ජනපති හමුවීමේ අවස්ථාව අහිමිවුන ආබාධිත රණවිරුවා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හමුවෙයි

තිස් වසරක කුරිරු යුද්ධය නිමාකරමින් රටට සාමය ලබා දුන් රණවිරුන්ට ශ්‍රී ලාංකීය සමාජයෙන් ඉහල ගෞරවයක් හිමි වනවා. කෙසේ නමුත් වර්තමානයේදී  විවිධ යුධ අපරාධ චෝදනා මත රණවිරුවන් සිරගත කර ඇති බව සියළු දෙනාම දන්නා කරුණක් මෙලෙස සිරගත කර සිටින රණවිරුවෙකු වෙනුවෙන් හමුදා ක්‍රියාන්විතයේදී ආබාධයට ලක්වූ රණවිරුවෙකු  රුවන්වැලි සෑයේ සිට කතරගම කිරිවෙහෙර දක්වා පා ගමනින් ගොස් ජනතාව දැනුවත් කරන රණවිරුවෙකු ගැන පසුගියදා අපි  වාර්තා කලා.

මෙම අබාධිත රණවිරුවා අනුරාධපුර රුවන්වැලි සෑය අසල සිට  කතරගම කිරි වෙහෙර දක්වා ගමන් කරන අතරතුරේ ජනාධිපතිවරයා හමුවීමට අවස්ථාවක් ඉල්ලා තිබුණද එම අවස්ථාව ලබා නොදුන් බව ඔහු සඳහන් සඳහන් කරනවා. කෙසේ නමුත් එම රණවිරුවා අද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමු වී තිබෙනවා.

සුනිල් රත්නායක ඇතුළු සිරගත කල රණවිරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා යන ගමන අතරමඟයි මෙම රණවිරුවා තංගල්ල කාල්ටන් නිවසේදී මහින්ද රාජපක්ෂ මහතා මුණගැසී තිබුණේ.

එම අවස්ථාවේ ඡායාරූප පහතින්.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *