද..?
”මෙහෙ එනවා.. මොකක්ද ප්‍රශ්නේ ?

පපුවට තුරුලකරගෙන සිටි පොත මේසය මත තබමින් එහි පිටකවය අස්සෙන් චායාරුපයක් ගෙන එය ගුරුතුමාට පෙනෙන සේ මේසයේ පසකින් තැබීය. සිනාමුසු මුහුණින් සිටින ගැබ්බරකාන්තාවකගේ බදවටා අතපටලවාගත් හමුදා සෙබලෙකුගේ පින්තුරයක් එහි විය.

”මේ කව්ද පුතා? ගුරුතුමාට යමක් ඉවවැටෙන්නට විය.
”සර්.. මේ ඉන්නේ මගේ අම්මා. මම තමයි සර් මේ අම්මගේ බඩ ඇතුලේ ඉන්නේ. බඩ ඇතුලේ ඉන්න මගේ ඔලුවට අත තියාගෙන ඉන්නේ මගේ තාත්තා.

මෙච්චරයි සර් අපි තුන්දෙනාම එකට ඉන්න පොටෝ එකකට තියෙන්නේ. ඊලග සතියේ තාත්තා යුධ්දෙදී වෙඩිවැදිලා නැතිවෙලා තියෙනවා.  අද රණවිරු උත්සවයක් කොළඹ කැම්ප් එකක තියෙනවලු කියලා අම්මා උදෙන්ම ඒකට ගියා. ඒකයි සර් මගේ අම්මට අද එන්න බැරි උනේ. මම කොහොමහරි හෙට එක්කං එන්නං සර්” ඔහුගේ දෑස්තුලින් කදුලු කඩාවැටෙන්නට විය.

මැදිවියේ පසුවූ ගුරුතුමාගේ උගුර වේලි යමක් උගුරතුල තෙරෙපනු ඔහුට දැනින. සමිතව පපුවට තදකරගත් ගුරුතුමා නිසොල්මන්ව මදවේලාවක් ගතකළේය. ඉන්පසුව මේසය මත වූ බත්මුල ලෙහා තම දරුවාටද, සමිතටද කවා සමිතව පිටත් කල හැරීයේය.

”ඇයි තාත්තේ ඔයා අපේ බත් එක අර ළමයටත් කැව්වේ?”
”මගේ රත්ත්‍රන් පුතේ.. ඔයාට අද බත් කවන්න ඔයාගේ තාත්තාව ඉතුරුකරන්න ගිහිං තමයි පුතේ සමිතට එයාගේ තාත්තාව නැතිවෙලා තියෙන්නේ. රෑට නින්දට කලින් මගේ පුතාගේ ඔළුව ඉබින්න මම හිටියට,
සමිතගේ ඔළුව ඉබින්න එයාට තාත්තෙක් නෑ පුතේ ”

තමන්ගන්න පදියටත් හෙට ඉදන් බදු නේන්න හෙට ඉදන් සියලුම ශ්‍රීලාංකිකයන්ට ගෙවන්න වෙන බදු ලිස්ට් එක

නව දේශීය ආදායම් බදු ප්‍රතිපත්තිය හෙට (01) සිට ක්‍රියාත්මක බව දේශීය ආදායම් කොමසාරිස් අයිවන් දිසානායක මහතා පවසයි.

නව ප්‍රතිපත්තියෙන් ක්ෂේත්‍ර රැසක බදු සංශෝධනයට ලක්ව ඇති අතර සේවා නියුක්තිකයින්ගේ ආදායම මත බදු පනවා තිබීම විශේෂත්වයකි.

2017 අංක 24 දරන නව දේශීය ආදායම් පනතේ බදු විධිවිධාන අප්‍රේල් 01 වැනිදා සිට එනම් හෙට සිට ක්‍රියාත්මක කෙරෙන අතර එමඟින් ක්ෂේත්‍ර රැසක බදු ප්‍රතිපත්ති වෙනස්කම්වලට ලක් කෙරෙයි.

ඒ අනුව සේවා නියුක්තිකයෙකුගේ මාසික වැටුප රුපියල් ලක්ෂයක් නම් ඔහුගෙන් බදු අය කිරීමෙන් නිදහස් වේ.

කෙසේවෙතත් රුපියල් ලක්ෂයේ සිට රුපියල් එක්ලක්ෂ පනස් දහස දක්වා 4%ක් ද රුපියල් එක්ලක්ෂ පනස් දහසේ සිට රුපියල් ලක්ෂ 02 සියයට 8%ක් ද රුපියල් දෙලක්ෂයේ සිට රුපියල් දෙලක්ෂ පනස් දහස දක්වා සියයට 12%ක් ද රුපියල් දෙලක්ෂ පනස් දහසේ සිට රුපියල් ලක්ෂ 03 දක්වා සියයට 16%ක් ද රුපියල් ලක්ෂ 03 සිට රුපියල් තුන්ලක්ෂ පනස් දහස දක්වා සියයට 20%ක් ලෙස ද බදු ගණනය කෙරෙයි.

රුපියල් තුන්ලක්ෂ පනස් දහසට වැඩි අය සඳහා බදු ගණනය කිරීමේ ප්‍රතිශතය සියයට 24% කි.

මෙම බදු අයකිරීමට සේවා නියුක්තිකයෙකුගේ වැටුප්, කොමිස් මුදල්, අතිකාල දීමනා, පාරිතෝෂික, ප්‍රවාහන හා අනෙකුත් දීමනා, ගෙවල් කුලී, විදුලි හා දුරකථන දීමනා, විනෝද දීමනා ඇතුළු ඊට සමාන්තර ගෙවීම් රැසක් ඇතුළත්ය.

කෙසේ වෙතත් සේවක අර්ථසාධක අරමුදල සහ විශ්‍රාම වැටුප් මෙම බදුවලින් නිදහස් කර තිබේ.

මීට අමතරව විදෙස්ගත ශ්‍රමිකයින් විසින් සම්ප්‍රේෂණය කරන හෝ මෙරට පුද්ගලයෙකු විසින් තැන්පත් කර ඇති බැංකුගත මුදල්වලට ලැබෙන පොලිය මත ද සියයට 5 ක් බද්දක් නව බදු ක්‍රමයෙන් අය කෙරෙයි.

මේ අතර අමතර නිවාස,ඉඩම් හෝ වාහන පැවති මිලට වඩා වැඩි මිලට විකිණීමෙන් ලැබෙන ලාභය මත ද බද්දක් හඳුන්වා දී තිබේ.

ප්‍රාග්ධන ලාභ මත බද්ද වන එමගින් ලාභයෙන් සියයට 10ක් බදු ලෙස ගෙවිය යුතු නමුත් බදු ගණනය කරන්නේ එම දේපළ 2017 වසරේ සැප්තැම්බර් 30 වන දිනට පැවති වෙළඳපළ වටිනාකම අදාළ කරගනිමින්ය.

කෙසේවෙතත් තමන් වසර 03 කට වැඩි කාලයක් පදිංචිව සිටි නිවසක් විකුණනන්නේ නම් එම නිවසින් ලැබෙන ලාභය ප්‍රාග්ධන ලාභ මත බද්දෙන් නිදහස් කර තිබේ.

කොටස් වෙළඳපලෙහි කොටස් වැඩි මිලට විකිණීමේදීත් මෙම බදු අයකිරීම සිදු නොවන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මේ අතර මෙරට පැමිණෙන විදේශිකයින් විසින් මිලදී ගන්නා විවිධ භාණ්ඩ මත පනවා ඇති වැට් බද්ද, එම විදේශිකයින් මෙරටින් පිටත්ව යන අවස්ථාවේ ගුවන්තොටුපළේදී එම මුදල නැවත ලබා දීම ද නව ප්‍රතිපත්තියේ විශේෂත්වයක් වන අතර එය එළඹෙන ජූලි 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය

දුක දරාගන්න කියාදෙන්න ඇවිත් යන්න එන්න.ගේල්ගේ ප්‍රතිචාරය වෝනර් ස්මිත් දෙදෙනාට ක්‍රිස් ගේල් කියපු දේ මෙන්න.

ක්‍රිකට් පිටියේ වගේම සාමාන්‍ය ජීවිතයේ එන අභියෝග වුනත් අපි හිතන විදියට එන්නේ නෑ,අපිට මුහුණ දෙන්න අපහසු අපි නොසිතන අභියෝගත් අපි නොහිතන වෙලාවක එන්න පුළුවන්,ඒ වගේ දරුණු අභියෝගයකට මුහුණ දීල ඉන්න ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් ක්‍රීඩකයෝ දෙන්නෙක් තමයි ස්ටීවන් ස්මිත් ,ඩේවිඩ් වෝනර් සහ කැමරන් බ්‍රැන්ඩි ක්රෝෆ්ට් කියන්නේ.පන්දුව පලුදු කිරීමේ සිද්දිය එක්ක මුළු ලෝකයම මේ ක්‍රීඩකයෝ ගැන බලන්නේ වපර ඇහැකින්.

ඒ අතරේ මේ සිද්දිය ගැන මැදිහත් විදියට බලපු අයත් හිටිය.එහෙම කෙනෙක් තමයි කොදෙව් ක්‍රීඩක ක්‍රිස් ගේල් කියන්නේ .ගේල් මේ සිද්ධිය අනුමත නොකලත් ක්‍රීඩකයන්ගේ පැත්ත අරගෙන තමයි කථා කරලා තිබුනේ.

ගේල් ට්විටර් පණිවිඩයක් තියල කියල තිබුනේ,මේ සිද්දියෙන් පස්සට යන්න එපා,මේ අවුරුද්ද අධිෂ්ටානයෙන් ජීවිතයට මුහුණ දෙන්න කියල.ඔහු තව දුරටත් කියල තිබුනේ ,දක්ෂ තරුණයෝ තුන් දෙනෙක් විදියට ජීවිතයේ බොහෝ දේවල් තවත් ඉතිරිව තිබෙන නිසා ඒ දේවල් වෙනුවෙන් තමන්ගේ හිත යොමු කරන්න කියලත් කියන ගේල් අවසාන වශයෙන් කියන්නේ හිත නිදහස් කරගන්න  විදිය කියල දෙන්න ඕනෑම වෙලාවක ජමෙකාවට ඇව්ල්ලා තමන් හමු වෙන්න කියල.

 

අම්මයි තාත්තයි දෙන්න හිරේ හිටියේ වාර විභාගේ මම පන්තියේ අන්තිමයා මම ලෝය කෙනෙක් වෙනවා දෙමාපියන්ට කරපු අසාදාරණේ වෙනුවෙන්

අම්මටයි තාත්තටයි ලැබුණු වැරදි තීන්දු නිසා ලොකු වුණාම මම විනිසුරුවරියක් වෙනවා”ඒ නිසා මේ වගේ ප්‍රතිඵලයක් බලාපොරොත්තු වුණේ නෑ”

2017 වසරේ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල පෙරේදා අන්තර්ජාලයට නිකුත් වීමත් සමඟ ලංකාවේ බොහෝ සාපෙළ සිසුන්ගේ විශිෂ්ඨ ප්‍රතිඵල ගැන පුවත් රැසක් අපට අසන්නට ලැබුණා.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ දියණිය විමාශා විශ්වාදරී වීරවංශ විෂයයන් 9ටම ඒ සාමාර්ථ ලබාගත් පුවතක් ගැනත් වාර්තාවුණා.
කෙසේ වෙතත් මේ පිළිබඳ ඇත්ත විස්තරේ දැනගන්න විමල් වීරවංශගේ දියණිය විමාශා විශ්වාදරී වීරවංශට කතා කළා.

ඇය පැවසුවේ මෙවැන්නක්

https://youtu.be/RcNHURt0PKs

ලංකාවම එපා කියපු සුපිරි වේග පන්දු යවන ලසිත් මාලිංග සිය ජීවිතයේ අලුත් ගමනක් ඉන්දියාවේදී අරඹයි

සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග සිය ජීවිතයේ අලුත් කඩයිමක් අද ආරම්භ කළා.

මාලිංග වසර ගණනාවක් අයි.පී.එල්. තරගාවලියේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් මිලදී ගත්තත් මෙවසර මාලිංගට එම අවස්ථාව හිමිවුණේ නැහැ.

නමුත් මාලිංග මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ වේග පන්දු යවන්නන්ගේ උපදේශක ලෙස පත් කළා.

එම රාජකාරී කටයුතු අද මාලිංග ආරම්භ කළේ පළමු පුහුණු සැසියකට එක්වෙමින්.

මාලිංග මෙවැනි තනතුරක් බාරගත් පළමු අවස්ථාව මෙයයි.

අයි.පී.එල් තරගාවලිය ලබන මස 7 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ මහේල ජයවර්ධනයි.

IPL යාම ගැන කුසල් හදිස්සියේම කිසිවෙකු නොසිතූ තීරණයක් ගනී කෝටි ගණනක් ලැබෙන තරගය එපා කියපු කුසල්ගේ තීරණය මෙන්න

කුසල් ජනිත් පෙරේරා මෙවර IPL තරඟාවලියට එක්වීම ප්‍රතික්ෂේප කර ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරනවා.

ලංකාවේ පැවැත්වෙන දේශීය ක්‍රිකට් තරඟාවලියට මුල්තැන දීමට අවශ්‍ය බව පවසමින් ඔහු මෙම තීරණය ගෙන ඇති බවටයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මෙවර ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟාවලියේ දී ඩේවිඩ් වෝනර් ඉවත්වීමෙන් පුරප්පාඩු වූ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම් ස්ථානයට ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරු කුසල් ජනිත් කැඳවනු ඇති බවට මීට පෙර වාර්තා පලවූවා.

කෙසේ වෙතත් එම සහභාගීවීම අවිනිශ්චිත තත්වයකයි පැවතියේ.

දකුණු අප්‍රිකාව සමඟ පැවති තුන්වන ටෙස්ට් තරඟයේදී පන්දුව පළුදු කළ බවට ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් එල්ලවූ චෝදනාව ඔප්පු වීමත් සමඟ වෝනර් මෙවර අයි.පී.එල්.තරඟාවලියට සහභාගී නොවන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

ඒ අනුව ඩේවිඩ් වෝනර්ගෙන් පුරප්පාඩු වන සන්රයිසස් නායකත්වයට ශිකර් ධාවන් පත්කරනු ඇති බවට වාර්තා වන්නේ.

මේ අතර ස්ටීවන් ස්මිත් ද මෙවර අයි.පී.එල්.තරඟාවලියට එක් නොවන බව වාර්තා වනවා.

වෙසක් සහ පොසොන් දිනවලදී තොරණ් ප්‍රදර්ශනය තහනම් කෙරේ රජයෙන් ගෙනාපු අලුත්ම නිතිය හෙට අනිද්දම වෙසක් කුඩුත් එපා කියයි

වෙසක් සහ පොසොන් පොහොය දිනවලදී  ප‍්‍රදර්ශණය කරන තොරණ්  තහනම් කිරිමට රජය තීරණය කර තිබෙනවා. එම දිනවලදී ප‍්‍රතිපත්ති පූජාවට ප‍්‍රමුඛත්වය ලබා දීමට බෞද්ධ සැදැහැවතුන් පොළඹවාලීම සඳහා මෙම තීරණය ගත් බවයි බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික‍්‍රම පෙරේරා පවසන්නේ.

වෙසක් පොහොය දිනයේදී කි‍්‍රයාත්මක කිරීම සඳහා යෝජනා සමූහයක් විහාරස්ථාන වෙත ලබා දීමටද ඉදිරියේදී කටයුතු කරන බව මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

වෙසක් සහ පොසොන් පොහොය දිනවලදී දන්සැල් ලබාදෙන්නන් සඳහාද සීමාවක් හඳුන්වා දෙන බව වැඩි දුරටත් සදහන් කළා .

ශ්‍රී ලංකාව 2017 වර්ෂයේ අසැබි ජායාරූප වැඩිම ගානක් අන්තර්ජාලයට එක් කල රට බවට පත් වෙයි මෙදා සැරේ ඒ වාර්තාවත් ලංකාවෙන්

2017 වර්ෂයේ ලෝකයේ වැඩිම පිරිසක්‌ නරක පින්තූර අන්තර් ජාලයට එක්‌ කළ රට ශ්‍රී ලංකාව යෑයි ගූගල් ආයතනයේ සෙක්‌ අංශය මගින් වාර්තා කොට ඇතැයි රජරට විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයකු වන මෘදුකාංග ඉංජිනේරු පැතුම් බුද්ධික මහතා පසුගිය 13 දා අනුරාධපුර පිහිටි කාන්තා පිහිට මධ්‍යස්‌ථානයේදී ලෝක කාන්තා දිනය නිමිත්තෙන් පැවැත්වූ දේශනයකදී පැවැසීය.

