විදෙස් කාන්තාවකට අතවර කලැයි චෝදනා ධනුෂ්ක ගුණතිලක පොලිස් අත්අඩංගුවට පත්වෙයි ?

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ පිතිකරු ධනුෂ්ක ගුණතිලක පොලිස් අත්අඩංගුවට පත් වනු ඇති බව වාර්තා වෙයි.

විදෙශීය කාන්තාවන් දෙදෙනෙකු විසින් කටුනායක ගුවන්තොටුපල පොලීසියට කර ඇති පැමිණිල්ලක් අනුව මේ වන විටත් ඔහුගේ මිතුරෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

එම මිතුරා විසින් මෙහලි කර ඇති කරුණු අනුව විදේශීය කාන්තාවට අතවර කිරීමට ධන්ෂ්ක ගුණතිලකද සම්බන්ධ වී ඇති අතර ඒ අනුව ඔහුද අත්අඩංගවට ගනු ඇති බව වාර්තා වෙයි.

ධනුෂ්ක ගුණතිලකට මේ වන විට විනය පරික්‍ෂණයක් ආරම්භ කර ඇති ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය ඔහුට ජාත්‍යන්තර තරග තහනමක්ද පනවා ඇත.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *