Get Adobe Flash player
 

On Line TV

Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner

News Papers

ada derana.jpg mirror.jpg
div-head.jpg enews
ethalaya.jpg Lanka.jpg
irudin-head.jpg Is-head.jpg
lakb-head.jpg laknews-head.jpg
Lanka.jpg lankad-head.jpg
lankapeg.jpg morninglead-head.jpg
mirror.jpg natio-head.jpg
navali-head.jpg rava-head.jpg
rivir-head.jpg silu-head.jpg
so-head.jpg tamilmirror.jpg
times-head.jpg vidusa-head.jpg
vimasuma
cdn-head.jpg bottomlin-head.jpg
siyath-head.jpg newsfirst.jpg
 
 

Login Form

free counters
 
Banner
Banner
Banner
Banner
Banner
Banner

බීමතින් රිය පදවන කතුන්ට දැඩි දඬුවම්

ස්තී‍්‍ර පුරුෂ භේදයකින් තොරව අධික බීමතින් රිය පදවන කාන්තාවන් පිළිබඳව දැඩි ක‍්‍රියාමාර්ග ගැනීමේ වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කිරීමට පොලීසිය තීරණය කර තිබේ.

පසුගියදා හැවුලොක් පාරේ ජලනල අලූත් වැඩියාවේ යෙදී සිටි ජලනල කාර්මිකයන් දෙදෙනෙකු ව්‍යාපාරික කාන්තාවක් විසින් අධික ලෙස බීමත්ව රිය පදවමින් සිටියදී අනතුරට ලක් කිරීමත් සමඟ පොලීසිය විසින් මෙම පියවර ගෙන තිබේ.

මේ සමඟම කොළඹ සහ අවට ප‍්‍රදේශවල රාත‍්‍රී සමාජශාලාවලට ගොස් බීමතින් රිය පදවන කාන්තාවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කාන්තාවන්ගේද සහාය මත නීතියතදින් ක‍්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක අජිත් රෝහන මහතා කියා සිටී.

 

ඉරානයට පහරදීමට ඇමරිකාව සූදානම් – ඔබාමා

නොවැලැක්විය හැකි තත්වයක් යටතේ ඉරානයට එරෙහිව හමුදාමය පියවරක් ගැනීමට පසුබට නොවන බව ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා පවසයි. ඔහු මෙසේ පවසා ඇත්තේ ඊශ‍්‍රායල රාජ්‍ය තාන්ත‍්‍රික නිලධාරීන් පිරිසක් සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

කෙසේ වුවත් තමන් පළමුවෙන්ම ඉරානය සමග රාජතාන්ත‍්‍රික ක‍්‍රමවේදයන් ඔස්සේ ගැටළු විසදා ගැනීමට උත්සාහ දරණ බවද ඇමරිකානු ජනාධිපතිවරයා පවසා තිබේ.

ඇමරිකානු ජනාධිපතිවරයාගේ මෙම ප‍්‍රකාශය ඉරානයට හමුදාමය ප‍්‍රහාරයක් එල්ල කළ යුතු බවට දැඩි ස්ථාවරයක සිටින ඊශ‍්‍රායලයට උත්තේජනයක් සපයනු ඇති බව විදෙස් වාර්තා කියා සිටී.

ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා සහ ඊශ‍්‍රායල අග‍්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු අද දිනයේ මේ සම්බන්ධව සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවද එම වාර්තා සඳහන් කරයි.

 

උගත් පාඩම් වාර්තාව ගැන මානව හිමිකම් කොමිසම විවාද ඉල්ලීම ශ‍්‍රී ලංකාව ප‍්‍රතික්ෂේප කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ප‍්‍රතිසන්ධාන වාර්තාව ගැන විවාදයක් ඉල්ලීම ශ‍්‍රී ලංකාව තරයේ ප‍්‍රතික්ෂේප කර තිබේ. එවැනි ඉල්ලීමක් සිදුකිරිමට කොමිසමට නොහැකි බව ශ‍්‍රී ලංකා තානාපතිනිය තමරා කූනනායගම් මහත්මිය කියා සිටී.

උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධානය පිලිබද ජනාධිපති කොමිසම් සභා වාර්තාව පිලිබද විවාදයක් අවශ්‍ය බව ජගත් මානව හිමිකම් පිලිබද මහ කොමසාරිස් නවනීදන් පිල්ලෙයි පවසා තිබේ. එවැනි ඉල්ලීමක් සදහා ඇයට බලයක් නොමැති බව ජිනිවා සමුළුවේදී ශ‍්‍රී ලංකා තානාපතිනිය පෙන්වා දී ඇත.