එහිදී වැඩිදුරටත් කතා කළ පැතුම් බුද්ධික මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ පුද්ගලයන්ගේ පරිගණක දැනුම සමස්‌තයක්‌ වශයෙන් සියයට 38 ක්‌ බවයි. ඉන් පුරුෂ පක්‍ෂයේ අය සියයට 89 ක්‌ බවත් කීය. ශ්‍රී ලංකාවේ අප සිටින්නේ ඉතා නොදියුණු තාක්‍ෂණයක බව යෑයි හැඳින්විය.

අන්තර් ජාලය ප්ලාස්‌ත් එකට (උණුවතුර බෝතලයකට) සමාන කරමින් පැමිණ සිටි පිරිස දැනුවත් කළේය. ලංකාවට අන්තර්ජාල පහසුකම් 1980 වර්ෂයේ ලැබුණ අතර එය 1995 වර්ෂය දක්‌වා අක්‍රිව තිබුණ බවත් හැඳින්විය. අන්තර් ජාලයට ප්‍රවීණ මාධ්‍යවේදී එඩ්වින් ආරියදාස මහතා නම යෙදුව බවත් වැඩිදුරටත් කීය.

දේශනයදී අන්තර් ජාලයේ ආරක්‍ෂාව පිළිබඳවත් මැල්වාය (වෛරස්‌) පිළිබඳවත් පරිගණක අපරාධ පිළිබඳවත් දරුවන්ට අන්තර් ජාලය පාවිච්චි කිරීමට ලබාදිය යුතු අන්දම පිළිබඳව හා සෑම විට දරුවන්ට තමන් ඉදිරියේ නැති මෘදුකාංගය මගින් නිවසේ සාලයේ පරිගණක පාවිච්චි කිරීමට ලබාදිය යුතු යෑයි අවධාරණය කළේය. විශේෂයෙන් සයිබර් හිංසනය පිළිබඳවත් වර්තමානයේ උද්ගතවී ඇති ෙµaස්‌ බුක්‌ ඇතුළු අනෙකුත් සමාජ ජාල වෙබ් අඩවි තාවකාලිකව අවහිර කර තිබෙන්නේ පෙර කී සමාජ හිංසනය නිසා බවද පෙන්වා දුන්නේය. එවැනි වරදවල් නොකොට යහපත් පුරවැසියන් හැටියට කටයුතු කරන ලෙසට උපදෙස්‌ දෙනු ලැබීය.

මෙම වැඩසටහන (යූ.එන්.ඩී.සී.) ආයතනයේ අනුග්‍රහයෙන් පැවැත්වූ අතර, අනුරාධපුර කාන්තා පිහිට මධ්‍යස්‌ථානයේ භාරකාරිනිය වන ආර්.පී.එස්‌. කුමාරි හේරත් මහත්මිය ඇතුළු කාර්ය මණ්‌ඩලය මෙය සංවිධානය කර තිබිණි

ඇමරිකාවේ නිල් චිත්‍රපට සමාගම තෙක් දුර ගිය ශනුද්‍රිගේ අමුතු නර්තනයේ ජායාරූපය මෙන්න

ශනුද්‍රි ප්‍රියසාද් වර්ථමාන පරපුරේ ජනප්‍රිය නිළියක්. පසුගියදා රූපවාහිනි රියලිටි වැඩසටහනක් අතරතුර ඇයගේ සරාගී නර්තන ඉරියව් කිහිපයක්ම කැමරාවට හසුවී තිබුනු අතර එයින් එක් ජායාරූපයක් මේ වන විට අන්තර්ජාලයේ ඉතා වේගයෙන් සංසරණය වනවා.

සහායක නර්තන ශිල්පියා විසින් ශනුද්‍රිගේ බඳ පෙදෙස අල්ලාගෙන සිටින ජායාරූපයක් වන එය ලෝක ප්‍රකට ඇමරිකානු නිල් චිත්‍රපටයක ලාංජනයද සමඟ අන්තර්ජාලය පුරා හුවමාරු වෙමින් තිබේ.

බොහෝ පිරිසක් එම ජායාරූපයට සිය අදහස් පලකර ඇති අතර ඒ අතරින් බොහෝ දෙනෙකු ශනුද්‍රිට දැඩි ප්‍රියතාවයක් දක්වන බව තහවුරු වනවා.