ලංකාවේ තියන සුපිරිම බස් එකම තැනකින් බලාහිටපු අය පිස්සුවට්ටමින් පිස්සෝ වගේ පාරේ වැඩදාගෙන ගියපු roadshow එක මෙන්න

ලංකාවේ තියන සුපිරිම බස් එකම තැනකින් බලාහිටපු අය පිස්සුවට්ටමින් පිස්සෝ වගේ පාරේ වැඩදාගෙන ගියපු roadshow එක මෙන්න

ලංකාවම පිස්සුවට්ටපු ඒ සුපිරිම වාහන ටික මෙන්න ඔබත් බලන්න පහතින්

බස් එක මොඩිෆයි කරලා පහසුකම් එකතු කරන්න ලක්ෂ 18ක් විතර වියදම් වුණා දම්රජින ගැන අයිතිකරු කියපු දේ මෙන්න

පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් ලෙස සෙසු බස් රථ වලට වඩා පෙනුමෙන් මෙන්ම පහසුකම් වලින්ද වෙනස් බස් රථයක් පිළිබදව පසුගිය දිනවල කතාබහට ලක්වුණා.  “දම් රැජිණ” නමින් හැදින්වෙන මෙම බස් රථය පිටත මෙන්ම ඇතුලද වෙනත් බස් රථයකට වඩා විශේෂ පහසුකම් වලින් යුක්ත වුණා. කෙසේ වෙතත් “දම් රැජිණ” බස් රථයට නියෝග කර තිබෙන අධිකරණ නියෝගයක් පිළිබදව නෙත් ගොසිප් අප හෙළිකල අතර ඉන්පසුව එය සමාජයේ අතිශය කතාබහට ලක්වුණා.

ඒ බස් රථයට එක් කර තිබෙන  “ඉදිරිපස පිටුපස ස්ටිකර් , ටින්ටඩ්,කන්නාඩ් ආම්,ඇතුලත පිටත ලයිට්,ප්ලග් පොයිට්,ටිව්,කුල් බොක්ස්,වොටර් ඩිස්පෙන්සර් ඇතුලු තවත් දේ”  ගලවා නැවත අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

මේ පිළිබදව විමසීමට නෙත් ගොසිප් අප දම් රැජිණ බස් රථයේ හිමිකරු එස්.පී.ජේ විජේසිංහ  සම්බන්ධ කර ගත්තා , එහිදි ඔහු අප සමග කීවේ මෙවැනි කතාවක්.

” අධිකරණ නියෝගයක් ඇවිත් තියෙනවා බස් එකේ ෆෝන් චාර්ජර් , ඩිස්පෙන්සර් වගේ දේවල් ඉවත් කරන්න , මේක කරන්න අපිට මාස දෙකක කාලයක් දීලා තියෙනවා, අපි රටේ නිතීයට ගරු කරන මිනිස්සු හැටියට අපි උසාවි නියෝගය පිළිගන්නවා , මේ රටේ නිතීයෙ හැටියට බස් එකක් දුවන්න ඕන එන විදියටමයි , අමතර දේවල් එක්කරන්න මොඩිෆයි කරන්න තහනම්”

” බස් එක මොඩිෆයි කරලා පහසුකම් එකතු කරන්න ලක්ෂ 18ක් විතර වියදම් වුණා. ඒ සල්ලි මගේ අතින් දරා ගත්තා, කිසිම වෙලාවක මගීන් ගෙන් සාමාන්‍ය ගමන් ගාස්තුවට වඩා රුපියලක්වත් වැඩිපුර ගත්තේ නෑ, කොළඹ ඉදන් එද්දි බැස්ටියන් මාවතෙන් එළියට එද්දි කෙසෙල්වත්ත පොලිසීයෙන් බස් එක අල්ලලා මේවා ගලවන්න කියලා උසාවියට දාලා තිබුණා”

” අපිට ලැබුණු තීරණය රටේ ප්‍රසිද්ධ වෙලා තියෙනවා , බස් එකේ යන මගීන් විතරක් නෙවෙයි රටේම මිනිස්සු අපි වෙනුවෙන් කතා කරලා තිබුණා, නමුත් අපි මේ තීරණය පිළිගන්නවා , ලගදීම බස් එකෙ හැමදෙයක්ම ගලවලා අපි බස් එක උසාවියට දානවා. අපි වෙනුවෙන් කතා කරපු නෙත් ගොසිප් වෙබ් අඩවියටත් ස්තූතියි”

 

දුප්පත්කමට මන්දපෝෂණයෙන් මිදෙන්න පාන් කෑල්ලට ක්‍රිකට් ගහපු ක්‍රිස් ගේල්ගේ ඔබ නොදත් ඔහුගේ ජිවිත කතාව මෙන්න

පාන් කෑල්ලට ක්‍රිකට් ගහපු ක්‍රිස් ගේල්ගේ ඔබ නොදත් කතාව මන්දපෝෂණය හැදිලා තිබ්බත් ඔහු හොදින් ක්‍රීඩා කළා එමනිසා අද ඔහු ලෝකේ හොදම තැනක සිටිනවා

මේ ඔහුගේ දුක්බර ජිවිත කතාවයි කවදාවත් ඔබ නොඇසූ මේ දේ එකපාරක් අහලා බලන්න ජිවිතේ ජයගන්න ඔබටත් මේක වැදගත් වේවි

අපේ දරුවන්ට අනාගතයක් තිබිය යුතුයි හැකි ඉක්මනින් මේ රටින් පිටවෙන්නයි මට ඕනි ලංකාව එපා වුන රොෂාන් රවින්ද්‍ර රට හැර යයි

පුංචි තිරයෙන් සිය රංගන පෞරුෂය විදහා දක්වන නව පරපුරේ දක්ෂ රංගන ශිල්පියෙක් තමයි රොෂාන් රවීන්ද්‍ර කියන්නේ. මේ දිනවල විකාශය වන සහෝදරයා ටෙලි නාටයේ රවින්ද්‍ර අති දක්ෂ රංගනයක නිරත වෙනවා. සහෝදරයා නිසා රවින්ද්‍රට ලැබෙන ප්‍රතිචාර මේ දින වල සිදුවන වැඩකටයුතු ගැන රවින්ද්‍ර කියන්නේ මේ විදිහටයි…

කොහොමද ජීවිතේ?

ජීවිතේ සරලයි. මේ අවුරුද්දෙ නම් තවම වැඩ කරන්න භාරගත්තෙත් නෑ. නිර්මාණයත් අධ්‍යක්ෂණය කරන්න බලා‍පොරොත්තුවක් තියෙනවා මේ වසරේදී. ඒවගේම හැකි ඉක්මනින් මේ රටින් පිටවෙන්නයි මට ඕනි.
ඇයි එහෙම තීරණයක් ගන්න හිතුවේ.

අපේ වෘත්තිය රංගනය ඉතින් ඒ වෘත්තියට ගරුත්වයක්, වටිනාකමක්, පිළිගැනීමක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනි. නමුත් ලාංකීය කලාකරුවට වඩා ඉන්දීය හෝ වෙන යම් විදේශීය කලාකරුවන්ට මුල් තැනදීලා මේ අපේ පිරිසට වෙන අසාධාරණය ගැන ඇත්තටම කලකිරීමෙන් මම ඉන්නේ. ඉතින් අපේ දරුවන්ට අනාගතයක් තිබිය යුතුයි. ඒ නිසාම නුදුරේදීම ඒතීරණය මට ගන්න සිදුවේවි.

කලාව ගැන කලකිරීමක් ද ඔබට තියෙන්නේ.?

කලාව ගැන මට කවදාවත් කලකිරීමක් ඇති වෙලා නෑ. මේ පවතින ඉන්දීය රැල්ලත් එක්ක අපේ කලාකරුවාට පවතින්න අවකාශයක් නිර්මාණය නොවීමයි මට තියෙන ගැටලුව. නිහඬව සිටින බලධරයින්ගේ හඬ අවධි කරලා කලාව වෙනුවෙන් හඬක් නැගිය යුතු මොහොතකයි අපි මේ ඉන්නේ.

මේ දිනවල විකාශය වන සහෝදරයා ටෙලි නාට්‍ය ගැනත් කතා කරමු.