ජගත් මානව හිමිකම් කවුසිලය පිහිටුවා ගෙන ඇත්තේ ඊට පෙර පැවති කවුන්සිලයේ දෙබිඩි පිළිවෙතට හා පක්ෂග‍්‍රාහීත්වයට විසදුමක් වශයෙන් බවත් දේශිය වශයෙන් ශ‍්‍රී ලංකාවේදී ක‍්‍රියාත්මක වීමට නියමිත ක‍්‍රියාවලියක නිර්දේශ සම්බන්ධයෙන් කවුන්සිලයේදී විවාදයක් ඉල්ලා සිටිම වැරදි පුර්වාදර්ශයක් බවද පෙන්වා දී ඇති තමරා කුනනායගම් මහත්මිය ප‍්‍රතිසන්ධාන වාර්තාව හා දරුස්මාන් වාර්තාව සංසන්දනයට පසුගියදා නවනීදන් පිල්ලෙයි ගත් උත්සාහය ද දෝෂදර්ශනයට ලක් කර තිබේ.

 


ඇන්ටනී‍ගේ ඝාතනය රදගුරු මණ්ඩලයෙන් හෙලාදකියි

ඉන්ධන මිල ඉහළ නැංවු අවස්ථාවේ පැවති විරෝධතාවක් අතරතුර සිදුවු ඇන්ටනි ප්‍රනාන්දු යන තරුණයාගේ මරණය ශ්‍රී ලංකා කතෝලික රදගුරු මණ්ඩලය දැඩි ලෙස හෙලා දැක තිබේ.

ඇන්ටනී‍ගේ ඝාතනය රදගුරු මණ්ඩලයෙන් හෙලාදකියි

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා කතෝලික රදගුරු මණ්ඩලයේ මහලේකම් අති උතුම් නෝබට් අන්ද්‍රාදි රදගුරු හිමිපාණන් පවසන්නේ එම මරණය පිළිබඳ තම මණ්ඩලය බලවත් කනගාටුව පල කරන බවයි.

මැනිය නොහැකි ජීවිතයක වටිනාකම කිසිදු තැකීමකින් තොරව සිදුකරන මෙවැනි ක්‍රියා හේතුවෙන් අහිමි වී යාම ඉදිරියේ දී සිදුනොවීමට වගබලා ගත යුතු බව කතෝලික රදගුරු මණ්ඩලය එයින් අවධාරණය කර තිබේ.

 

පුංචි ස්වස්තිකා තාමත් නෑ

පුංචි ස්වස්තිකා තාමත් නෑ

(අතුරුදහන්ව ඇති දැරියගේ සත්‍ය ඡායාරූපයකි)



මුන්දලම ප්‍රදේශයේදී පැහැරගනු ලැබූ පෙර පාසල් දැරිය පිළිබඳ මේවන තුරුත් කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැති බව පොලීසිය පවසයි.

ඊයේ දහවල් 12.00 ට පමණ මුන්දලම ප්‍රදේශයේ වයස අවුරුදු තුන හමාරක් පමණ වන පෙර පාසල් දැරියක කිසියම් පුද්ගලයකු විසින් පැහැරගෙන ගොස් තිබිණි.

අදාළ පෙර පාසලේ පාලිකාව පවසා ඇත්තේ වෙනදා දැරිය කැටුව යාමට පැමිණෙන දැරියගේ ආච්චි නොපැමිණි බවත්,ඒ වෙනුවට ආච්චිට අසනීප යයි පවසා දැරියගේ"මාමා"නමින් හඳුන්වාගත් පුද්ගලයකු පැමිණ දැරිය කැටුව ගිය බවත්ය.

කෙසේ වෙතත් එස්.ස්වස්තිකා නමැති මෙම දැරිය මේවන විටත් අතුරුදහන්ව ඇති බවත්,දැරිය සෙවීම සඳහා මුන්දලම පොලීසිය විසින් පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා ඇති බවත් අද දෙරණ වාර්තාකරු සඳහන් කරයි.

මෙම දැරිය කප්පම් ගැනීමක් සඳහා පැහැරගනු ලැබුවේද නැතහොත් පුද්ගලික තරහක් පිරිමසා ගැනීමක් සඳහා පැහැරගනු ලැබුවේද යන්න හෝ මෙවන තෙක් හෝඩුවාවක් ලැබී නැති බව වාර්තා වේ.