‘සහෝදරයා’ කියන්නේ මිනිස්සු වගේම කලාකරුවො හැටියට අපි ලබපු ජයග්‍රහණයක ප්‍රතිඵලයක්. මොකද මේ නාට්‍ය ජාතික නාළිකාවක විකාශය වීමම ලොකු ජයක් හැටියටයි මම දකින්නේ. හරසුන් ටෙලි නාට්‍ය කලාවෙන් එහාට ගිහින් අතිශයෝක්තියෙන් තොරව ස්වාභාවිකවම මිනිස් හදවත ස්පර්ශ කරන්න තරම් සමත්වුණු සාර්ථක නිර්මාණයක් හැටියටයි ‘සහෝදරයා’ ගැන මගේ කියැවීම වෙන්නේ.

ටෙලි නාට්‍යයට ලැබෙන ප්‍රතිචාර ගැනත් කතා කරමු

ඇත්තටම ගොඩක් හොඳ මට්ටමේ ප්‍රතිචාර ලැබෙනවා. දැනට අවුරුද්දකට විතර කලිනුයි මම මෙහි වැඩ කළේ. ඉතින් කාලීන අවශ්‍යතාවක් හැටියට සහෝදරයාට ලැබෙන ඒ ප්‍රතිචාර ගැන මට තියෙන්නේ සුබවාදී ආකල්පයක්.

සහෝදරයා හි ඔබේ චරිතය ගැනත් යමක් කියන්න ඇති?

ඒ චරිතය අස්වාභාවික චරිතයක් ‍නෙවෙයි. එදිනෙදා ජීවිතේ අපට හමුවෙන චරිතයකටයි මම රංගනය ලබා දෙන්නේ. මගේ කලා ජීවිතේ මතෛක් ලබපු හැම අත්දැකීමකම ගැබ්වෙලා තිබුණු සාරය එකතු කරලයි මම ඒ චරිතෙට පණ දෙන්නේ. ඉතින් මතෛක් කරපු සහ මට ලැබුණු චරිත අතරින් මට ලැබුණු වටිනාම අවස්ථාවක් තමයි සහෝදරයො. නාමල් ජයසිංහ සහෝදරයටත් මම ස්තුති වන්ත වෙනවා මට අවස්ථාව ලබාදීම පිළිබඳව.

ඇයි දැන් ඔබ වැඩිය දකින්න නැත්තේ?

අපිට අපේ කලාත්මක හැකියාවන් ප්‍රේක්ෂකයින්ට ලබාදෙන්න තරම් අවස්ථා මේ රටේ දැන් ඉතුරුවෙලා නෑ. ඒ අසාධාරණය නිසා කලාකරුවා හොඳ නිර්මාණකරණයන්ට යොමුවීමත් දකින්න ලැබෙන්නෙත් නෑ. අපේ කලාකරුවා රැකගන්න නම් විදේශයට ආවඩන්නේ නැතුව දේශීය කලාකරුවා අගයන්න ඔහුට ඒ අවස්ථාව ලබාදෙන්න. එතකොට අපිත් නිතරම විශිෂ්ට නිර්මාණ හරහා දැකගන්න හැකියාව ලැබේවි.

ඔබ කොහොමද චරිතයක් තෝරාගන්නේ?

මේ පවතින තත්ත්වය අනුව අපිට චරිත තෝරාගන්න තරම් දැන් අවස්ථා ඉතිරිවෙලා නෑ. මම ආර්ථික වාසිය ගැන හිතලා චරිත තෝරාගන්න කෙනෙක් ‍නෙවෙයි. ඒ නිසාම ඒක මගේ අර්ථිකයටත් ලොකු පහරක්. හැබැයි එහෙමයි කියලා නැවත ආපස්සට යන්නත් මට බෑ. දිගටම මේ අවාසනාවන්ත තත්ත්වයම තිබුණොත් රටට වටිනා කලාකරුවන් රැසක් අහිමිවී යාම නොවැළැක්විය හැකි වේවි.

රොෂාන් රවීන්ද්‍ර කියන නළුවව ඔබ කොහොමද දකින්නේ?

ඇත්තටම අනුකම්පා හිතෙනවා. සමස්ත කලාකරුවා ගැනම මට ‘පව්’ කියලා තමයි හිතෙන්නේ. අපේ රඟපෑම දැකලා ප්‍රේක්ෂකයෝ අපිව තක්සේරු කළාට ඒ කලාකරුවාගේ ජීවිතය ගැන දකින්නේ ඒ කලාකරුවම විතරයි.

ඔබ කියන විදියට කලාකරුවාට වන අසාධාරණයට ඔබ ළඟ තියෙන විසඳුම මොකක්ද?

රටේ තීන්දු තීරණ ගන්න යාන්ත්‍රණයක් තියෙනවා. එතැනදී බලධරයින් කලාකරුවාව රූකඩ හැටියට තම වාසිය උදෙසායි පාවිච්චි කරන්නේ. රටේ සමස්තයම පිරිහිලා තියෙන තත්ත්වයක කලාව විතරක් පිරිහෙන්න බෑ කියලා අපි කොහොමද හිතන්නේ. ඉතින් අදාළ බලධාරීන්ගෙනුත් විසඳුමක් එන්න ඕනි.

පෞද්ගලික ජීවිතේ විස්තර ගැනත් කතා කරමු.

මම විවාහවෙලා මේ වෙනකොට අවුරුදු 12ක් 13කට ආසන්නයි. අපේ පුතාට අවුරුදු 12යි. දුවට අවුරුදු 10යි. ඉතින් මොන ප්‍රශ්න කොයි විදිහට ආවත් අපි සතුටින් ජීවත් වෙනවා.

ඔබට තියෙන රංගන පරාසය ගැන මොකද හිතෙන්නේ?

ඒක මම මගේ මේ විෂය වෙනුවෙන් වුණු මහන්සියේ ප්‍රතිඵලයක්. එහෙම නැතුව කෙනෙක් කියනවා නම් ඒක වාසනාව හෝ දෙවියන්ගෙන් ලැබුණු දෙයක් කියලා. මම කියන්නේ නෑ ඒක එහෙම ‍නෙවෙයි මගේ මහන්සියේ කැපවීමේ මේ විෂය වෙනුවෙන් කරපු ඒ හැදෑරීම්වල ප්‍රතිඵලය තමයි මගේ මේ හැකියාව. මගේ රංගන පරාසය.

අද වෙනකන් ආපු ගමන ගැන මොකද හිතෙන්නේ?

ආපු ගමන ගැන මට සතුටුයි. මම තෝරාගත්ත චරිත මට ලැබුණු අවස්ථා අද මම ඉන්න තැනට අවශ්‍ය වටපිටාව සකසා ගන්න ආකාරය මේ සමස්තයම ගැන මට සතුටු වෙන්න පුළුවන්.

විදේශීය ටෙලි නාට්‍ය රැල්ලට අභියෝග කරන්න තරම් හොඳ නිර්මාණ දැන් රටේ බිහිවෙනව ද?

නිර්මාණයක් බිහිවෙන්න නම් අවශ්‍ය ඉඩකඩ නිර්මාණය විය යුතුයි. ඕනිම රටක කලාව ගැන දේශීයත්වයට මුල්තැන දුන්නු ප්‍රතිපත්තියක් තියෙනවා.

අපේ රටෙත් එහෙම තීන්දු තීරණ ගත යුතු කාලයක් දැන් එළැඹිලා තියෙන්නේ. ටෙලි නාට්‍ය අභාවය ගැන කතා කරන පිරිසට මම දුන්නු විසඳුම තමයි මේ පවතින විදේශීය රැල්ල අයින් කරලා මෙගා රැල්ලත් අයින් කරලා කොටස් 50කට පමණ සීමාවුණු නිර්මාණ බිහිවුණොත් වසරක් නැත්නම් දෙකක් තුළදී අපිට මේ ක්ෂේත්‍රයේ සැබෑ වර්ධනයක් දැක ගන්න හැකියාව ලැබෙයි කියන කාරණය.

ඉතින් කලාකරුවෙක් හැටියට අපි කියන දේවල් ගාණකටවත් ගන්නේ නැතුව මෙගා රැල්ලට අහුවෙලා පස්සේ දේශපාලන අත‍පොවලා දැන් කලාවේ අඩුපාඩු හොයන්න ඒක නම් මම කිසිසේත්ම අනුමත කරන්නේ නෑ.

මොනවද ඉදිරි වැඩ කටයුතු?

සිනමා හෝ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයෙන් අධ්‍යක්ෂවරයෙක් හැටියට ඉස්සරහට ඒමයි මගේ ඉදිරි බලා‍පොරොත්තුව. නමුත් ඉදිරියේදී වාතාවරණය අනුවයි අපිට අපේ අරමුණු ගැන තීන්දු තීරණ ගන්න වෙන්නේ. ඉතින් මට මගේ දරුවෝ දෙන්නගේ අනාගතේ ගැන හිතන්න ඕනි. ඒ නිසාම මේ වසරේ අවසානය වෙනකොට රටින් පිටවෙන්න තීරණයක් ගන්න වෙයි. බලමු ඉතින් කැමැත්තකින් ‍නෙවෙයි ඒ තීරණය ගන්නේ. වෙන කිසිවක් නොකර බැරිකමට. පක්ෂ පාට දේශපාලනයක් මං ළඟ නෑ. හරි දේ වෙනුවෙන් සාධාරණය වෙනුවෙනුයි මම යමක් කියනව නම් කියන්නේ.

මේ හැකියාව නම් ඔබ පිස්සු වට්ටනවා අනිවාර්යෙන්ම ලෝකයම මවිත කල මේ වීඩියෝව නම් දෙපාරක් බලනවා අනිවා

මේ දිනවල ඉතා ජනප්‍රිය ගයන තරගාවලියක් තමයි Junior Superstar කියන්නේ. ඔන්න දැන් නම් තරගය ගොඩක්ම තිරනත්මනකයි. මේ 12 අතරේ තියන තරග බිමට පැමිණෙන තරගකරුවන් අතරේ අදිප කියන්නේ දෑස් නොපෙනෙන එකම තරගකරු ලෙස තරග බිමට ආ ඔහු ඉතාම හොදින් මේ පාරත් ගයන බිමට අවා.

මෙන්න බලන්නකෝ මේ පර අදිප කියපු ගීතය. ඉතාම ලසනයි. ඔබගේ අදහස් අපට කියන්න. යාලුවන්ටත් බලන්න ෂෙයාර් කරන්න.

තරාදියෙන් බඩු කිරණ මේ කෙනා කරන දේ හොදට බලන්න මෙහෙමත් ජරා මිනිස්සු ඉන්නවද කියල හිතෙනවා

ඔබත් කඩයකට ගිහින් බඩු ගන්නවා නේද. මේ වගේ කඩයකින් නම් ගන්න එපා. බලන්න හොදින් මේ තරාදියෙන් බඩු කිරණ කෙනා කරන දේ… ඇත්තටම මේ දේ වෙන්නේ කඩයේ අයිතිකාරයාගේ දැනුවත් වීම තුලින් වෙන්න්න ඕනේ..

ඔබත් කඩයකට ගොස් බඩු ගන්නවා නම් අනිවාර්යෙන්ම කල්පනාකාරී වෙන්න. මෙහෙම පුද්ගලයන් ඔබටත් මුණගැසෙන්න පුළුවන් වේවි. ඒ නිසා කල්පනාකාරීව තමන් දෙන මුදලට හරි ගානට බඩු ගන්න ඔබ හිතන්න

මිය ගිය බිරිඳට පණවගේ ආදරේ කරපු සැමියෙක් කියන සංවේදී කතාවක් මෙන්න සංවේදී අය බලන්න එපා හමොගේම හිතට වදින කතාවක්

කොහොම හරි අපි උන්නා
ඉතින් ඇයි මේ මටත් කලියෙන්
ගිහින් නෑ හිත වාවන්නා
ඇස්වලට කලියෙන් මැණික මගෙ
කඳුළු ඉස්සර වෙන්නා ………..

උඹේ ඇස්දෙක වගේ රැකගත්
දරුවනුත් මට දීලා
හැමදාම මම අහන් වුන් ඒ
හදගැස්ම නැවතීලා
අඬන්නද මම තරහ වෙන්නද
කියපන්නො නැගිටීලා
පෙරුම් පිරුවද උඹ මට කලින්
යන්න සුදු වතින් සැරසීලා …………..

කපන කපනා පිහි තුඩක් ගානේ
උඹට නොව රිදුනේ මටයිනේ
අමතකව ගිය මට දැනුන් නැති
වැරදි මහ ගොඩයිනේ
මමයි දරුවොයි සනසාපු උඹෙ
මුවකමල මම සිඹින්නේ
උඹ ඉතින් යන්නම ගිහිල්ලනෙ
මගේ හිතටයි රිදෙන්නේ …………

මියෙන මියඳුනු මතක අතරේ
තවම මම සැරිසරනවා
උඹ නමට මම තැනූ මාලිග
තවම මේ හිතෙ තියනවා
තේරුණානම් උඹ යනෙන වග
නුඹට මම පන පුදනවා
උඹේ මතකය හිත දරාගෙන
මගෙ මැරුණ හද ගැ⁣හෙනවා ……….

අන්තර්ජාලයෙන් උපුටා ගැනීමකි..

දරුවන් දෙදෙනා තුරුළු කරගෙන සුපිරි ගායිකා ශෂිකා නිසංසලා සිය දසවන විවාහ සංවත්සරය සැමරුව හැටි මෙන්න

ශෂිකා නිසංසලා කියන්නේ දැනට ලංකාවේ සිටින ඉතාමත් දක්ෂ ගායිකාවක්. රසික රසිකාවියන් විශාල පිරිසකගේ ආදරය දිනාගෙන සිටින ශෂිකා නිසංසලා අද සිය විවාහ සංවත්සරය සමරුවා. මේ ඇයගේ දසවන විවාහ සංවත්සරයයි ඇය 2008 වසරේ ජනවාරි 28 වන දින යුග දිවියට පිවිසියා.

ඒ අනුව ඇය 2018 ජනවාරි 28 එනම් අද දින සිය සංවත්සරය සමරුවා. විවාහ සංවත්සරය නිමිත්තෙන් දරුවන් දෙදෙනා සහ සිය ආදරණිය සැමියා සමඟ ඇය ලස්සන ඡායාරුප පෙළක් ගෙන තිබුනා මෙන්න බලන්නකෝ ඒ ලස්සන ඡායාරුප පෙළ

කොළඹ මහනගර සභාවට මෙවර ඉදිරිපත්වුණු හිටපු ඇමතිනි රෝසි සේනානායක මහත්මිය හදිසි අනතුරකින් රෝහල් ගතකරයි

මැතිවරණ ප්‍රචාරණ කටයුත්තක් අතරතුර වැල්ලවත්ත කෝකිලාපුරදී හදිසි අනතුරකට ලක් වූ හිටපු ඇමැති රෝසි සේනානායක මහත්මිය කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළු කර ඇතැයි ආරංචි මාර්ග කියයි.

එක්සත්  ජාතික පක්ෂයේ කොළඹ නගරාධිපති ධුර අපේකෂිකාව රෝසි සේනානායක මහත්මියයි.

අනතුරෙන් ඇගේ පාදයේ සුළු ආබාධයක් ඇති වී ඇතැයි දැනගන්නට තිබේ.

 

ප්‍රවීන සිනමාවේදී ධර්මසේන පතිරාජ සිය ජිවිත සිනමාවට සමුදෙයි අපිත් ඒ විශිෂ්ට කලාකරුවාට නිවන් සුව පතමු

සම්මානලාභී ප්‍රවීන සිනමාවේදී ධර්මසේන පතිරාජ වයස අවුරුදු 74 ක්ව සිටියදී ඊයේ රාත්‍රියේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඔහු මහනුවර පෞද්ගලික රෝහලකදී මෙලෙස අභාවප්‍රාප්ත වූ බවයි පවුලේ සාමාජිකයෙකු සඳහන් කළේ. සිංහල සිනමාවේ පෙරළිකාර යුගය නියෝජනය කළ ධර්මසේන පතිරාජ සතුරෝ කෙටි චිත්‍රපටයෙන් සිනමාවට පිවිස අහස් ගව්ව තුළින් එහි සිය සළකුණ සනිටුහන් කිරීමට සමත්වුණා.

1975 වසරේදී ඔහු නිර්මාණය කළ එයා දැන් ලොකු ළමයෙක් චිත්‍රපටයට 9 වන මොස්කව් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී සම්මාන හිමිවූ අතර, කීර්තිමත් වැනිස් චිත්‍රපට උළෙලේදීද ප්‍රදර්ශනය කෙරුණා.

ඔහුගේ බඹරු ඇවිත් චිත්‍රපටයද මොස්කව්, වැනිස් සහ ලොස් ඇන්ජලිස් සිනමා උළෙලවලදී ප්‍රසාදයට ලක්වූ අතර, ඊට ජනාධිපති සම්මාන ද හිමිවීම විශේෂත්වයක්. මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන ධර්මසේන පතිරාජ ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයෙන් බෙංගාලි සිනමාව පිළිබඳ ආචාර්ය උපාධියක්ද හිමිකරගෙන තිබෙනවා.